Kabali (2016) සිංහල උපසිරැසි සමඟින්


සෑහෙන්න කාලෙකට පස්සේ ආපහු ටැමිල් ෆිල්ම් එකක් අරගෙමෙන්න අවස්ථාව ලැබුනා, ඉංගිරිසි උපරිසිරැසිත් එක්ක කොපිය එනකම් බලන් හිටියට ඊට කලින් හොර කොපිය වැට පැන්නා, ඉතින් මේ උපසිරැසිය අරගෙන එන්න මට උදවු කලේ විශුවල් එකේ අපේ මිත්‍රයා, මේ ටැමිල් ෆිල්ම් හැම එකක්ම වෙනුවෙන් ඔහු ගොඩක් ලොකු සේවයක් කරනවා රූපවාහිණි වල පවා විකාශය වෙන්නේ ඔහු නිර්මාණය කරපු උපසිරැසි ඉතින් අපේ වෙබ් අඩවිය වෙනුවෙන්ම නැවත වතාවක් ඔහුට ස්තූතිවන්ත වෙනවා,

කබාලි, චිත්‍රපටයේ නම කියපු ගමන් දන්නවා මොකද මෑත කාලයේ ඉතා විශාල කතා බහකට ලක් වුන චිත්‍රපටයක් තමා මේක, දකුණු ඉන්දිය සිනමාවේ එදා මෙදා තුර බිහිවූ සුපිරි තරුව රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය කබාලි මෙය රජිනිකාන්ත්ගේ 159වන චිත්‍රපටයයි. මෙය කබාලි උමතුව ලෙසින් තමයි දකුණු ඉන්දියාවෙ හැදින්නුවෙ, හේතුව තමයි කබාලි තිරගතවීම ආරම්භ කරන දිනයේ දකුණු ඉන්දියාවේ ආයතන නිවාඩු දිනයක් බවට පත් කර තිබුනා, ඒවගේම තමන්ගේ ගෙදර වැසිකිළියක් සාදා ගන්නේ නම් කබාලි මුල් දර්ශණය නරබන්න නොමිලේ ටිකට් හතරක් එක පවුලකට ලබා දෙන්න රජය වැඩපිළිවෙලක් පවා ගෙනගියා. ගුවන් යානා වල ලැම්බෝගිණි කාර් වල රජිනිකාන්ත්ගේ රුව සරසා තිබෙනු දක්නට ලැබුනා. මේ වගේ හේතු නිසා තමයි මේඛ කබාලි උමතුව විදියට හැදින්නුවෙ, තිරගතවෙලා තවම දින 13ක් පමණක් ගත වෙලා තිබුනත් කබාලි වාර්තාගත ආදායමක් උපයන්න සමත් වුනා, ඉන්දියාව තුල පමණක් පලමු දිනයේ ඉන්දීය රුපියල් කෝටි 49ක ආදායමක් උපයන්න සමත් වුනා එයත් එකතුව ලොව පුරා ආදායමත් සමඟ පළමු දිනයේ ලබපු සමස්ථ ආදායම රුපියල් කෝරි අනූවකට ආසන්න මුදලක්, එය එදා මෙදා තුර ඉන්දිය චිත්‍රපටයක් පළමු දිනයේ ලබාගත් වැඩිම ආදායම විදියට සටහන් වෙනවා.දැනට ගණනය කර තිබෙන විදියට කබාලි මේ වනවිට රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් උපයාගෙන අවසන්. එමෙන්ම රජිනිකාන්ත් තමන්ගේ සැබෑ වයස විදහා දැක්වෙන විදියට රංගනයේ යෙදෙන පළමු වතාව මේක වීම විශේෂත්වයක්.

කතාව ගැන කිව්වොත් චිත්‍ර‍පටිය පටන් ගන්නේ කබාලි මැලේසියා වල හිර ගෙදරකින් නිදහස් විමෙන්. ඔහු මේ විදියට එලියට එන්නේ අවුරුදු 20ක් දඩුවම් විදලා. හේතුව දමිළ පුද්ගලයන් 40ක් පමණ මරාදැමිම... එහෙම කරන්න උන සිදුවිම මොකක්ද? ඇත්තට කබාලි කියන්නේ මැරයෙක්ද නැත්නම් හොද පුද්ගලයෙක්ද? මේ චිත්‍ර‍පටියේ ඉතින් ලොකු කතාවක් නම් නැහැ. ෆිල්ම් එක ෆේමස් වෙන්න එකම හේතුව රජනී විතරමයි. සමාන්‍ය දමිළ චිත්‍ර‍පටියක්. මේක බලන්න හිටපු අය ඔන්න අරන් බලන්නකෝ.

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.