Me Before You (2016) සිංහල උපසිරැසි සමඟින්

සෑහෙන කාලෙකට පස්සේ ආයිත් වැඩකට අත ගැහුවා. මම හිතන්නේ මතකයේ හැටියට අවුරුදු එකහාමාරකට විතර පස්සෙ තමයි මම මේ උපසිරැසිය ඔයාලට දෙන්න යන්නේ. අපේ හෙඩාගෙන් මේක ගැන ඇහුවහම වැඩේ කරන්න අවසරය ලැබුණා. ඉතිං දැන් කස්ටියට මාව මතකවත් නැතුව ඇති කියලා හිතනවා. කොහොම උනත් රාජකාරී බහුලව තිබුණ නිසා මේ වැඩෙන් ටිකක් ඈත් උනත් සයිට් එක අමතක කරන්න බැහැනේ. ඉතිං ඒක නිසා මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සන සංවේදනීය ආදර කතාවක් තමයි මේ ඔයාලට දෙන්න යන්නේ.

චිත්‍රපටිය ගැන කියනවා නම් මේ අවුරුද්දේ ජුනි මාසේ 03 වෙනිදා තමයි මංගල දර්ශනය ඇමරිකා එක්සත් ජනපදයෙදී තිරගත වෙන්නේ. තිරගත යෙච්ච පළවෙනි සතියෙම ඩොලර් මිලියන 18 ක ආදායමක් උපයා ගෙන තියෙන IMDb දර්ශකයේ 7.6/10 ක අගයක් සටහන් කරගෙන තියෙනවා. මේ සලරුව අධ්‍යක්ෂනය කරන්නේ Thea Sharrock අධ්‍යක්ෂවරියයි. හරි අපි කතාව ගැන පොඩ්ඩක් බලමු. මේක මම කියපු විදිහටම සංවේදී ආදර කතාවක්. විල් ට්‍රේනර් කියන්නේ අනතුරක් නිසා ආබාධයට ලක්උන ධනවත් පුද්ගලයෙක්, ඒ වගේම ලුයිසා ක්ලාක් කියන්නේ තරුණ වියේ පසුවන රැකියාවක් සොයමින් සිටින තරුණියක්. ඇය විසින් රැකියා කිපයකටම කරන ලද අයදුම් කිරීම් ප්‍රතික්ෂේප වීමෙන් පසුව අවසානයේ මෙම ආබාධිත විල්ව බලා ගන්න රැකියාව සදහා මෙයාව තෝර ගන්නවා. එතන ඉදන් ල්‍රයිසාට මුහුණ පාන්න වෙන ගැටළු සහ මේ දෙන්නා අතරේ ආදරයක් ඇති වෙන්නේ කොහොමද? අවසානය කොහොම වෙයිද? කියලා කස්ටියම චිත්‍රපටිය බලලම තීරණය කරන්න කියලා ආරාධනා කරනවා.

තවත් ලස්සන සලරුවක් සමග හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නවා හැමෝටම සුබම සුබ සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා.

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HC - HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


720P 870MB HC HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 870MB HC HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.