Batman Unlimited Mech vs Mutants (2016)


ඔන්න සුපුරුදු පරිදි DC animation එකක් අරගෙන සුම් එකට ගොඩවදින්න හිතුවා. මේක ෆිලුම මිට කලින් දෙන්න තිබුනා කෝ ඉතිං අපේ ඇඩ්මින් දර්ශන අයියා කලින් ඉඳන්ම භාරදීලා තිබුනු වැඩක් ඉවර කරන්න වුනානේ. ඒ වගේම කියන්න ඕනි මගේ ෆිල්ම් වලට අදහස් දක්වන හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා. ඒවගේම ඉල්ලිම් කිපයකුත් ආවා සිංහල සබ් කරලා දෙන්න කියලා. අනිවා වෙලාව තියෙන විදියට ඒ ඉල්ලිම ගැනත් සලකා බලනවා.

හරි දැන් ෆිලුම පැත්තට හැරෙමුකෝ. නම දැක්ක ගමන් කට්ටියට හිතාගන්න පුලුවන්නේ ඉතිං ෆිලුම ගැන නම විදියටම ෆිලුමත් පට්ට. ලාවට නිකං පැසිෆික් රිම් ෆිලුම ගෑවිලා වගේ ගිහින් තියෙනවා. මම එහෙම කිව්වේ ඇයි කියලා කස්ටියට ෆිලුම බලනකොට තෙරෙයි. කතාවේ වෙන්නේ අපේ පෙන්ගුයින් හාදයා, අයිස් විදින මිස්ටර් ෆ්රිස්ව මෝඩයා කරගෙන ගෝතම් අල්ලගන්න හදන විදිය. අපේ බැට්මෑන් කොලුවට මේ පාර තනියම සටන් කරන්න වෙන්නේ නෑ. මොකො බැට්මෑන්ගේ උදව්වට මේ පාර එනවා ඇරෝ, ෆ්ලෑෂ් කොලුවා, නයිට්වින්ග්, ඒවගේම වෙනදා දකින හිතුවක්කාර ඩෙමියන්( බැට්මෑන්ගේ පුතා ) නැතුව ඊට වඩා අවබෝධයෙන් තීරණ ගන්න කෙනෙක්. එයා තමයි රොබින්. IMDB 6.1 අගයක් හිමිකරගන්නත් චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂවරයා වෙන්නේ Curt Geda විසින්.එහෙනම් ඉතිං හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටිය බලන්න. බාගෙන බැලුවටනම් කිසිම පාඩුවක් නැහැ. තවත් චිත්‍රපටියකින් හමුවීමේ බලාපොරොත්තු ඇතුව ගිහින් එන්නම්. හැමෝටම ජයවේවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති WEBRIP සියළුම පිටපත සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

No comments

Powered by Blogger.