Dhanak (2016) Sinhala Subtitles


මේකේ පුර්ව ප්‍ර‍චාරක පටය කලින්ම නරඔපු කෙනෙක් නම් මේ චිත්‍ර‍පටිය එනකම් ඔබ නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඇති. හැබැයි ඔන්න කොපියක් ඇවිල්ලා නම් ටික දවසක්. උපසිරැසි අරන් එන්න තමයි ටිකක් පමාවුනේ. කලින් චිත්‍ර‍පටිය දෙනකොට මං කිව්වා නේ ආපහු හින්දි බලන්න ලැස්ති වෙන්න කියලා. ඔන්න Junooniyat දිලා දවස් දෙකෙන් තවත් චිත්‍ර‍පටියක් අරගෙනම ආවා. අනික මේ වගේ හින්දි ෆිල්ම් කවුරුත් ලබා දෙන්නෙත් නැහැ. ඒ වගේම හැමදාම කියනවා වගේ හින්දි විරෝධි රසිකයන් එහෙමත් මේ වගේ හොද චිත්‍ර‍පටියක් ආවාම නරඔන්න කියලාත් මං ආරාධනා කරනවා.

Nagesh Kukunoor අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ මේ වසරේ ජුනි 17 වැනිදා. මේ චිත්‍ර‍පටිය රචනා කරන්නෙත් ඔහුම තමයි. 8x10 Tasveer චිත්‍ර‍පටියත් මොහුගේ නිර්මාණයක්. තවත් ඔහුගේ චිත්‍ර‍පටි ගණනාවක්ම තියනවා... මෙහි ප්‍ර‍ධාන චරිත ගෙතෙන්නේ ළමා චරිත දෙකක් වටා එයට උපරිම සාධාරණයක් Hetal Gadda,Krrish Chhabria විසින් කර තිබෙනවා. කතාව ගැන කිව්වොත් පරී කියන්නේ අවුරුදු දහයක ගැණු ළමයෙක්. පරී ගේ මල්ලි තමයි චෝටූ කියන්නේ. චෝටු අන්ධයි. චෝටු උපතින්ම අන්ධ නැහැ ඔහුට ලෙඩක් තියෙන්නේ මේකට ප්‍ර‍තිකාර කරන්න ලොකු ගානක් වැය වෙනවා.මේ දෙන්නාගේම අම්මා තාත්තා නැහැ. ඉතින් ඉන්නේ නැන්දා හා මාමා ගාව. ඔවුන් මේ ඔපරේෂන් එකට මුදල් කවදාවත් වියදම් කරන්නේ නැහැ වගේම ඔවුන්ට ඒ තරම් වත්කමක් නැහැ කියලාත් පරී දන්නවා. නමුත් මේ අක්කාගේ එකම බලාපොරොත්තුව චෝටුගේ නමවැනි උපන්දිනයට කලින් එයාගේ පේනිම ලබා දෙන්න. ඒ වගේම පරී කියන්නේ ශාරුක් ඛාන්ගේ ලොකු රසිකයෙක්. දවසක් ඇයට පොස්ටයක් දකින්න ලැබෙනවා . එකේ ඉන්නේ ශාරුක් ඛාන්. ඒ බැනර් එකේ ලියලා තියනවා ''තමන්ගේ ඇස් දන්දෙන්න අනික් කෙනෙක්ට ලෝකය දකින්න කියල'' ඇය මේක දැක්කාම හිතාගන්නවා තමන්ගේ හිතේ ඉන්න විරයා ශාරුක්ට පුලුවන් වේවි කියලා තමන්ගේ මල්ලිගේ ඇස් දෙක සනිප කරලා දෙන්න. ඇය ශාරුක්ට ලියමනයක් යවනවා. මේ අතරම තමයි තමන්ගේ ගමට කිලෝමිටර් 300ක් දුරින් තැනක ශාරුක් ෂුටින් වලට ඇවිල්ලා කියලා ආරංචිය යන්නේ. ලියුම් වලින් ඵලක් උනේ නැති නිසා ඇය යනවා ශාරුක් ඛාන්ව හොයාගෙන මල්ලිත් එක්ක තනියම මේ කිලෝමිටර් තුන්සියම ගෙදරටත් හොරෙන්. මේ දෙන්නාගේ අපුර්ව චාරිකාව තමයි චිත්‍ර‍පටිය පුරාවට ගෙතෙන්නේ. ඒ වගේම සංවේදි අවසානයකුත් තියනවා. මේ අක්කාගෙයි මල්ලිගෙයි ආදරය...එතකොට මේ අයට මේ චාරිකාවේදි මුණ දෙන්න වෙන කරදර බාධක. හමුවෙන හිත හොද මිනිස්සු නරක මිනිස්සු... කොහොම හරි පරී ගේ බලාපොරොත්තුව වෙන එයාගේ මල්ලි චෝටූට පෙනුම ලබාදෙන්න පුලුවන් වේවිද මේ හැමදේම බලාගන්න පුලුවන් මේ චිත්‍ර‍පටිය නැරබුවොත්.අනික් ලොකුම දේ මේ අයට අන්තිමට ශාරුක් ඛාන්ව හම්බවේවිද? ඒකට තමයි මං සවේදි අවසානයක් තියනවා කිව්වේ...

මේ චිත්‍ර‍පටිය ගැන ඔපදුප ටිකක්. මේකේ ශාරුක් ඛාන් ගැන කියවෙන නිසා මෙහි අධ්‍යක්ෂක නාගේෂ් විසින් ශරුක්ව ආරාධිත රංඟනයකට ගන්න ට්‍ර‍යි එකක් දිලා තියෙනවා. නමුත් ශාරුක් ඔහුගේ ඇමතුම් වලට ප්‍ර‍තිචාර දිලා නැහැ. කොහොම හරි පස්සේ නාගේෂ් අවසානය ලාවට වගේ වෙනස් කරලාත් තියනවා. හැබැයි චිත්‍ර‍පටිය නිමවෙලා ට්‍රේලර් එක නිකුත් උනාම ශාරුක් ටුවිටර් පණිවිඩයක් නිකුත් කරලා තිබ්බා චිත්‍ර‍පටියට සුභ පතලා. ඒ වගේම පසුව ඔහු නරඔලා චිත්‍ර‍පටිය ගැන හොද කියලාත් තියනවා. නමුත් ඉන්දියාවේ සුම් හි විකාශය වු පැලැනට් බොලිවුඩ් වැඩසටහනක ඔවුන් පවසා සිටියේ ශෘරුක් මේ චිත්‍ර‍පටිය අසාර්ථක වේවි කියලා හිතලා කලින් මේක මඟහැරියා කියලා දැන් මාධ්‍යට හොද මුණ පෙන්වන්න චිත්‍ර‍පටිය අගේ කලා කියලා. කොහොම හරි තවත් අය කියන්නේ ශාරුක්ගේ ෆැන් චිත්‍ර‍පටියට වඩා මේ පුංචි ෆැන්ලා දෙන්නාගේ චිත්‍ර‍පටිය සිත් ඇදගන්නවා කියලා. 



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

No comments

Powered by Blogger.