Great Grand Masti (2016) සිංහල උපසිරැසි සමඟින්

Masti ෆිල්ම් සිරිස් එකේ ලඟදි ආව අලුත්ම චිත්‍ර‍පටිය අරන් ආවා ඔන්න. ෆිල්ම් එක තමයි Great Grand Masti කලින් ෆිල්ම් බැලුවේ නැහැ කියලා පොඩ්ඩක්වත් අවුලක් තියාගන්න එපා එක එක ෆිල්ම් වල එක එක කතා තමයි යන්නේ. සුපුරුදු පරිදි කලින් ෆිල්ම් දෙක වගේම මේකත් අධ්‍යක්ෂණය කරන්නේ Indra Kumar විසින්.... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Vivek Oberoi,Ritesh Deshmukh,Aftab Shivdasani හා Urvashi Rautel රංඟනයෙන් දායක වෙනවා....

කතාව ගැන කිව්වොත් මුල්ම කෙනා අමර් සක්සේනා... ඔහු විවාහ වෙලා ඉන්නේ සප්නා කියලා ගැණූ ළමයෙක් එක්ක. මේ දෙන්නා එක්ක සප්නාගේ අම්මාත් ජිවත් වෙනවා. ඒ කියන්නේ අමර් ගේ නැන්දම්මා. අමර් ගේ මේ නැන්දම්මා කොච්චර ලොකු ඇණයක්ද කියන්නේ නිතරම දේවාල ගානේ යනවා ජූජා තියනවා. මේ නිසා අමර්ට අඩුම ගානේ සප්නා එක්ක පොඩි හරි එව්වා මෙව්වා එකක් කරන්නවත් මේ නැන්දම්මා දෙන්නේ නැහැ. එවාත් කාල වෙලාව අනුව තමයි කරන්න කියන්නේ. එතකොට දෙවැනියා ප්‍රේම්.. ඔහු කසාද බැදලා ඉන්නේ නිෂා... ප්‍රේම්ට ලොකුම හේනේ තමයි නිෂා ගේ නංඟි. නංඟිත් කොහොමත් ඇහැට කනට පේන ගැණු ළමයා. අනික මේ නංගි රෑට නිදාගන්නේ ප්‍රේම් හා නිෂා ගාවට වෙලා. ඉතින් ප්‍රේම්ට තමන්ගේ බිරිද එක්ක හිතේ ආසාවේ මුකුත්ම කරගන්න බැහැ... තුන්වැනියා මීත්... මිත් කසාද බැදලා ඉන්නේ රේඛාව. ප්‍රේම් හා රේඛා ඉන්න ගෙදරම තමයි රේඛාගේ සහෝදරයාත් ජිවත් වෙන්නේ. මාසයකට විතරක් නවතින්න ආව මේ සහෝදරයා දැන් මාස හයක් විතර ඉදන් මේ ගෙදර ලැගලා ඉන්නවා. මිත්ටත් ජිවිතේ එපා වෙලා ඉන්නේ මේ සහෝදරයා නිසා...

මේ අමර් ප්‍රේම් හා මීත් කියන්නේ අනික් අතට හොදම යාළුවෝ. මේ අය මේ තමන්ට ඇති වෙලා තියන කරදරය ගැන කතා කර කර ඉන්නවා. කසාද බැන්දාත් මේ අයට තමන්ගේ බිරිද එක්ක කාලය ගත කරන්න නැති එක ගැන මේ තුන්දෙනාටම ලොකු හිතේ අවුලක් තියනවා. මේ වෙලාවේ තමයි ප්‍රේම් පොඩි පැලැන් එකක් ගැන කියන්නේ. අමර් ට එයාගේ ගමේ අයිති වෙලා තියනවා ලොකු බංගලාවක්. මේ බංගලාව විකුණ්නන දාලා තියෙන්නේ එත් කවුරුත් මිලට ගන්නේ නැහැ. මේකත් විකුණගෙන එතකොට නෝනලා ටික දාලා ගමට ගිහින් ගමේ ගැණු ළමයි ටිකක් අල්ලගෙන විනෝද වෙන්න ඕනි කියලා හිතලා මේ තුන්දෙනාම යනවා අමර්ගේ ගම වෙන දුත්වාඩි වලට. මේ අය කොහොම හරි බංගලාව ඇතුලට යද්දි ලස්සන ගැණු ලමයෙක් ඒ ගෙදර ඉන්නවා. අමර්ට කෙන්ති යනවා තමන්ට මේ අයිති ගෙදර කවුද මේ බලෙන් ඇවිල්ල පදිංචි වෙලා ඉන්න ගැණු ළමයා කියලා. කොහොම හරි මේ ගැණූ ළමයාව එලියට එලවන්න හදද්දි ප්‍රේම් හා මීත් අමර්ව ෂෙප් කරනවා. මොනා උනත් ඉතින් ගැණු ළමයෙක් නේ. හැබැයි මේ අය මේ අඩිය තිබ්බ ගෙදර එසේ මේසේ එකක් නෙමෙයි. ඒක මේ අයට දැනගන්න ලැබෙන්නේ මේ ගෙදරට රිංගලා දින කිහිපයක් ගියාට පස්සේ. එතකොට මේ ගෙදර ඉන්න ගැණු ළමයා... එයා ගැන දැනගත්තාට පස්සේ තමයි මේ යාළුවෝ තුන්දෙනාගේම හොද පණ යන්නේ...


එහෙනම් හොදට හිනා වේවි බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් සමු ගන්නවා තවත් හොද නිර්මාණයක් එක්ක හමුවිමේ බලාපොරොත්තුවෙන්. 



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

No comments

Powered by Blogger.