Junooniyat (2016) සිංහල උපසිරැසි - Sinhala Subtitles


ඔන්න ටික විරාමයක් අරන් ආපහු සබ් දාන වැඩේ පටන් ගත්තා. මේක ඇවිල්ලා නම් ටික දවසක් වෙනවා. ගොඩක් අය බලන්නත් ඇති සමහර අය නොබලන්නත් ඇති. Vivek Agnihotri විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2016 ජුනි මාසයේදි... මොහුගේ කලින් චිත්‍ර‍පටි ගැන මතක් කලොත් අපි කවුරුත් බලලා තියන Chocolate (2005) Hate Story (2012) චිත්‍ර‍පටි නම් කරන්න පුලුවන්.නමුත් ඔහු නිර්මාණය කරපු මේ චිත්‍ර‍පටිය නම් මට හිතෙන්නේ සාර්ථක නැහැ කියලා. ඒක ඔයාලාත් නරඔලාම තිරණය කරන්න. මෙහි ප්‍ර‍ධාන චරිත වලට පන පොවන්නේ Pulkit Samrat හා Yami Gautam විසින්. මේ දෙන්නාම සනම් රේ චිත්‍ර‍පටියෙත් හිටියා මතක ඇති නේ. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ මදි නොකියන්න සිංදු නම් තියනවා...

කතාව ගැන කිව්වොත් ජහාන් බක්ෂි කියන්නේ හමුදාවේ කැප්ටන් කෙනෙක්... මොවුන්ට දවසක් තමන්ගේ හමුදා කලාපයට අනවසරයෙන් කෙනෙක් ඇතුළු උනා යැයි දැනගන්න ලැබෙනවා. මොවුන් ගිහින් බලද්දි ඒ ගැණු ළමයෙක්. ඇය නමින් සුහානී. සුහානි කියන්නේ පොඩ්ඩක් කටකාර කියන දෙයක් අහන්නේ නැති දඟකාර චරිතයක්. ඇය දැන දැනම තමයි මේ හමුදා අධීආරක්ෂිත කලාපයට පැමිණෙන්නේ. හමුදාවෙන් සුහානිව අත්අඩංගුවට අරන් ඇය ගැන සැක හිතෙන දෙයක් නැති නිසා නිදහස් කරනවා. අත්අඩංගුවට ගත්තා කියලා කුඩු කරලා තියන්නේ නැහැ බොහොම සැප පහසුව තමයි හමුදා කදවුරේ ඇයට ඉන්න දෙන්නේ. මේ අතර තමයි ඇය හා කැප්ටන් ජහාන් බක්ෂිගේ ආදර කතාව ගොඩ නැගෙන්නේ. ඔවුන් වෙන් වෙලා යනකම්ම දෙන්නාට දෙන්නා දැනගන්නේ නැහැ මේ දෙන්නා ආදරය කරනවා කියලා. සුහානි කියන්නේ පන්ජාබ් වල ඉන්න යුවතියක්. කොහොම හරි ජහාන්ට සුහානි ගැන ඇල්ලමක් තියනවා කියලා දැනගත්ත ගමන්ම ඔහු පන්ජාබ් වලට මාරුවක් හදාගෙන එනවා සුහානි හම්බවිමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඔහු දන්නේ නැහැ තමන්ට දැනෙන හැඟිමම සුහානිටත් දැනෙනවාද කියලා නමුත් ඔහු ඒ පලාතට එනවා. ආපහු ජහාන්ට අහම්බෙන් මෙන් සුහානිව හම්බවෙනවා... එතැනින් එහාට කතාව ඔබම නරබන්න. හමුවෙමු එහෙනම් තවත් චිත්‍ර‍පටියකින්... 


සිංහල උපසිරැසි සහ චිත්‍ර‍පටය මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.