Sex Chat with Pappu & Papa E01 (2016)


අද මේ ඔයාලට ගේන්න හදන්නේ ලොව පුරාම ජනප්‍රිය වුණ අලුත් යූටියුබ් මිනි සීරීස් එකක්. ටික්ක වෙනස් අත්දැකීමක් වෙයි මම හිතන්නේ ඔයාලටත්. මොකද යූටියුබ් මිනි සීරීස් එකක් උපසිරැසි එක්ක අරගෙන එන පළමු වතාව වෙන්න ඇති මේක. ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල ඔයා දන්නවා “සෙක්ස්” කියන එක අමුතු දෙයක් විදියට තමයි සලකන්නේ. මහා භයානක සර්පයෙක් වගේ. සංස්කෘතිය එක්ක මේ දේවල් සාමාන්‍ය ජීවිතයකට අදාල නොවෙන දේවල් වගේ වෙලා. එනිසාම තමයි ළමුන් වැඩිවියට පත්වෙලා ලිංගික හැඟීම් එන්න ගත්තට පස්සේ විවිධ දේවල් වලට යොමුවෙන්නේ.

මොකද ලිංගිකත්වය කියන දේ අඩුම තරමේ පාසලකින්වත් උගන්වන්නේ නෑ. ගුරුවරු පවා පාසලේ එවැනි පාඩම් තියෙනවනම් ඒවා මඟහැරලා උගන්වන අවස්ථා පවා අපි දන්නවා. ඉතින් නොදන්නා දේවල් ගැන කුතුහලය තිබෙන තරුණ වියේදී ලිංගිකත්වය ගැන සොයා නොපෙනෙන මානයක් සොයා අපේ තරුණ තරුණියන් යාම සිදුවීම පුදුමයට කාරණයක් නම් නෙවෙයි. එවගේම ළමා අපචාර, ස්ත්‍රී දූෂණ ආදිය වැඩියෙන්ම සිද්ද වෙන්නෙත් අපි වගේ දකුණු ආසියාතික රටවල් වල. එයට හේතුවත් නිසි පරිදි මේ දේවල් පිළිබඳව අධ්‍යාපනයක්, දැනුමක් නොමැතිකම. ළමුන් පැත්තකින් තියමු. අඩුම තරමේ වැඩිහිටියන් පවා බොහෝ දේවල් පිළිබඳව තවමත් දැනුවත් ඇති කියලා මම හිතන්නේ නෑ. සෑම කෙනෙක්ම පාහේ මේ දේවල් පිළිබඳව දැනගන්නේ සොයන්න යන්නේ මිතුරු මිතුරියන් මාර්ගයෙන්. නැතිනම් අන්තර්ජාලය මඟින්. ඉතින් ඊට පස්සේ “යාලුවෝ නරකයි” “ඉන්ටර්නෙට් නිසා ළමයි නරක් වෙනවා” කියලා කිව්වට වැඩක් නෑ.

ඉතින් මේ දේවල් අලලා Y-Films මඟින් තාත්තා සහ පුංචි පුතෙක් අතර සිදුවන සිදුවීම් මාලාවක් තමයි මෙහි තියෙන්නේ. ඔයාලා දන්න නළු නිළියන් කීපදෙනෙක්ම මේකේ ඉන්නවා. එක එක කථාංගයන්වල තියෙන්නේ එක එක මාතෘකා පිළිබඳව. මේක විනෝදයට වගේම දැනුමටත් හොඳ වෙයි කියලා හිතනවා. මොකද සමහරවිට ඔයා දන්නේ නැති දේවල් පවා මේකේ තියෙන්න පුලුවන් 😉


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


1 comment:

Powered by Blogger.