Raman Raghav 2.0 (2016) සිංහල උපසිරැසි සමගින්

තවත් හින්දි නිර්මාණයක් අරන් ආවා. මේක මං බාර නොගත්තා වුනාට තවත් කල් නොයවා දෙන්න ඕනි නිසා මම දෙන්න තිරණය කලා. මේක Anurag Kashyap ගේ සිනමා නිර්මාණයක්. ඔහු ගේ චිත්රපටියක් උනාම කතාව කොයි විදියටද යන්නේ කියලා අමුතුවෙන් කියන්න උවමනා නැති වේවි නේ. මේ චිත්රපටිය psychological thriller ලෙසටයි වර්ඟිකරනය කරලා තිබෙන්නේ. මේ කතාවට නම වැටෙන්න හේතු වෙන්නේ 1960 දශකයේ හිටපු Raman Raghav කියන මිනිමරුවා ගේ කතාව නිසායි. නමුත් මේ ඔහුගේ ජිවිත කතාව හදලා නිර්මාණය උන චිත්රපටියක් නෙමෙයි. ඔහුගේ නම විතරයි මේකට බාවිතා කරලා තියෙන්නේ. මෙහි ප්රධාන චරිත ලෙස Nawazuddin Siddiqui හා Vicky Kaushal රංඟනයෙන් දායක වෙනවා.
මේහි කතාව ගැන කියනවා නම් රාමන්නා කියන්නේ මිනිමරුවෙක් මොහු ගේ ගති පැවතුම් බෙහෙවින් අමුතුයි... මිනිමැරුම් 9ක් කලා කියලා මොහුම ඇවිල්ලා පොලිසියට බාරවෙන්වා. පොලිසියෙන් ප්රශ්න කරද්දි මොහු කියන අමුතු කතා නිසාත් මිනිමැරුම් ගැන විස්තර කරපු විදියේ නොගැලපිම් නිසාත් පොලිසිය විශ්වාස කරනවා මේ මානසික රෝඟියෙක් බොරුවට ඇවිල්ලා මිනිමැරුම් වල වරද බාරගන්න හදනවා කියලා. මේ නිසා මොහුට බොරු කලාට දෙක තුනක් ඇනලා පාළු කාමරයක හිරකරලා තියනවා. කොහොම හරි මෙතැනින් ගැලවිලා යන රමන්නා පොලිසියට තමන් මිනිමැරුවා කියලා ඇත්ත කිව්වාත් පිලිගත්ත නැති නිසා ආපහු තමන්ගේ මිනිමැරුමේ කටයුතු වල නිරත වෙනවා. මොහුට මිනියක් මරනවා කියන එක නිකම් පුරුද්දට ගිහිල්ලා වගේ. මොහු මිනිමරද්දි කිසිම පසුතැවිල්ලක් වත් පැකිලිමක් වත් වෙන්නේ නැහැ. පොලිසියත් පසුව දැනගන්නවා අර ඇවිල්ලා මිනිමැරුම් ගැන කියපු කෙනාම තමයි ඇත්තම මිනිමරුවා කියලා. නමුත් දැන් ඔහුව අල්ලගන්න ලේසි වෙන්නේ නැහැ. මේ ගැන පරික්ෂණ කරන නිලධාරියා තමයි රාඟවන් කියන්නේ. ඔහු මත්කුඩු වලට ඇබ්බැහි උන පොලිස්කාරයෙක්. මොහු නිතරම මත් වෙලා තමයි ඉන්නේ. කොහොම හරි මොහු මේ රාමන්නා කියන මිනිමරුවා ගැන හොයාගෙන යනවා... නමුත් මේ රාඟවන් කියන පොලිස්කාරයාත් පිටින් පේන පුද්ගලයා නෙමෙයි ඇතුලතින් ඉන්නේ... මේ චිත්රපටියේ කතාව ඔය ලාවට වගේ කිව්වේ හැබැයි බලද්දි මිට වැඩිය කුතුහලයකින් නරබන්න පුලුවන් වේවි.
මේකේ සබ් එකෙත් ටිකක් අඩුපාඩු තිබ්බා වගේම කතාවේ ටිකක් පැටලිලි එවා අපේ වචනයෙන් තේරෙන්න උපසිරැසි කලා. එහෙනම් හමුවෙමු තවත් චිත්රපටියකින්.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
Leave a Comment