Lights Out (2016) සිංහල උපසිරැසි සමඟින්
හොල්මන්(Horror) චිත්‍රපටි ඉතින් මම කැමතිම වර්ගයේ ෆිල්ම්නේ. හැමදාම වගේ අදත් අලුත්ම අත්භූත චිත්‍රපටියක් අරගෙනයි ආවේ මම. පසුගිය ජූලි 22වැනිදා ඇමරිකාවේ තිරගතවීම ඇරඹුන ලයිට්ස් අවුට් චිත්‍රපටයට IMDb රේටිංස් 6.5ක් ලැබිලා තිබෙනවා. සාමාන්‍යයෙන් Horror ඝනයේ චිත්‍රපටයකට ලේසියෙන් මේ වගේ අගයක් ලැබෙන්නේ නෑ. වියදම ඇ.ඩො.මි.5ක් වුනත් ඒ වගේ සිය ගුණයකට ආසන්නව බොක්ස් ඔෆීස් ආදයමක් ලබාගන්නට පුලුවන් වීමෙන්ම ඒ බව තහවුරු වෙනවා. හැමෝම අඳුරන ජනප්‍රිය නළු නිළියන් කීපදෙනෙක්ම මේ චිත්‍රපටයේ ඉන්නවා.
රෙබෙකා ජීවත්වෙන්නේ ඇගේ මව සොෆීගෙන් සහ මල්ලි මාටින්ගෙන් ඈත්ව වෙනම නිවසක. රෙබෙකාගේ මවට, ඒ කියන්නේ සොෆීට තිබෙනවා තනිකම සහ මානසික පීඩනය නිසාම හැදුන මානසික රෝගී තත්වයක්. ඇය ඒ නිසා රෑට ඇයගේ හිතින් මවාගත්තා යාලුවෙක්ට තනියම කතා කරනවා. එවගේම ඇය ඉන්න කැමති කලුවරට වෙලා. මාටින් මේක දකිනවා. වගේම ඔහු රෑට බයට නින්ද යන්නේ නැති නිසා පාසලේදි නිදාගන්නවා. මේක හැමදාම වගේ වෙන නිසා ඔහුගේ ගුරුවරිය රෙබෙකාට කතා කරලා කියනවා. රෙබෙකා ඔහුව අම්මා ළඟට අරගෙන යනවා. නමුත් එතනදි වචන හුවමාරුවක් නිසා රෙබෙකා බලෙන්ම මල්ලිව අරගෙන යනවා එයා ඉන්න තැනට. ඊට පස්සේ ඒ රෑ, රෙබෙකා නින්දේදි එකසැරේම බයවෙලා නැගිටිනවා. බයවෙලා නෙවෙයි ගෑණු කෙනෙක්ගේ ඡායාවක් ඇයට පහරදීලා. ඇය ඇහැරිලා ලයිට් දැම්ම ගමන් ඒ ඡායාව නොපෙනී යනවා. එවගේම පොලොවේ ඒ ඡායාව තමන්ගේ නම හූරලා යන්නේ... ඩයනා කියලා.
රෙබෙකා දැනගන්නවා ඩයනා කියන්නේ අම්මා එක්ක සමීප සබඳතාවක් තිබුන කෙනෙක් කියලා. ඇත්තටම මේ මොකක්ද වෙන්නේ කියලා රෙබෙකාට හොයාගන්නම වෙනවා. මොකද එන්න එන්නම තත්වය ගොඩක් බරපතල දරුණු වෙන නිසා. චිත්‍රපටය පටන් ගන්නේම ඔයාව බයකරලා. ඉතින් කුතුහලයෙන් ඉවර වෙනකල්ම බලන්න පුලුවන් චිත්‍රපටයක්. වර්නර් බ්‍රදර්ස් නිෂ්පාදනයක් නිසා චිත්‍රපටයේ ගුණාත්මකබව ගැන කියන්න ඕන නෑනේ? එහෙනම් ඊළඟ චිත්‍රපටයෙන් හමුවෙමු ඉක්මනින්ම. එතකල් හැමෝටම තෙරුවන් සරණයි...!
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
සිංහල උපසිරැසි සහ චිත්‍රපටය මෙතැනින් ලබාගන්න
Leave a Comment