Project X [2012] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීමත් ගෙනාවා. කලින් දුන්නු ඒවටත් හොඳ ප්‍රතිචාර තිබුනා. මීට දවස් දෙකකට විතර කලින් ඔයාලට මම දුන්නා හින්දි චිත්‍රපටියක් Ishaqzaade කියලා. ඉතිං ඒකත් එක්ක බලද්දී මේ සතියේ මගේ මේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. හරි එහෙනම් අද චිත්‍රපටියේ කතාවට බහින්න කලින් දෙයක් කියන්න ඕනි ඔයාලට.මුලින්ම කියන්නම් මේ සම්පූර්ණ විස්තරය කියවන්න කියලා. චිත්‍රපටියේ නම Project X. ඇත්තටම මේක ගෙතෙන්නේ party එකක් වටේට. මම පොඩි දේවල් ටිකක් කියන්න ඕනි. මේක ඇත්තටම තරුණ අය වෙනුවෙන් ගහල තියෙන චිත්‍රපටියක්. මමනං සම්පූර්ණයෙන්ම කියන්නේ කරුණාකරලා මේක පොඩි අයනම් බලන්න එපා. මොකද මේකෙ උඩුකය නිරුවත් කාන්තාවන් පෙන්වනු ලබනවා. ඉතිං ඒක නිසා මම කියන්නේ මේක 18+ චිත්‍රපටියක් කියලා. හැබැයි මේකෙනක් හොඳ ආදර්ශයක් ගන්න පුලුවන්. ඉතිං මම කිව්වනේ මේක තරුණ පාර්ශවය උදෙසා නිර්මාණය වුන චිත්‍රපටියක් කියලා. ඉතිං මේකේ සමහරක් වචනනම් ඒ විදිහටම මට උපසිරැසි විදිහට පරිවර්තනය කරනන් බැරිවුනා. ඒ හේතුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. චිත්‍රපටිය බලද්දී තේරෙයි ඒ ඇයි කියලා.... ඉතිං කොහොම හරි ........... මේ කතාව තියෙන්නේ දවසක් ඇතුලත සිඳුවන කතා මාලාවක්. තෝමස් කියලා පිරිමි ලමයෙක් ඉන්නවා. එයා හරිම ඔතෑනියි. ඒ කියන්නේ එච්චර කාත් එක්කවත් සම්භන්ධතාවයක් නැතිව ඉන්න කෙනෙක්. එයාට ඉන්නෙම යාලුවෝ දෙන්නයි. ඉතිං කොහොම හරි ඔය කියන දවසේ එයාගේ ඒ කියන්නේ තෝමස්ගේ උපන් දිනය එලබෙනවා. ඉතිං පොඩි පාටියක් දාන්න තෝමසුයි එයාගෙ යාලුවෝ දෙන්න තුන්දෙනයි සැරසෙනවා. ඉතිං කොහොම හරි ගෙදරින් ඉවසර දෙනවා ගෙදර යාලුවෝ උපරිම පහක් ගේන්න. කොහොම හරි දිගින් දිගට ගිහින් උපරිම යාළුවෝ පනහක් ගේන්න අවසර ලබාගන්නවා. ඒත් අන්තිමේඳී හිතපු නැති විදිහට කට්ටිය වැඩිවෙනවා. ඒ තෝමස්ගේ යාලුවෙක් මඟින් සිඳුකරන ප්‍රචාර මඟින්. ඉතිං මේ පාටිය කොහොම හරි පාලනයෙන් තොර වෙලා ලොකු විනාශයක් වෙනවා. මමනං කියන්නේ තරුණ තරුණීයන් වශයෙන් හැම කෙනෙක්ම වගේ බලන්න ඕනි චිත්‍රපටියක්. මේකට අමතරව තව දැනගන්න ඕනි තොරතුරු ටිකක් කියන්නම්. මේ චිත්‍රපටිය පාදක කරගෙන ඇමරිකාවේ උත්සව තුනක් මේ විදිහට කොහොම හරි සංවිධානය කරල තියෙනවා. කොහොම හරි එක පාටියක්නම් පාලනයක් සහිතව ගානට ඉවරකරලා තියෙනවා. ඒත් උත්සව දෙකක් මේ විදිහටම ලොකු විනාශයක් කරල තියෙනවා. ඒ වගේම කියන්න සතුටියි ලංකාවේත් ෆේස්බුක් එක මඟින් ප්‍රචාර කටයුතු කරලා මේ වගේම සාදයක් පවත්වන්න හදලා තියෙනවා. හැබැයි පොලිසිය මැඳිහිත් වීම මඟින් මේක ඉක්මනට ඉවර කරල තියෙනවා. තව පොඩ්ඩක් තියන්නම්. මේ චිත්‍රපටියට නළු නිළියෝ තෝරගත්තු විදිහත් මාරම අමුතුයි.ඒ තමයි මේ අධ්‍යක්ෂක හා නිෂ්පාදක වරුන් විසින් කියලා තියෙනවා තමන්ට කරන්න පුලුවන් පිස්සුම වැඩේ කරලා YouTube එකට අප්ලෝඩ් කරලා එයාලට එවන්න කියලා. ඉතිං මේකේ ඉන්න ප්‍රධානම නළුනිළියෝ තෝරගෙන ඉන්නෙත් අන්න ඒ ක්‍රමය අනුව තමා. පේන විදිහටනම් කියෙව්වා ගොඩක් වැඩියි වගේ.මොනා කියන්නද. තවත් විස්තරනම් තියෙනවා. කමක් නෑ. ඔය ඇති. මම බලපු සුපිරිම චිත්‍රපටි වලින් එකක්. එහෙනම් අලුත් උපසිරැසි ගැන්වීමක් එක්ක හමුබවෙමු. කලින් උපසිරැසි ගැන්වීම් වලට comment කරලා දිරිය දුන්නු හැමෝටමත් ස්තූතියි.හැමෝටම ජයවේවා!! මතක තියාගන්න... හැම දෙයක්ම පාලනයකින් තොර වුනොත් ඒ තමයි විනාශයක මුල කියලා...

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලින්දු දේශාන් විසිනි

No comments

Powered by Blogger.