04 March 2015

Fifty Shades of Grey (2015) සිංහල උපසිරැසි සමඟ. (200)



ඔන්න අදත් මට විශේෂ දවසක්, අද තමයි මගේ 200 වෙනි උපසිරැසි කඩයිම පහු කරන්නේ, 2013 සැප්තැම්බර් වල පටන් ගත්ත මේ මේ වැඩේ මේ දක්වා කරගෙන එන්න ගොඩක් දෙනක් මට උදවු කලා, නම් වශයෙන් කියන්න ගියොත් නම් සෑහෙන්න ලොකු අමාරුවක වැටෙනවා මොකද කියන්න ගියොත් මේ පිටුවේ ඉඩ මදි වෙන නිසා, වෙනදා වගේම මුලින්ම මතක් කරන්න ඕනේ අපේ HEDZ සහෝව, සයිට් එක වෙනුවෙන් උපරිම කැපකිරීමක් කරන ඔහුගේ සහය මට හැමවෙලාවකම වගේ ලැබිලා තියෙනවා, ඒවගේම මතක් කරන්න ඕනෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව සයිට් එක වෙනුවෙන් ඇප කැප වෙන අපේ සහෝදර උපසිරැසි කණ්ඩායම, මුලින්ම උපසිරැසියක් බාගත කරන්න විතරක් ආව මේ අඩවිය වෙනුවෙන් මේ වගේ වැඩ කොටසක් කරන්න ලැබුන එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි, පළවෙනි උපසිරැසියෙදිනම් මෙච්චර දුරක් එන්න හිතුවෙ නෑ එකක් කරලා නිකම් ඉන්න හැදුවෙ, ඒත් මේකේ ඉන්න මගේ මිත්‍රයෝ ටික ඒකටනම් ඉඩ දුන්නේ නෑ, 2014 මාර්තු මාසයේ මගේ 50 වෙනි උපසිරැසිය, ජූලි මාසයේ 100 වෙනි උපසිරැසිය, දැන් 200 වෙනි උපසිරැසිය දක්වා ඇවිත් තියෙනවා, ඉතින් මේ දක්වා විශාල රූපවාහිණි කතාමාලා ප්‍රමාණයකටත් දායකත්වය ලබාදෙන්න හැකි වුනා, ගොඩක් අය මාව අදුරගත්තේ ටින් වුල්ෆ් කතාමාලාවත් එක්ක, මේ දවල් වලනම් සීමිත රූපවාහිණි කතාමාලා සංඛාවකට තමයි දායකත්වය ලබා දෙන්නේ දැන්නම් ඉතින් විශ්‍රාම ගන්නත් කාලෙ ඇවිත්, ඉතින් අපිත් එක්ක ඉන්න, කමෙන්ට් එකකින් හරි අපිව ධෙර්යමත් කරන, ඒවගේම උපසිරැසි බාගත කරන හැම කෙනෙක්මත් මතත් කරන ගමන් චිත්‍රපටය දිහාට හැරෙමු,

චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් කරන්න ඕනෙ වෙන එකක් නෑ මම හිතන්නේ මොකද මේක ලොවපුරා ගොඩක් කතාබහට ලක්වුන සිනමා සිතුවමක්, ඒවගේම මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය 2014 වර්ශයේ Youtube හරහා වැඩිම වාර ගණනක් නැරබූ පූර්ව ප්‍රචාරක පටය බවට පත් වෙලා වාර්ථාවක් තැබුවා, මේක තිරගතවීම ආරම්භ කරලා තාම වැඩි දවසක් නෑ 2015 පෙබරවාරි මස 11 වෙනිදා තිරගතවීම ආරම්භකල මෙහි අධ්‍යක්ශණය සිදු කරලා තියෙන්නේ Sam Taylor-Johnson විසින්, E. L. James විසින් 2011 වසරේදි රචිත fifty shades of grey නවකතාව පාදක කරගෙන මෙය නිර්මාණය කරලා තියෙනවා, මෙහි ප්‍රධාන නළුවා විදියට Jamie Dornan, රංගනයෙන් දායක වෙලා තියෙනවා, The Social Network, 21 Jump Street, Need for Speed වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Dakota Johnson මෙහි ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඒවගේම තවත් ජනප්‍රිය නළු නිළි කැලක් රංගනයෙන් දායක වන මෙය තවමත් තිරගතවෙමින් පවතින සිනමා නිර්මාණයක්, ඇමරිකානු ඩොලර් මිලියන 40ක පිරිවයකින් නිර්මාණය වුන මෙහි මේ දක්වා සමස්ත ආදායම විදියට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 485.8ක්. තවමත් මේ සළරුව බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා වල ඉහලම රැදී සිටින්න සමත්කම් දක්වලා තියෙනවා, ඉතින් චිත්‍රපටය සුපිරි එකක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නේ නෑ, මොකද ඒක මෙහෙම ප්‍රසිද්දියේ කියන්න පුලුවන් කතාවක් නෙමෙයි , ඒවගේම මේකෙ ඇතුලත්වෙලා තියෙන දර්ශණ නිසා වයස අවුරුදු 21ට වැඩි අයට නරඹන ලෙස ඉල්ලීමක් කරනවා, මේ නිකුත් වෙලා තියෙන පිටපතේ ගොඩක් අසභ්‍ය කොටස් කපා හැරලා, හොද පිටපතක් ආව ගමන් යාවත්කාලින කරලා දෙන්නම් කැමති අය දැනටම මේක නරඹන්න, පොහොසත් කොල්ලෙත් එක්ක යාලුවෙන්න බලන් ඉන්න ගෑනු ලමයි මීට වඩා පරිස්සම් වෙන්න කියන අවවාදයත් එක්ක, මම ගිහින් එන්නම්, ජයවේවා!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

03 March 2015

Oru Oorla Rendu Raja (2014) සිංහල උපසිරැසි සමඟ.




කාලෙකට පස්සේ ඔන්න මම ආයෙත් ආවා. මෙදා පාර අපේ අයට දමිල චිත්‍රපටියක් තමයි අරන් ආවේ. 2014 වර්ශයේ ආපු ෆිල්ම් දෙන්නත් කලින්ම 2015 ඒවත් හෝ ගාල එන්න ගත්තනේ. ඒත් 2014 ටික තව තියෙන නිසා මෙදා පාර අරන් ආව චිත්‍රපටියත් 2014 වර්ශයේ තිරගත උන එකක්. කතාව නම් නියමයි. එහෙනම් චිත්‍රපටිය ගැන ටිකක් කතා කරමු.

2014 වර්ශයේ නොවැම්බර් මස 7 වන දින ප්‍රථම තිරගතවීම ආරම්භ කරන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ R. Kannan විසින්. ඒ වගේම නිෂ්පාධනය තිර රචනය එහෙමත් එයාමයි කරලා තියෙන්නේ. රංගනය සඳහා දායක වන්නේ Vimal, Priya Anand, Soori යන අය. මේ චිත්‍රපටිය ප්‍රධාන නලුවන් දෙන්නෙක් ඉන්න එකක්. ෆිල්ම් එකේ නමේම තියෙන්නෙත් ඒකනේ. එක ගමක් රජුන් දෙන්නෙක් කියලා. ඉතින් මේ ෆිල්ම් එක් වෙනුවෙන් IMDB Rating 5.1 හම්බවෙලා තියෙනවා. චිත්‍රපටිය විනාඩි 137 දක්වා දිව යනවා. කතාව ගැනත් ටිකක් කියන්නම්

අපේ නලුවෝ දෙන්නා. ඒ කියන්නේ අලගු සහ මයික්. මේ දෙන්නා කෙල්ලෙක්ව පන්නන් යන්න ගිහින්. ඒක හරියන්නේ නැති වෙච්ච නිසා කෝච්චියකින් පැනලා යනවා. ඒ ගමනෙද කෙල්ලෙක්ව මුන ගැහෙනවා. දැකපු වෙලේ ඉදන්ම කෙල්ල ගැන ඇතිවෙන ආකල්ප නම් එච්චර හොද නෑ. කොහොම හරි පස්සේ සේරම හරි යනවා. මේ කෙල්ලව එක පාරටම කවුදෝ මරන්න හදනවා. ඒ ඇයි කියලා හොයලා බලද්දී එක ගමක තියෙන ස්ටීල් ෆැක්ටරි එකක තියෙන දූශනයක් ගැන නඩුවක් දාපු නිසා කියලා දැන ගන්නවා. ඒ නිසා මේ කෙල්ලව බේරගෙන උසාවි එක්ක යන වගකීම අලගු අර ගන්නවා. ආදරේ කරන කෙල්ල නිසා මේ දේ කරත් මයික් නම් මේකට මුලදී කැමති වෙන්නේ නෑ. මෙතනින් එහෙට මම කියන්න යන්නේ නෑ. ඔයාල අරන් බලන්නකෝ. මේ අයට ෆැක්ටරි එකට විරුද්ධව නඩුව දිනන් පුළුවන් වෙයිද, ෆැක්ටරි එක වැහිලා යයිද, එහෙමත් නැත්නම් අර කෙල්ලට මොකක් හරි කරදරයක් වෙයිද කියලා.

එහෙනම් මම යනවා. හැමෝටම සුබ දවසක්. ආයෙත් හොද ෆිල්ම් එකක් අරන් එන්නම් කියන ගමන් මම සමුගන්නවා
.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

02 March 2015

Nightcrawler (2014) සිංහල උපසිරැසි සමඟ,




ඔන්න මම කාලෙකට පස්සෙ තවත් සුපිරි චිත්‍රපටියක උපසිරැසි සමග ඔයගොල්ලො හම්බවෙන්න ආවා.මේකෙ සබ් දානකොට බොහෝවිට සිංහලට ගැලපෙන විදියට මෙන්ම කතාව තේරෙන විදියටයි දාල තියෙන්නේ. Nightcrawler 2014දී IMbd වල 8.0 ක අගයක් මෙන්ම ඔස්කා සම්මානයට නම් කෙරුණු චිත්‍රපටි වලින් එකක්.ඒ විතරක් නෙවෙයි Golden Globes,BAFTA වැනි සම්මාන උලෙළ සඳහා තේරුණු චිත්‍රපටියක්. මෙහි අධ්‍යක්ෂනය හා රචනය Dan Gilroy විසින් සිදුකර ඇති අතර,මේකෙ ප්‍රධාන චරිතය ඒ කියන්නේ Louis Bloom කියන චරිතය කරන්නේ Jake Gyllenhaal.මතක ඇතිනෙ Prince of Persia: The Sands of Time, Zodiac, Prisoners වැනි චිත්‍රපට ගනනාවක රඟ පෑ දක්ෂ නළුවෙක්. මේ චිත්‍රපටියෙත් ඔහු ඉතාමත් දක්ෂ රංගනයක යෙදෙනවා. තවද Rene Russo,Riz Ahmed වැනි නළු, නිළියන්ද මෙයට දායක වෙලා තියෙනවා. දැන් අපි කතාව පොඩ්ඩක් බලමු, Louis Bloom කියන්නේ හරිහමන් රස්සාවක් නැති, මොන දෙයක් හරි කරල හරි සල්ලි හම්බකරන්න පසුබට නොවන හාදයෙක්. ඒත් ලූ බ්ලූම් ට කවුරුවත් රස්සාවක් දෙන්න කැමති වෙන්නේ නෑ.දවසක් මිනිහ අහම්බෙන් දකිනව මාර්ග අනතුරක් වුනු අවස්ථාවක රූපවාහිනී වාර්තාකරුවන් ටිකක් ඇවිල්ල ඒක රූපගත කරනව. ඒ වෙලාවෙ ලූ ට තේරුම් යනව මේක සල්ලි හම්බ කරන්න හොඳ වැඩක් කියල. ඊට පස්සෙ කැමරාවකුයි පොලිස් ස්කෑනරයකුයි හොයාගෙන මිනිහත් වැඩේට බහිනවා.මුලදි පොඩියට තමයි වැඩේ පටන් ගන්නේ.මොහු කරන්නේ රාත්‍රී කාලයේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවන අපරාධ, අනතුරු රූපගත කරල මාධ්‍ය ආයතනවලට විකිණීමයි.

ඔන්න ඔහොම කරගෙන යනකොට මාධ්‍ය ආයතනයක අධ්‍යක්ෂකවරියක් වන නිනා Nina Romina හමු වෙනවා.ඇය ලූ බ්ලූම් ට කිසියම් තත්වයකට එන්න උදව් කරනවා.ඔය අතරවාරයේ ලූ , තව ගෝලයෙකුත් ගන්නවා. ඒවගේම කලින් තිබ්බ කබල් කාර් එක වෙනුවට පට්ට කාර් එකකුත් ගන්නවා. දැන් මොහුට තියෙන්නේ තමන්ගේ අරමුණ කරා හොඳින් හෝ නරකින් ලඟාවීමයි. කතාවෙන් බාගයක් කිව්වද කොහෙද ? මොහු ගැන ඇත්තටම කිව්වොත් මහ එපා කරපු එකෙක්, ඔබට චිත්‍රපටිය බලකොට තේරෙයි. 2014 ඔක්තෝම්බර් 31 තිරගත වීමට ආරම්භ කල මෙම චිත්‍රපටය, නොවෙම්බර් 01 වන විට ඇමෙරිකානු ඩොලර් 10,900,000 උපයාගෙන තිබෙනවා. මිනිත්තු 117 දක්වා දිවෙන මෙම චිත්‍රපටය, අවසානය දක්වා කුතුහලයෙන් ප්‍රේක්ශකයන්ව ඇඳ බැඳ තබා ගත හැකි චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. එහෙනම් තවත් සුපිරි චිත්‍රපටියක උපසිරැසි සමඟින් මුණගැහෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිත ඒකනායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Alone (2015) සිංහල උපසිරැසි සමඟ.




ඕන්න ඉතිං මාස ගාණකට පස්සෙ ආපහු ෆිල්ම් එකක් අරගෙන ආවා. ෆේස්බුක්එකේ, ගූගල් ප්ලස් එකේදිනම් කට්ටිය දකින්න ඇති මේක කරන්නෙ මම කියලා.ඉතින් මේකෙ කොපි රිලීස් වෙලා තිබුනට ඉංග්‍රිසි උපසිරැසි ඇවිත් තිබුනෙ නෑ. අද තමයි ආවෙ. ඉතින් හැමෝටම කලින් මේ සැරෙත් මගේ පොරොන්දුව අනුව ඔයාලට චිත්‍රපටය ගෙනාවා.කතාව මෙහෙමයි. අන්ජනා, සන්ජනා කියන්නෙ සහෝදරියො දෙන්නෙක්. නමුත් විකෘතිතාවක් නිසා ඔවුන් දෙදෙනාට ජිවිතය ගතකරන්න වෙන්නෙ එකට. නමුත් අවාසනාවකට අන්ජනා මිය යනවා.සන්ජනා විවාහවෙලා කේරල ගමෙන් ඈතට යනවා. නමුත් එක් දිනක මව අසනීපවීම නිසා සන්ජනාටත්, සැමියටත් කේරල ගමට යන්න වෙනවා.ඒත් සන්ජනාට එහේ ඉන්නකොට එක එක දේවල් සිද්දවෙනවා. පෙනෙන්න ගන්නවා. ඇය තේරුම් ගන්නවා ඒ ඇගේ මැරුණ සහෝදරිය අන්ජනා කියලා!කතාවෙ බාගයක් මම කිව්වා වගේද? අපෝ නෑ. මම කතාව පටන්ගත්තෙවත් නෑ ඇත්තමයි. ඔයා ෆිල්ම් එක බැලුවොත් තේරේවි කොච්චර ගැඹුරු කතාවක්ද තියෙන්නෙ කියලා මේකෙ. ඒවගේම ලස්සන ආදර කතාවක් තියෙනවා. විඳින්න පුලුවන් චිත්‍රපටියක් කීවොත් හරි. ලස්සන ගීත කීපයකුත් තියෙනවා මේ දවස්වල ගොඩාක්ම ජනප්‍රිය. එහෙනම් ඊළඟ චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙනකල් හැමෝටම ආයුබෝවන්!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

01 March 2015

Action Jackson (2014) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද කස්ටිය?කස්ටිය එනකම් බලන් හිටපු තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මම ආවේ.මේකේ හොඳ කොපියක් නිකුත් වෙලා නම් දැන් ටික දවසක් වෙනවා.ඒ ගැන දැනුවත් කරපු සුපුන් අයියට වගේම මේ චිත්‍රපටය මට ලබා දුන්න අපේ ඇඩ්මින් අයියටත් බොහොමත්ම ස්තුතියි කියන ගමන් අපි චිත්‍රපටය දිහාට හැරෙමු.

මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Ajay devgan,SonakshiSinha,Yami Gautam යන අය ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රභූ දේවා විසින් චිත්‍රපටය අයත් වෙන්නේ Action,Drama,Romance යන ඝනයට කතාව ගැන ටිකක් කියනවා නම් විශි කියන්නේ මොම්බායි වල ඉන්න සාමාන්‍ය මැරයෙක් මැරයෙක් උනාට හොඳ ගති ගුණ නැත්තෙමත් නැහැ,එතකොට කුෂි කියන්නේ මුම්බායි වලම ඉන්න ලස්සන කෙල්ලෙක් හැබැයි කෙල්ල ලස්සනට උනාට පුදුම කරුමක්කාරියක් මාර අවාසනාවක් තියෙන්නේ මෙයා මොන වැඩේ කරන්න ගියත් වැඩේ අර්තාපල් කරගන්නවා ඔහොම දවසක් වැඩ අල කරගෙන ඉන්නකොට මෙයා විශිව අඩ නිරුවතින් දකිනවා වැඩේ කියන්නේ එදා ඉඳන් කුශිගේ අවාසනාව නැති වෙලා යන්න ගන්නවා ඒ වගේම කුෂි ලඟදි විවාහා වෙන්න ඉන්නේ එයාට ඕන වෙනවා විශිව එයාගේ කසාදෙ වැඩ ටික හරියනකම් එයත් එක්ක තියාගන්න මොකද විශිනේ කුෂිගේ වාසනාව.ඉතින් ඔච්චරයි මට ඔයාලට මේ කතාව ගැන කියන්න පුලුවන් කස්ටිය හැමෝටම මේ විශිගෙයි කුශිගෙයි ලස්සන කතාව නරඹන්න අරාධනා කරන ගමන් මම යනවා.තවත් උපසිරසියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Killadi (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න පොරොන්දු වුන විදියටම තවත් අලුත්ම දමිළ චිත්‍රපටියක් ආවා. මේ චිත්‍රපටිය 2015 ජනවාරි 30 තමයි සිනමා ශාලා වල තිරගත විම ඇරබුවේ. මාසයක් යන්න කලින් ඔන්න ඔයාලාට මේ චිත්‍රපටියේ හොද කොපියක් එක්ක බලන්න හැකියාව ලැබෙනවා.Bharath හා Nila මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා. ඔවුන් ආගන්තුක නැහැ දමිළ චිත්‍රපටි නරඔන ඔබට නම්.. චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් දරාන් කියන්නේ විශ්ව විද්‍යාල සිසුවෙක්. ඔහුට අහම්බෙන් මෙන් අන්ජලිව මුණ ගැහෙනවා. මේ මුණ ගැහිම ආදරයක් දක්වා දුරදිග යනවා. අන්ජලි කියන්නේ පලාතේ ලොකු මැරයෙක්ගේ දියණියක්. මැයගේ අම්මාත් ඒ වගේම දරුණු කෙනෙක්. ඉතින් අන්ජලි හා දරාන් තිරණය කරනවා පැනලා ගිහින් කසාද බදින්න. මොකද මේ දෙන්නාගේ ආදරයට දෙමව්පියන් අකමැති වෙන්නේ නැති නිසා. නමුත් මේ කරන්න යන දෙය නිසා දරාන් විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ අයත් අන්ජලිගේ පවුලේ තාත්තාගේ මැරයන්ගේ හතුරන් වෙනවා. ඔවුන් දරාන්ගේ මුළු පවුලෙන්ම පලිගන්න හදනවා...දරාන් හා අන්ජලිගේ ආදර කතාවට මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න. තවත් චිත්‍රපටියකින් හමුවෙමු .


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Meaghamann (2014) සිංහල උපසිරැසි සමඟ.



ටික කලක නිහැඩියාවකින් පස්සේ ආපහු ඔයාලා වෙනුවෙන් උපසිරැසි අරගෙන එන්න අපි තිරණය කලා. ඉතින් දෙන්න බැරි උන වගේම අලුතින්ම එන ෆිල්ම් සේරමත් ආපහු ඔයාලා වෙනුවෙන් දෙන්න දැන් කටයුතු කරලා තියෙන්නේ. අද අරගෙන ආව චිත්‍රපටිය ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන දමිළ සිනමා රසිකයන්ට නම් වටින චිත්‍රපටියක් වේවි. ආර්යා හා හංසිකා ගේ රංඟනයෙන් හැඩවුන මේ චිත්‍රපටිය රසික ජනතාව අතර ඉතාමත් ජනප්‍රියතාවයට ලක්වුනා. මැතකදි නිකුත් වුන බොහෝ දමිළ චිත්‍රපටි වැඩි වශයෙන් ක්‍රියාදාම වලට නැබුරු උනේ නැහැනේ. එත් මේ චිත්‍රපටියනම් ක්‍රියාදාම අතර ඉහලින්ම සිටිනවා. කතාව ගැන කිව්වොත් මත්ද්‍රව්‍ය අපරාදකරුවන් හොයාගෙන යන රහස් පරික්ෂක නිලධාරින් වටා තමයි කතාව ගෙතෙන්නේ. මොම්බායි වල මත්ද්‍රව්‍ය බෙදාහරින ලොකුම ලොකු මැරයෙක් වන ජෝතිගේ නැවකින් එන විශාල මත්ද්‍රව්‍ය තොගයක් හිටි හැටියේ අතුරුදහන් වෙනවා. මේ ගැන ඔහු සැක කරන කිසිවෙකු මේ මත්ද්‍රව්‍ය තොගය පැහැරගෙන නැහැ. කොහොමත් මේ මැරයාට තියන බය නිසාම කවුරුත් මොහුට විරුද්ධව කටයුතු කරන්නේ නෑ. නමුත් මේ විදියට ඔහුගෙන් මත්ද්‍රව්‍ය සේරම සොරකම් කල කෙනා කවුද? ඔහු ඇයි මේ විදියට මේ මත්ද්‍රව්‍ය තොගය හොරකම් කරලා මුම්බායි වල බලවත්ම මැරයා වෙන ජෝති එක්ක හැප්පෙන්න හදන්නේ...කතාව අරගෙනම බලන්නකෝ...තවත් චිත්‍රපටියකින් ඉක්මනින් මුණගැහෙමු


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Night At The Museum: Secret Of The Tomb (2014) සිංහල උපසිරැසි සමඟ.





කොහොමද යාලුවනේ?මේ දවස් ටිකේම හිතපු නැති විදියට වැඩ වැටුනා ඒක නිසා මේ ෆිලුම ඔයාලට අරන් එන්න වෙලාවක් හොයා ගන්නත් අමාරු උනා එත් ඉඩක් ලැබුණු ගමන්ම තමයි මේක අරගෙන ආවේ.මේ චිත්‍රපටය ගැන නම් ඔයාලට අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නැහැ.හැමෝම මග බලාගෙන හිටපු Night at the Museum චිත්‍රපට මාලාවේ තුන්වන දිගුව තමයි මේ.ෆිලුම ගැන තව විස්තර ටිකක් කියන්න කලින් ෆ්ලෑෂ් කතාමාලාව නරඹන අයට පොඩි ආරංචියක් දෙන්නත් තියෙනවා ඒ තමයි ෆ්ලෑෂ් කතාමාලාවේ පහලොස්වෙනි කොටස විකාශ වෙන්නේ මාර්තු මස 17 වෙනි අගහරුවාද බව. එහෙනම් ෆිලුම ගැන තව ටිකක් විස්තර කරන්නම්.


හොඳයි මේ චිත්‍රපටයට IMDB මීටරේ 6.5 දක්වා කැරකිලා තියෙනවා.කලින් චිත්‍රපට වලට දෙවැනි වෙන්නේ නැහැ.රංගනයෙන් දායක වෙන්නෙත් කලින් චිත්‍රපට වලට රංගනයෙන් දායක උන අයම තමයි.එත් එයින් සමහරක් අය මේ වෙනකොට මියගිහින් තියෙන නිසා මේ චිත්‍රපට මාලාවේ අවසාන දිගහැරුම වෙන්න පුලුවන්.ඒ වගේම X-men චිත්‍රපට මාලාවේ වුල්වරින් චරිතයට පණ පොවන hugh jackman නුත් ආරාධිත රංගනයකින් දායක වෙනවා. චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් අපේ කෞතුකාගාරයේ පණ එන යාළුවෝ හැමෝම හදිසියේම නැවතත් ඉටි බවට හැරෙන්න පටන් ගන්නවා ඉතින් ලැරී මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා හොයන්න පටන් ගන්නවා තනියම නම් නෙවෙයි කස්ටියට මතකද මන්ද ලැරිට පුංචි පුතෙකුත් හිටියා හැබැයි දැන් නම් ඒ පුතණ්ඩියා පුංචි නැහැ ඉතින් ලැරී එයාගේ පුතා එක්ක එකතු වෙලා තමයි මේකට හේතුව හොයන්නේ හේතු හොයන්න ගිහින් දෙන්න වැටෙන කරදර ගැන වචනයෙන් නම් විස්තර කරන්න බැහැ.ඒ වගේම අපේ කෞතුකාගාරයේ යාලුවොත්
මෙයාලට උදව් වෙනවා.ඉතින් පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් විදියට මේ ෆිලුම හැමෝටම නරඹන්න අරාධනා කරන ගමන් මම යනවා,තවත් උපසිරසියකින් හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Birdman (2014) Oscar's best movie සිංහල උපසිරැසි සමඟ.




ඔන්න එහෙනම් කවුරුත් බලාපොරොත්තු තියාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මේක අපේ නිමන්ත උපසිරැසි කරන්න බාර අරගෙන තිබුණා. ඉතින් එයාට මේ දවස් ටිකේ පොඩ්ඩක් කාර්යබහුල හින්දා මම ඒක ඉල්ලගෙන සම්පූර්ණ කරලා දැම්මා. Need for Speed(2014), RoboCop(2014), Noah(2012) වගේ චිත්‍රපට වල රඟ පෑ ඇමෙරිකානු නළු Michael Keaton තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. ඒ වගේම පසුගිය දා නිමාවට පත් වූ 2015 ඔස්කාර් සම්මාන උ‍ළලේදී හොඳම චිත්‍රපටය ආදී සම්මාන 4කට හිමිකම් කියනු ලැබුවේ මේ චිත්‍රපටයයි. ඉතින් මේකට 8.1ක IMDB අගයක් හිමි කරගෙන තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නිකුත් වුණු දිනය ලෙස සඳහන් වෙලා තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් 14වැනි දායි.

මේකේ කතාව නම් විස්තර කරන්න හරිම අමාරුයි. මොකද ඒ තරමට ටිකක් සංකීර්ණ චිත්‍රපටයක් නිසා. රිගන් තොම්සන් කියන්නේ තමන්ගේ ජීවිතය ජයගන්න වෙර දරන නළුවෙක්. ඔහු වසර විස්සකට පමණ පෙර රචනා වූ කොමික් පොතක් වන බර්ඩ්මෑන්ගේ කතාව අලලා නිර්මාණය කරපු චිත්‍රපටයකට රඟපානවා. ඉතින් ඒ චිත්‍රපයට අතිශයින්ම ජනප්‍රිය වෙලා මෙයත් මිනිසුන් අතර ජනප්‍රිය වෙනවා. ඊට කාලෙකට පස්සේ හෙයා කරන්නේ රංගන ශාලා වල නාට්‍ය වල චරිත නිරූපණය කරන එක. ඔය අතරේ මෙයාට ගොඩක් පවුල් ප්‍රශ්න ඇති වෙනවා. ඒවා අත‍රේ තමන්ගේ රංගන ජීවිතයත් සාර්ථක කරගනිමින් රිගන් තොම්සන් ඉදිරියට යන හැටි ගැන තමයි කතාවේ අන්තර්ගත වෙන්නේ. ඒ වගේම චිත්‍රපටය තුළ අමතක නොවන සිද්ධි කිහිපයක් ඇතුළත් වෙනවා. රිගන් තොම්සන් වේදිකාවේ නාට්‍යයක් රඟපාන අතරතුරේ පොඩ්ඩක් එළියට යනවා. මෙයා ඇඳගෙන ඉන්නේ සාලුවක්. මේ අතරේ හුලං පාරට දොර වැහිලා මෙයාට ඇතුළට යාගන්න බැරි වෙනවා. ඒ අතරේ සාලුවේ කොටසක් දොරට අහුවෙලා හිරවෙනවා. ඉතින් මෙයා සාලුව ගලවලා දාලා නගරයේ මිනිස්සු දහස් ගානක් අතරින් අඩ නිරුවත්ව රංගන ශාලායට යනවා. ඒක එක සිද්ධියක් විතරයි. තව මෙයා නාට්‍යයක අවසන් පූර්ව දර්ශනය අතරතුරේ ඇත්ත තුවක්කුවකින් තමන්ට zවෙඩි තබාගන්නවා. ඔය වගේ එකිනෙකට වෙනස් විවිධ සිද්ධි ගණනාවකින් මේ චිත්‍රපටය සමන්විතයි. එහෙනම් 2015 ඔස්කාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටය, ‍හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමා ශිල්පය ආදී සම්මාන රැසක් ‍දිනාගත් මේ චිත්‍රපයට නරඹා රසවිඳින්න. ජයවේවා!!!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල් හා කවීදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Power Star 2014 (Kannada Movie) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න ටික දවසකට පස්සෙ අපි තවත් උපසිරැසියක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවේ, මේකේ විශේෂත්වයක් තියෙනවා ඒක තමයි මේ චිත්‍රපටය දකුණු ඉන්දීය තවත් භාශාවක් වෙන කන්නඩා භාශාවේ චිත්‍රපටයක් වීම, භාශාව ගැටලුවක් නැතුව චිත්‍රපටය රසවිදින්න ඕනෙ නිසා තමයි අපි සිංහලෙන්ම මේක උපසිරැසි ගන්වලා අරගෙන ආවෙ, කන්නවා භාශාමය චිත්‍රපටයකට අන්තර්ජාලයට සිංහල උපසිරැසියක් නිකුත් වෙන මුල්ම අවස්ථාව මේක වෙන්න ඕනෙ, එහෙනම් වැඩ් කතා නැතිව චිත්‍රපටය දිහාට හැරෙමු,2014 අගෝස්තු 28 තිරගතවීම ආරම්භකරපු මෙහි අධ්‍යක්ශනය K.Madesh විසින් සිදු කරලා තියෙනවා, මෙහි ප්‍රධාන නළුවා විදියට Puneeth Rajkumar රංගනයෙන් දායක වෙනවා වගේම, ප්‍රධාන නිළිය විදියට Samar, Mankatha වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Trisha Krishnan රංගනයෙන් දායක වෙලා තියෙනවා, S.Thaman විසින් සංගීත අධ්‍යක්ශණය සිදු කර ඇති මෙය මිනිත්තු 173ක් පුරා දිව යනවා, කතාව දිහාටත් හැරෙනවානම් ක්‍රිශ්ණ ප්‍රසාද් කියන්නේ හොද පිළිගැනිමක් තියෙන අවංක දේශපාලකයෙක්, හැබැයි ඔහුගේ ප්‍රතිවාදියෙක් ඔහුව මරන්න සැළසුම් කරනවා ඒ ක්‍රිශ්ණ ප්‍ර්සාද් ලඟම ඉන්න අය ලවා, මේ සැලැස්ම අවසානෙදි හැමෝම හිතන්නේ ක්‍රිශ්ණ ප්‍රසාද් මැරුණා කියලා, හැබැයි ඇත්තටම එයා මැරෙන්නේ නෑ, එයා ඉන්නේ කෝමා තත්වයක, මේ විදියට අවුරුදු 14කට පස්සේ ක්‍රිශ්ණ ප්‍රසාද්ගේ පුතා මුම්බායි වල ඉහළ පොලිස් නිළධාරියෙක් බවට පත් වෙනවා, හැබැයි මෙයා දන්නෙත් නෑ තමන්ගේ තාත්තා ජීවතුන් අතර ඉන්නවා කියලා, තමන්ගේ පොලිස් රාජකාරිය කරගෙන යන ගමන්, තාත්තාට කෝමා තවත්වයට පත් කරපු අයව හොයාගෙන යන්න තමයි බරත් සූදානම් වෙන්නේ, එහෙනම් කතාව ගැන මීට වඩා කියන්න යන්නේ නෑ, කතාවෙ පුරාම ඇක්ශන් අඩුවක් නැතුව බලාගන්න පුලුවන් ඒ නිසාමයි අපි මේක උපසිරැසි ගන්වලා අරගෙන ආවෙත්, ඒවගේම කියන්න ඕනෙ ඊයෙ මේ නමින්ම Power කියලා තෙලුගු චිත්‍රපටයක් ලබාදීලා තියෙනවා, නම් දෙක එක සමාන වුනත් මේ චිත්‍රපට දෙකක් කියන දැනුම්දීමත් එක්ක චිත්‍රපට දෙක පටලවාගන්න එපා කියල ඉල්ලීමත් එක්ක අපි ගිහින් එන්නම්, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

ජනප්‍රිය ලිපි

ලිපි ලැයිස්තුව

ආපු කට්ටිය