Safe House (2012) සිංහල උපසිරැසි සමඟ


ඔන්න යාළුවනේ මගේ අනිත් වැඩේත් මම අද ඉවර කලා.මේක අපේ හෙඩ්ස්ගේ ඉල්ලීමකට ඔහු විසින් තෝරලා දුන්න මෙම වසරේ මේ වන විටත් ලෝකය පුරාම අති සාර්ථක අන්දමින් තිරගත වෙන මැක්සම මැක්සා ඇක්ශන් ෆිල්ම් එකක්.ආ තව දෙයක් මම ඇත්තටම ඊගාවට දෙනවයි කියල කිවුවේ The Avengersනේ. ඒකේ තාම හොඳ කොපියක් නිකුත් උනේ නෑ. ඒ හේතුව නිසා මම මේ ෆිල්ම් එකට සබ් දාන්න දැනට සති දෙකකට විතර උඩඩි වැඩේ බාර ගත්තේ. ටිකක් විතර වැඩේට ප්‍රමාද උනා. අධික වැඩ රාජකාරී නිසා. ඒකට සමාවෙන්න ඕනේ.අද දිනේ 2012.06.02. දැන් වේලාව හරියටම ප.ව 12.45 යි. ඔන්න දැනුයි සබ් දාලා ඉවර උනේ.
ඉතිං දැන් විස්තර ඇතිනේ මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Daniel Espinosa විසිනුයි. මේක Imdb Rating 7.0/10 ක ඉහල අගයක් අරගෙන තියෙන ෆිල්ම් එකක්. මේකේ කතා තේමාව දිව යන්නේ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රාජකාරී කරපු ටොබින් ෆොරොස්ට් නැමැති හිටපු නිළධාරියෙක් ඔවුන්ට අවශ්‍ය වුවත් ඔවුන්ගෙන් බේරෙමින් සිටින මොහු සී.අයි.ඒ. එකට මෙතරම් අවශ්‍ය වන්නේ ඇයි? ඔහු සතුව පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව සොයා ගැනීමට ෆිල්ම් එක බාගෙනම බලන්න කියලා කියනවා.මේ ච්ත්‍රපටියේ ටොබින්ගේ චරිතයට පන පොවන්නේ සුප්‍රකට අතිවිශිෂ්ඨ රංගධරයෙකු වන Denzel Washington සෑහෙන කාලෙකට පස්සේ නැවතත් ඇවිල්ලා ඉන්නේ ඊට අමතරව Ryan Reynolds විසිනුත් මෙම චිත්‍රපටියේ තවත් සුපිරි රංගනයක් ඉදිරිපත් කරනවා. ආ තව දෙයක් කියන්න ඕනේ මේ චිත්‍රපටියට උපසිරැසි යෙදීමේදී සමහරක් අප දන්නා ඉංග්‍රීසි වදන් වල සිංහල තේරුම අරගෙන දැම්මහම නිකං මඤඤං වගේ. ඒ වගේ තැන්වල අදාල ඉංග්‍රීසි වචනම පාවිච්චි කරල සබ් එක දෙනවා මොකද දන්න සිංහලෙන් කස්ටියට තේරුම් ගන්න අවශ්‍ය නිසා. දැන් ඉතිං විස්තර කිවුවා ඇතිනේ. ඉතිං එහෙනම් මම යනවෝ!!!! මේක බලලා බාගන්න අය මොනව හරි කොටාගෙනම යන්ඩෝ!!!! අඩුම ගානේ බැනලා හරි යන්ඩෝ!!!!! හැමෝටම පින්බර පොසොන් මංගල්‍යයක් වේවා කියලා පතනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි



2 comments:

  1. ela machan. jaya wewa..............

    ReplyDelete
  2. මම ඔයාලගේ සිතේ එකෙන් ගොඩක් ෆිල්ම්ස් අරන් තියෙනවා, ම්ම් කෙමති ෆිල්ම්ස්වලින්ම බලන්නයි, එත් සමහර ෆිල්ම්ස් සබ් එක්ක බලන්නත් කැමතියි , සබ් ඩවුන්ලෝඩ කරාට ෆිල්ම් එකත් එක්ක බලන්න දන්නේන
    කට හරි පුලුවන්ද කියා දෙන්න?
    ඔයාලගේ අලුත් සයිට් එකට සුබපතනවා...

    ReplyDelete

Powered by Blogger.