Udta Punjab (2016) සිංහල උපසිරැසි සමඟින්

තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ. මේ චිත්‍රපටිය නිකුත් වෙන්න කලින් ඉදන්ම සැහෙන තාඩන පිඩන වලට ලක් වුනා ඒ උනේ චිත්‍රපටියේ අසභ්‍ය දර්ශන ඇති නිසා නම් නෙමෙයි. මේ චිත්‍රපටිය මත්ද්‍රව්‍ය ගැන කෙලින්ම කතා කරන නිසා. ඒ වගේම මේ චිත්‍රපටියේ භාවිතා වෙන අසභ්‍ය වචන ප්‍රමාණයත් වැඩි විම මෙයට හේතුවක් උනා. නමුත් කොහොම හරි චිත්‍රපටිය නිකුත් උනාම විශාල රසික ප්‍රසාදයක් මේ චිත්‍රපටියට ලැබුනා. Udta Punjab අධ්‍යක්ෂණය කරන්නේ Abhishek Chaubey විසින් මෙහි ප්‍රධාන චරිත ලෙස Shahid Kapoor,Kareena Kapoor,Alia Bhatt,Diljit Dosanjh රංඟනයෙන් දායක වෙනවා. විනාඩි 149ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්...
චිත්‍රපටිය ගැන කියනවා නම් මේ කතාවේ චරිත හතර වෙන වෙනම දිවෙන අතර අවසානයේ චරිත වල ගැලපිමක් සිදුවෙනවා... මුල ඉදන් කිව්වොත්... ටොමී එහෙමත් නැතිනම් ගබ්රූ කියන්නේ රැප් ගායකයෙක්. මොහු මත්ද්‍රව්‍ය වලට බෙහෙවින් ඇබ්බැහි වුවෙක්.. මොහුගේ ගීත වලින් ව්‍යාංගාර්ථයෙන් මත්ද්‍රව්‍ය ලබාගන්න තරුණයන්ව පොළබවනවා. ඒ වගේම මොහු කවුරුත් කියන දේ අහන්නේ නැති පුද්ගලයෙක්.. දෙවැනි චරිතය ආලියා බාට් විසින් රඟපාන චරිතය. විශේෂත්වයක් වන්නේ මේ චරිතයට නාමයක් නැහැ.. මැය කෙත්වල ගොයම් කපන වැඩ කරන්නේ. දිනක් ඇයට මේ කෙතක තිබිලා පාර්සලයක් ලැබෙනවා. මේ පාර්සලය ඇයගේ ජිවිතය කන පිට හරවන්නේ එක නිමේෂයකින්... අනික් චරිතය පොලිස් පරික්ෂක ශර්තාජ් සිං... මොහු පොලිසියේ වැඩකලාත් මත්ද්‍රව්‍ය පන්ජාබයට ගේන ජවාරම් කරුවන් නිතියට කොටු කරගන්නේ නැහැ .ඒ මොවුන්ට ඒ වෙනුවෙන් පගාවක් ලැබෙන නිසා. නමුත් මොහුගේ දැස් පැදෙන්නේ තමන්ගේ එකම මල්ලිත් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි විමත් සමඟයි.. හතරවන චරිතය ප්‍රිති සිං. ඇය වෛද්‍ය වරියක් තනියම ඇය මේ මත්ද්‍රව්‍ය ගන්නා තරුණයින් යහා මඟට ගන්න උත්සහා කරනවා. මැයට පසුකාලිනව උදව් කරන්නේ පොලිස් පරික්ෂක සර්දාජ් සිං තමයි. කොහොම හරි මේ හැමෝටම මේ මත්ද්‍රව්‍ය රකුසා එක එක විදියට බලපානවා. මං නම් කියන්නේ අනිවාර්යෙන් මේ කතාව කියවනවාට වඩා හොදයි අරගෙනම බලන එක...
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
Leave a Comment