The Silence Of The Lambs (1991) සිංහල උපසිරැසි සමඟ.



5 Academy Awards
Best Picture
Best Actress (Jodie Foster)
Best Actor (Anthony Hopkins)
Best Director (Jonathan Demme)

ඉහත කියලා තියන සම්මාන ටික දිනා ගත්ත මේ චිත්‍රපටිය විද්‍යාවට ගොඩක් සම්බන්ධකම් තියනවා. ඒකෙන් ගොඩක්ම චර්ය්‍යා විද්‍යාවට අදාලයි. ඔයාලා අපි කවුරු උණත් පාර-තොටේ යද්දි පුදුම විදිහේ මිනිස්සුන්ව දැකලා තියනවා, එහෙම නේද.. සමහරක් අයට පිස්සු කියලත් හිතේනව නේ. කොහොමින් කොහොම හාරි මෙකත් එහෙම පිස්සේක්ව අල්ලන්ට පිස්සෙක්ගේන් උදව් ගන්න කථාවක්. ඇත්තටම කියන්න ඔන ඔයාල මේක බලපුවාම තේරෙයි පිස්සෙක්ව අල්ලන්න එච්චර ලේසි නැ කියලා. ඒ විතරක් නෙවෙයි, පිස්සේක් අදහස් කරන දේවල් අපිට තෙරුම් ගන්න කොච්චර අමාරුද කියලා. අපි කොච්චර දුරට මොලේ පාවිච්චි කරන්න ඔනද කියලා. අමුතු තෙමාවක් යටතේ යන ලස්සන කතාවක් 1991 තිරඟත වු මේම චිත්‍රපටය දර්ශකයේ 8.7 වැනි ඉහල අගයක ඇති විශිෂ්ට ගනයේ නිර්මාණයක්. ඒ විතරක් නෙවෙයි, ඔස්කාර 5 ක් ගහපු ලෝකේ හොඳම ෆිල්ම් වලින් 24 වෙනි තැන තියෙනවා. මම නම් හිතන්නේ මේ ටික කියපුවාම ඉතිං අයේ මේක ගැන වර්ණා කරන්න ඔන නැනේ.

Crime, Drama, Thriller ගණයට වැටෙන මේ සින් එක මෙහෙමයි වෙන්නේ. අපරාධකාරයෙක් ඉන්නවා. මිනිහ එකම ආකරයක ගොදුරු ඩැහැගන්නවා. මේ සැම අපරාධයකම සමානකම් තියනවා. ඒකෙන් කියනවා මේ අපරාධකාරයා එක්කෙනෙක් හෝ කණ්ඩායමක් වෙන්න ඕන කියලා. ඉතින් මෙයාව හඳුන්වන්න නමකුත් දානවා. වෙන උන් වගේ නෙවෙයි මු. මිනි මරන්නේ ආතල් එකක් ගන්න. අපි කාටත් එක එකආතල් තියනවා. සමාජ ක්‍රමයට පටහැනි අතල් තියනකොට අපි කියනවා ඌට පිස්සු කියලා. අනේ මම දන්නේ නෑ, මම නම් එහෙම කියන්නේ නෑ. එවත් ඔන. ඉතිං මේ යකා මිනිවල හම ගලවනවා. ඇයි කියලා අහන්න එපා එක ඔයාලා බලන්න ඔන. තරුණ ලස්සන FBI නිලධාරිනියක්ට තමා මේ මහා කෙස් එක වැටෙන්නේ. විද්‍යානුකුල පසුබිමක් ඇති මේ සිද්ධිය පසු පස යැමට මැයට උදව් කරන්නේ පිස්සෙක්. කියන මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ. එත් මේයා උත්සහය අත අරින්නේ නෑ. අන්තිම්ට මේ පිස්සා මෙයාට උදව් කරනවද? එක ඔයාලා බලන්න.නෑ එක්කො මම ම කියන්නම්. මෙයා උදව් කරනවා. හැබැයි ඒක උදව්වක් නෙවෙයි. තවත් ලොකු කෙස් එකක්. එකනේ මෙක අහනවට වැඩිය හොඳයි බලන එක…



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.