22 Jump Street (2014) සිංහල



ලොව සුපතල The Lego Movie 2014 හා Cloudy with a Chance of Meatballs 2009 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල ෆිල් ලෝඩ් හා ක්‍රිස්ටෝපර් මිලර් යන විශිෂ්ට අධ්‍යක්ෂක වරුන්ගෙ 21 Jump Street හෙවත් 21 වන මාවත චිත්‍රපටයේ දෙවන කොටස තමයි මේ දෙන්න යන්නේ. ඇත්තටම මා දැකපු සුපිරිම කොමඩි චිත්‍රපට අතරින් එකක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන් ජෝනා හිල්ගෙ ගොං ආතල් වලට හිනා නොවී වෙන කුමක් කරන්නද. ලංකාවෙත් අපි අනන්තවත් එක එක ආතල් දෙන පොලිස් කාරයන්ගෙ චිත්‍රපට දැකලා තියෙනවානෙ. මේ මැතකදීත් මට මතකයි කොස්තාපල් කෙනෙකු ගැන චිත්‍රපටයක් නිකුත් වුනා (ඒකත් සුපිරි ඈ). ඇත්තටම ලෝකෙ විවිධ රට වල සිනමා අධ්‍යක්ෂක වරු කොමඩි චිත්‍රපට නිර්මාණය කරන්නෙ ඒ ඒ රටට අදාල විදිහට. ඒ ඒ රටේ මිනිසුන් කොමඩි චිත්‍රපට වලට හැඩ ගැහිලා ඉන්නෙ ඔවුන්ගෙ රටේ සම්ප්‍රධාය හා නරඹා ඇති කොමඩි චිත්‍රපට වලට පුරුද්දත් සමඟනෙ. එත් සංගීතය විශ්වීය භාෂාවක් කියනවා මෙන්ම කොමඩි චිත්‍රපටත් විශ්වීය භාෂාවක්. බැහැයි එය තේරුම් අරගෙන සිටින සිනමා අධ්‍යක්ෂක වරු ලෝකයේ සිටින්නේ බොහොම අතලොස්සක්. මේ කියන්න යන්නෙත් එම අතලොස්ස අතරින් බිහිවූ විශිෂ්ට කොමඩි සිනමාපටයක දෙවන ඇරඹුම ගැනයි.

පලමු කතාව ගැන කියන්න දෙයක් නැහැනෙ. ඇත්තටම පලවෙනි චිත්‍රපටය මේ සිනමාපටයට එපමණ සම්බන්ධයක් නම් පෙන්වන්නෙ නැහැ. අනෙක චිත්‍රපටය ආරම්භයේදීම පරණ චිත්‍රපටයේ යම් යම් ප්‍රධාන සිද්ධීන් ටිකක් පෙන්වනවා හරියට ටීවී සීරයස් එකක් කොටස් ආරම්භ වනවා වගේ. පලවෙනි කතාවෙ ඔවුන්ට පැවරෙන පාසැලේ මෙහෙයුම ඉවර කරලා ඔවුන් නැවතත් තම ඊළඟ මෙහෙයුම එනතුරු බලාපොරොත්තුවෙන් සිටිනවා. හැබැයි ඔවුන් කලින් වතාවෙ වගේ ඉස්කෝලෙක මෙහෙයුමක් නම් නෙවෙයි බලාපොරොත්තු වෙන්නෙ. ඒත් උන්ගෙම කරුමෙට වගේ මෙදා පොටෙත් පාසැලක මත්කුඩු ජාවාරමක් වටලන්න තමයි ලැබෙන්නෙ. ඇත්තටම මෝඩ පොලිස් කාරයො දෙන්නෙක් වගේ හැසිරුනාට මුන්ට අර ස්කුබිඩූ කාටුන් එකේ හැමදාම හොරා අල්ලගන්නෙ ස්කුබිඩූ වගේ දන්නෙම නැතුව හොරා අතටම ඇල්ලෙනවා. කතාවෙ ඇතුලාන්තෙ කියන්න දෙයක් නම් නැහැ. සිරාවටම රසවිඳන්න තමයි තියෙන්නෙ.

අවසන් කරන්න ප්‍රථමයෙන් කියන්නට ඕන චිත්‍රපටය හදිසියෙ දැම්මෙ සූම් එකට ගොඩක් අය ඉල්ලුම් කරලා තිබුනා උපසිරැසිය දෙන්න කියලා. ඉතිං මේකට මායි තාරක අයියයි සබ් එක දැම්මෙ අපේ කාලය ගැනවත් නොසිතා.. ඇත්තටම දවසක් වගේ කෙටි කාලයක් තුල සබ් එක දාගන්නත් පුළුවන් වුනේ තාරක අයියාගෙ උදව්ව නිසා. ඉතිං චිත්‍රපටයේ 60% ක විතර ස්තුතිය හිමිවන්න ඕනෙ තාරක අයියාට. තව චිත්‍රපටය ගැන දෙයක් කියන්න තියෙනවා ඒ තමයි මෙහි තෙවන කොටසකුත් එන බව දැනටමත් සිය අයිතිකාරයින් අන්තර්ජාලයට ඒ පිළිබඳව කරුණු මුදාහැර අවසන්. හැබැයි තවමත් නිකුත් වන දිනයක් නම් කියා නැහැ. තව දෙයක් චිත්‍රපටයේ ප්‍රධාන නළු දෙපල වන Channing Tatum හා Jonah Hill යන දෙදෙනා අති විශිෂ්ට ප්‍රහසන රංගනයක නිරත වෙනවා. චිත්‍රපටයෙ මුල් අවස්ථාවෙ මොවුන් දෙදෙනා මත් කුඩු වටලන්නට යන අවස්ථාවක Channing Tatum විසින් අංගවිකලයෙක්ගෙ රඟපෑමක් දක්වනවා. ෂා... ඒ වගේ රංගනයක් නම් අති විශිෂ්ටයි. එහෙනම් දැනට මේ ඇති.. කතාව බලලාම හැමෝම අපිට හොඳ නරක ගැන කමෙන්ට් එකක් එහෙම දාන්න. අදට සමුගන්නවා හැමෝටම සුබ දවසක්


චිත්‍රපටියේ BluRay හා WEB පිටපත් දෙකටම ගැලපෙන ලෙස උපසිරැසි නිකුත් කර ඇත.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB WEBRIP Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් ධනුෂ්ක ලක්මාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.