October Sky (1999) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න කට්ටියට මම ගෙනාවා මගේ පළවැනි උපසිරසි ගැන්වීම.ඒකට මම තෝරා ගත්තේ මම බලපු සුපිරිම ෆිල්ම් එකක්. Octomber sky කියන්නේ ට්කක් අමුතුම විදිහේ චිත්‍රපටියක්.එක හදලා තියෙන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියවුනු "Rocket boys" නවකතාව ඇසුරෙන්. ඇමරිකාවේ එක පිටිසර ගමක් තියනවා කොල්වුඩ් කියලා. ඇත්තටම එක ගමක් නෙවෙයි පතලක්. මෙහෙ ඉන්න හැමෝගෙම ඉරණම තමා මුළු ජීවිත කාලෙම මේ පතලට වෙලා ගල අඟුරු කඩන එක. එත් මේ නගරයේ හිටපු පොඩි කොල්ලෝ හතර දෙනෙක් මේ ඉරණම වෙනස් කර ගන්නවා. රුසියාව ස්පුට්නික් චන්ද්‍රිකාව අබ්යවකාශ ගතකිරීමත් සමගම මේ අයට රොකට් ගැන ආසාවක් ඇතිවෙනවා. නමුත් මේ නිසාම මේ අය ගමේ මිනිස්සුන්ගේ විහිළුවක් බවට පත් වෙනවා. ඉතුරු ටික කියනවාට වඩා හොඳයිනේ බලලම රසවිදින එක. මේක කොච්චර සුපිරිද කිව්වොත් imdb වර්ගීකරණය යටතේ 7.7 වැනි අගයක් ගන්න සමත්වෙලා තියන සම්මානලාබී චිත්‍රපටියක්.මෙහි රන්ගපානේ අපි කවුරුත් දන්න Source code, Prince of persia sands of time, Zodiac, Brokeback mountain, Donnie darko, Brothersවගේ ෆිල්ම් වල ප්‍රධාන චරිතය රගපාපු ජේක් ගිලන්හාල්. මේක Shawshank redemption,s Sving private ryan වගේ සමකාලීන ඒවාට නොදෙවැනි ෆිල්ම් එකක්.ෆිල්ම් එක 1999 වුනාට මට මේ වෙනකල් මේවගේ අර්ථවත් චිත්‍රපටියක් හම්බුනේම නෑ. මේක ඔයාලා හමෝම බැලිය යුතු එකක් කිව්වොත් මම හරි. බැලුවට කිසිම පාඩුවක් වෙන එකක් නෑ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවීන්ද්‍ර ශ්‍රී බණ්ඩාර විසිනි

2 comments:

  1. hari danmama bagannamko thanks

    ReplyDelete
  2. ele.ෙම්ක මම බලපු සුපිරිම ඒකක්

    ReplyDelete

Powered by Blogger.