American Pie 2 [2001] සිංහල උපසිරැසි සමඟ


ඔන්න ඉතින් කියපු විදියටම ඇමරිකන් පයි 2 චිත්‍රපටයට උපසිරැසි දෙනවා. මේ චිත්‍රපටය 2001 නිකුත් කලේ.ජේ.බී.රොජර්ස් අධ්‍යක්ෂණය කරපු මෙයට ඇ.ඩො.මි. 30ක් වියදම් කරලා හදපු චිත්‍රපටයක්. ආදායම ඇ.ඩො.287,553,595ක්! පළමු චිත්‍රපටය වගේම මෙයත් බොක්ස් ඔෆීස් වාර්තා තැබුවා. මෙම චිත්‍රපටයේ පළමු කොටස අපේ අලුත්ම වෙබ් අඩවිය වන movies.zoom.lk වෙතින් ලබාගන්න ඔයාට පුලුවන්.

මේකෙ කතාව පොඩ්ඩක් බලමු. ජිම්, කෙවින්, ඕස්, ෆින්ච්, ස්ටිෆ්ලර්(මගේ කැමතිම චරිතට ) ඇතුලු යාලුවන් පස් දෙනා ගිම්හාන නිවාඩුව ගත කරන්න යන්නෙ. මේ සැරේ එයාලා තෝරගන්නෙ විලක් ළඟ තැනක්. එහිදි එයාලා ගොඩක් විනෝද වෙනවා. පට්ටම පට්ට විහිලු ගොඩක් මේ දෙවැනි චිත්‍රපටයේ තියෙනවා. මේකෙදිත් ජිම් සහ ස්ටිෆ්ලර්ගෙ පිස්සු වැඩ ගොඩක් බලාගන්න පුලුවන්. පළවෙනි චිත්‍රපටය බැලුව නම් ඒකෙදි ෆින්ච්ගෙයි ස්ටිෆ්ලර්ගෙ අම්මගෙයි පොඩි හුටපටයක් යනව මතක ඇතිනේ. ෆින්ච් ට මේ සැරෙත් ස්ටිෆීගෙ අම්මව හම්බවෙනවා.

අන්තිමේදි ලොකු පාටියක් දෙනවා කට්ටියම. පළවෙනි චිත්‍රපටයට වැඩිය මට මේක හොඳයි කියල හිතෙනවා. ඒ වගේම ජිම් එයාගෙ පෙම්වතියවත් මේකෙදි තෝරගන්නවා. ඒ කවුද? ඒ වගේ විශේෂ සිදුවීම් ගොඩක් එක්ක එක දිගටම හිනා වෙන්න පුලුවන් කතාවක් තියෙන චිත්‍රපටයක් තමයි මේ. 

උපසිරැසි කිරීමේදි ලංකාවේ සභ්‍යත්වයට වගේම කතාවට හානියක් නොවන්න මම පරිවර්ථනය කරන්න වග බලාගත්තා. ඒ වගේම කතාව ඔයාලට තේරුම්ගන්න පහසු වෙන්නත්, අපේ ව්‍යවහාරයට හරියන්නත් ඕන නිසා ටිකක් මහන්සිවෙන්න වුනා පරිවර්ථනය කරද්දි.
ඊළඟට අපි ඇමරිකන් පයි 3, ජිම්ගෙ වෙඩින් එකෙන් හමුවෙමු.

පහත දීල තියෙන්නෙ චිත්‍රපට 8ම ඇතුලත් ටොරන්ට් එකක්. ඒකෙන් සේරම හෝ ඇමරිකන් පයි 2 චිත්‍රපට පමණක් හෝ ඔයාට බාගන්න පුලුවන්. ඒක Bit torrent හෝ U torrent මෘදුකාංගය විවෘත වන විට තෝරගන්න පුලුවන්.
එහෙනම් කට්ටියටම ජයවේවා!


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉඳුනිත් විසිනි



No comments

Powered by Blogger.