Blue Lagoon: The Awakening (2012) සිංහල උපසිරැසි සමඟින්!









කොහොමද ? කස්ටිය ඔන්න එහෙනම් තවත් ෆට්ට ෆිලුමක් උස්සන් මන් ආවා.මෙදා පාර අරගෙන ආවේ 2012 තිරගත් වෙච්ච එකක්,මේකේ IMDB අගය සඳහන් වෙන්නේ 5.8 ලෙස adventure,drama,romance කියන ගණයට තමයි ඇතුලත් වෙන්නේ.කතාව ගැන ටිකක් කියනවා නම් ඩින් කියන්නේ තාත්තා විතරක් ඉන්න(තනිවෙච්ච කිව්වොත් තමයි හරි) පාසල් යන තරුණයෙක් මෙයා තමයි මේ කතාවේ කොල්ලගේ චරිතයට පන පොවන්නේ,හැම කතාවකම ඉන්නවනේ කෙල්ලෙක් මේ කතාවේ කෙල්ලගේ නම තමයි එමා ඩින්ගේ පැත්තෙන් ගත්තොත් එමා හාත්පසින්ම වෙනස් මෙයා හුඟක් යාළුවො ඉන්න හුඟක් කොල්ලෝ ට්‍රයි කරන පට්ට කෑල්ලක් කිව්වොත් තමයි හරි ඉතින් හැම කොල්ලම වගේ අපේ කතා නායකයත් එමාට බැල්ම දාගෙන තමයි ඉන්නේ,වැඩේ කියන්නේ කොච්චර කොල්ලෝ පස්සෙන් ආවත් එමාත් බැල්ම දාන්නේ අපේ කතා නායකයට තමයි,හැබැයි එයා නම් ඒක දන්නේ නැහැ.එත් එමාගේ යාලුවෝ හදන්නේ ඉස්කෝලේ ඉන්න ජනප්‍රිය කොල්ලේක් එමාට සෙට් කරන්න එයාගේ නම තමයි ස්ටීවන් මේ අතරේ ඉස්කෝලෙන් දවස් 8 ක චාරිකාවක් යන්න සුදානම් වෙනවා මෙතනින් එහාට නම් මම කතාව කියන්න යන්නේ නැහැ ඩින් එමාට ආදරෙයි කියයිද , එමා කාට ආදරේ කරයිද ? ඉස්කෝලෙන් යන චාරිකාවේදී මොනවාද වෙන්නේ කියලා දැනගන්නම ඕනේ නම් මේ කතාව බලන්නම වෙනවා. ආදර කතා වලට කැමති අයට නම් ඔන්න එලටම සෙට් වෙන කතාවක් මේක එහෙනම් අපි ගියා තව එල එකකින් සෙට් වෙමුකෝ.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.