ගබ්බර්ගේ ආගමනය GABBAR IS BACK (2015) සිංහල උපසිරැසි සමඟ.



දවස් දෙක තුනක් පමා උනා චිත්‍රපටිය අරගෙන එන්න... බාරගත්ත චිත්‍රපටියක් නුනත් කොහොම හරි ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න හිතුනා... අවුරුද්දකට වැඩිම චිත්‍රපටි ගානකට මුණ දාගන්න කෙනෙක් තමයි අක්ෂේ කියන්නේ...ඉතින් අක්ෂේ ඉන්න තවත් චිත්‍රපටියක් අරගෙන තමයි ඔන්න ආවේ.

වැඩිය දේවල් නොකියා චිත්‍රපටිය ගැන කියනවා නම් අදිත්‍ය කියන්නේ කැම්පස් එකක ගුරුවරයෙක්...ඔහු පිටත සමාජයට ගුරුවරෙයක් වගේ පෙනුනාට ඔහු ඇතුලින් ලොකු විප්ලවයක් කරනවා...ඒ කියන්නේ ගබ්බර් කියලා අනුවර්තන නාමයක් දාගෙන සමාජ අසාධාණය වෙනුවෙන් නැගි ඉන්නවා.. (මතකනේ Ungli (2014) චිත්‍රපටියේ කට්ටිය අන්න ඒ වගේ) අදිත්‍ය තනියම නෙමෙයි මේ වැඩේ කරන්නේ ඔහුට කණ්ඩායමක් ඉන්නවා...මොවුන් ප්‍රසිද්ධියේ පවසනවා දුෂිතයන්ට දඩුවම් කරනවා කියලා... එහෙම කරලා ඔවුන්ව මහාපාරේ හැමෝටම පේන තැනක එල්ලනවා අල්ලස් ගත්ත නිසා මොහුට මේ දඩුවම දුන්නා කියලා...කෙසේ හරි මේ කරන්නේ මහා විනාසකාරි වැඩක් නිසා පොලිසිය ගබ්බර් කියන්නේ කවුද කියලා හොයමින්ද පවතිනවා...ඇත්තටම ආදිත්‍ය ගබ්බර් උනේ ඇයි? ඒක දැනගන්න චිත්‍රපටිය බලන්න වෙනවා... ප්‍රධාන චරිත ලෙස අක්ෂේ කුමාර් හා ඝෘති කේ හසන් දායක වන අතර ආරාධිත රංඟනයක් ලෙස කරිනා කපුර්ද චිත්‍රපටියේ ජවනිකා කිහිපයක් වෙනුවෙන් රංඟන දායකත්වය දක්වනවා.. ඒ වගේම මේ දවස් වල ගොඩක් ජනප්‍රිය මේ ආදරයයි කතාව ටිවි එකේ බලනවා නම් එකේ මිහිර් ගේ චරිතය කරන කෙනා හා වන්දිතාගේ චරිතය කරන අය මතක ඇතිනේ...ඒ දෙන්නාමත් මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙලා තියෙනවා. එහෙනම් තව හින්දි ෆිලුමක් අරන් එන්නම් ඒ වගේම තවත් කාරණාවක් තියනවා...ලොකේ හොදම හා ජනප්‍රියම රූපවාහිනි කතාමාලවක් දෙන්න අපේ අය තිරණය කලා..ඒක සුම් එකට නැතුව අඩුවක් වගේ පේන නිසා... ඉතින් ඒ කතාමාලාවක් බලන්න ලැස්තිවෙලා ඉන්න..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.