Spy (2015) සිංහල උපසිරැසි සමගින්



කතාදෙකක් නෑ කතාවෙ නමින්ම තියෙනවා මොකක්ද මේ සීන් එක කියලා. ස්පයි එහෙමත් නැත්නම් ඔත්තුකාරයා කියන්නෙ කවුද කියලා වෙනම කියන්න ඕන නෑනෙ. අමෙරිකාවෙ ජෝක් ෆිල්ම් හදන අය විශේෂයෙන්ම මේ චිත්‍රපටයෙ ඉන්නවා වාගේ නිළියන් බොහෝ ලෙසම යොදා ගන්නවා. ඒ කිව්වෙ ටිකක් මහත අය, ගොං පාට් දාන්න පුළුවන් වගේ අය. 22 Jump Street ෆිල්ම්ස් බැලුවා නම් ඔයාලාට මතක ඇති අර මහත ඩයල් එකත් ගොං පාට් දාගෙන තමයි ජෝක් එක ගන්න හදන්නෙ කියලා. ස්පයි කතාවෙ මට නම් එචරම් හිනා ගියේ නෑ. ඇත්ත කියන්න එපයි. ඒත් කතාවෙ හොඳ නළු නිළීයන් නම් ඉන්නවා. මේ කතාවෙ වෙන්නෙ ආරක්ෂක අංශයක වැඩ කරන තමාගෙ පාට්නර් එකපාරටම යම් කෙනෙකු අතින් මරණයට පත්වෙනවා. ඒ ඔහු රාජකාරි කටයුතු වල නිරත වෙද්දි. මැය තමයි ඔහුට අවශ්‍ය තාක්ෂණය ලබලා දෙන්නෙ. ඉතින් ඔහු මිය ගියාට පස්සෙ කූපර් නැමැති ඇය ඔහු මරපු අය සොයා මෙහෙයුමක් ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒ ඇය ඔහුට ලාවට වගේ පෙම් කරපු නිසා. ඉතින් මුළු චිත්‍රපටයේම යන්නෙ මේ තඩි බඩි කෙල්ල මැරයොත් එක්ක වලි දාගෙන පෙන්නන ජෝක් කෑලි තමයි. හැබැයි ඇය නොහිතන දෙයක් චිත්‍රපටයේ අන්තිමට සිදුවෙනවා. එහෙනම් චිත්‍රපටය බාගෙනම ඉතුරු ටිකත් බලන්නකෝ හැමෝටම සුබ දවසක්..


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් හා J A R එරංඟ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.