The Hobbit : The Battle of the Five Armies (2014) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න අද අරගෙන ආවේ ඔයාලා බලන්න ඇගිලි ගැන ගැන උන්න චිත්‍රපටයක්. The Hobbit චිත්‍රපට මාලාවේ අවසාන කොටස.මීටපෙර නිකුත් වු The Hobbit: An Unexpected Journey 2012, The Hobbit: The Desolation of Smaug 2013 යන චිත්‍රපට දෙකම මම උපසිරැසි ගන්වා ලබාදුන්නා මතක ඇති. ඉතින් මෙම චිත්‍රපට මාලාවේ අවසාන කොටස ( එනම් The Battle Of The Five Armies 2014) මටම උපසිරැසි ගන්වන්න කියලා බොහෝ අය ඇරයුම් කරා. ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා මේ චිත්‍රපටය සඳහා උපසිරැසි නිර්මාණය කරන්න මාව පෙළඹවීම ගැන.

එහෙනම් චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කියන්නම්. කුරුමිට්ටන් විසින් එරබෝර් සහ එහි විශාල නිධානය අත්පත්කරගත්තාට පස්සේ,මකරා විල් නගරයට පහර දෙන්න යනවා, ඉතින් විල් නගරයේ හිටිය බාර්ඩ්ට මකරාව මරා දමන්න හැකිවෙනවා.මේ අතර ඒ නිධානයේ හිටිය මකරාගේ ශාපය නිසා නිධානය කෙරෙහි තොරීන් ඔකන්ශීල්ඩ්ගෙ ආශාව වැඩිවෙනවා,විශාල නිධානයෙන් ඔහු අන්ධ වෙනවා. ඒවගේම තමන්ගේ මිත්‍රත්වය සහ ගෞරවය පසෙකලා ආර්කින්ස්ටෝන් මාණික්‍ය සොයාගන්න උත්සහ දරනවා. මේ අතරතුර සෞරෝන්ගේ මහ ඕර්ක් හමුදාව රහසින් එරබෝර් කන්දට පහර දෙන්න උත්සහකරනවා.ඒවගේම මධ්‍යම පෘථිවියේ සමබරතාවය තියෙන්නෙ මනුෂයින්ගේ, එල්විස්ලාගේ සහ කුරුමිට්ටන්ගේ අතේ.ඔවුන්ට එරබෝර් කන්ද ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද?ඉතින් ඔය පොඩි විස්තරය ඇති නේද? චිත්‍රපටය ගැන වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ,
චිත්‍රපටය බාගතකරගෙන අවසානය තෙක් නරඹන්නට ආරාධනා කරනවා. ජයවේවා!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

  1. කෝ ෆිල්ම් එක බාන්න ලින්ක් එකක්?

    ReplyDelete

Powered by Blogger.