The Dictator (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


මේ අවුරුද්දේ තිරගතවුණු හොඳම විකට ගණයට අයත් චිතරපටය සිංහල උපසිරැසි එක්ක රැගෙන ආවේ. එම චිත්‍රපටය තිරගත වෙන්නත් ඉස්සෙල්ල ඉඳලම මෙයට ඉහල ජනප්‍රියත්වයක් තිබුනා. ඔබ අවසන් වරට පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල බැලුවනම් මෙහි ප්‍රධාන චරිතය වන Aladeen ඔස්කාර් උළෙලට පැමිණිලා අර මැරිච්ච මනුස්සයෙක්ගේ අළු අරගෙන ඇවිල්ලා නටපු පිස්සුව මතක ඇති. කොහොමනමුත් ලොවපුරා චිත්‍රපටි ලෝලීන් රැසක් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මමත් පුගලිකව බලාගෙන හිටපු චිත්‍රපටයක් මේක. ඔබ ඔස්කා සඳහා පවා නිර්දේශ වුනු Borat චිත්‍රපටයේ රසිකයෙක් නම් මේ එම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වුනු Sacha Baron Cohen රංගනයේ නියැලෙන අලුත්ම විකට චිත්‍රපටයයි. ඒ වගේම ගියවර ඔස්කාර් සම්මාන පහක් දිනාගත් Hugo චිත්‍රපටයේ ස්ටේෂන් මාස්ටර් ගේ චරිතයට පණ පොවන්නෙත් මොහු විසින්. මම ඔහු ගැන මෙතරම් විස්තරයක් කෙරුවේ ඔහුගේ එකිනෙකට වෙනස් දක්ෂ රංගනය ගැන හැඳින්වීමක් කරන්නයි. මේ චිත්‍රපටයෙත් ඔහුගේ රංගනය නම් අති විශිෂ්ටයි. කතාව ගැන පොඩි හැඳින්වීමක් කරනවානම්, The Dictator කියන්නේ ඒකාධිපති පාලකයකු විසින් මෙහෙයවන මැදපෙරදිග රටක් වටා ගෙතුණු කතාවක්. මෙහි රටේ පාලකයාගේ චරිතය වන ජෙනරාල් අද්මිරාල් ඇලඩින් විසින් කරනා න්‍යෂ්ටික අත්හදා බැලීම් වලට ඇමරිකාව ඇතුළු රටවල් විරුද්දවී යුද මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න සැරසෙනවා. නමුත් මේ ඇලඩින් විසින් ඒ කිසිවකට බිය නොවී මේ ගැන තීරණය කිරීමට ඇමරිකාව බලා පිටත් වෙනවා. නමුත් ඔහු නොසිතු අයුරින් , ඔහුව ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. අවසානයේ ඔහුගේ රට ඔහුට බේරාගැනීමට හැකිවේද ? ඔහුගේ ජිවතයට හානියක් සිදු වෙයිද? මේ කතාව මෙහෙම වුනාට චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වා සිනහව පාලනයකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයක්. විශේෂයෙන් මේ චිත්‍රපටයේ ඇතැම් පාඨයන් ඇතැම් මැතිවරණ සඳහා පවා යොදාගෙන තිබුනා. විශේෂයෙන් බ්‍රසීලයේ නොබෝදා පවතී මැතිවරණය සඳහා ප්‍රතිවාදීන් විසින් මේ චිත්‍රපටයේ ඇතැම් කොටස් යොදාගෙන තිබුනා. ඒ තරම් ප්‍රසිද්දියක් මේ චිත්‍රපටය බටහිට සහ මුළු ලෝකයේම රටවල් දිනාගත්තා. මේ චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම් සැහෙන්න ප්‍රමාණයක් කෙරුවේ අපි කවුරුත් දන්නා නවින් විසිනි. මම විසින් ඉතා කුඩා ප්‍රමාණයකට තමයි දායකත්වය ලබාදුන්නේ. ඒ නිසා චිත්‍රපටයේ හොඳ පිටපතක් පැමිණි විගස ඔබට උපසිරැසි දෙන්න පුළුවන් වුනා. ඒ නිසා ඔහුට ස්තුතිය පුදකරන අතර ඔබත් ඔබේ අදහස් හැකි අයුරින් මෙතන අකුරු කරලා යන්න කියලා දයාබරව ඉල්ලා සිටිනවා.

 උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) සහ Udara|රොකියා විසිනි

1 comment:

  1. මේක මරු ෆිල්ම් එක. ගහන්න ඕන තැනට නියමෙට දීලා තියෙනවා. තවත් මේ වගේ හොඳ ඒවාට දාපන්. එල වැඩක්.අපි කවදත් ඔබ සමඟයි.

    ReplyDelete

Powered by Blogger.