The Social Network (2010) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න මම මගේ දෙවැනි ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක මොකක් ද කියලා ගොඩක් අය දන්නවත් ඇති. ඉතින් සරලව කියනවනම් කථාව තියෙන්නේ,අපි කවුරුත් දන්න, අපි කවුරුත් පාහේ ඉන්න, ලෝකයේ විශාලතම සමාජ ජාල වෙබ්අඩවිය වන ෆේස්බුක් ගැන.මේ චිත්‍රපටියට උපසිරැසි නොදුන්නොත් අපරාධයක් කියලා හිතුනා.මොකද අපි නිතර දෙවේලේ යන ෆේස්බුක් එක කොහොමද හැදුනේ කියලනේ මේ චිත්‍රපටියේ තියෙන්නේ.ලයින් නම් 2200කට වඩා තිබුන නිසා පොඩ්ඩක් වැඩේ අමාරු උනා.එත් zoom එකේ අයගේ ඉල්ලිමක් කොහොමද අහක දාන්නේ.ඉතින් කොහොම හරි මේක ඉවර කලා.කලින් කිව්වා වගේ කතාවේ තියෙන්නේ ෆේස්බුක් හි නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් නිර්මාණය කලහැටි, ඔහුට ෆේස්බුක් නිර්මාණය කිරීමේ දී මුහුනදීමට වූ ගැටලු වගේ දේවල් තමයි. ඒ වගේම මේ ෆිල්ම් එකේ තියෙන අනිත් ෆිල්ම්වල වැඩිය නැති වෙනසක් මම දැක්කා.ඒ තමයි ෆිල්ම් එකේදී යොදාගෙන තියෙන සංගීතය. මම ඒ සංගීතයට ටිකක් කැමතියි.ෆිල්ම් එක නම් නියමයි. පරිවර්තනයේදී මාව ටිකක් අමාරුවෙත් වැටුනා.වැඩිය කියන්න යන්නෑ අරගෙනම බලන්නකෝ. යන ගමන් කමෙන්ට් එකක් දාලම යන්න.ෆිල්ම් එක බලලා ඉවරවුනාමත් උපසිරැසි ගැන ඔයාගේ අදහස කියන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ..::SPARK::.. විසිනි

3 comments:

  1. wow thanks. godak kal balagena hitiya meka hoyaganna. thanks

    ReplyDelete
  2. බොහොම ස්තූතියි අදහස් වලට

    ReplyDelete

Powered by Blogger.