Central Intelligence (2016) සිංහල උපසිරැසි සමඟින්




ලස්සනම ඇක්ෂන් කොමඩි ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. ෆිල්ම් එකේ නළුවෝ දෙන්නා දැක්කාම අමුතුවෙන් කියන්න උවමනා නැහැ නේ ෆිල්ම් එක කොයි තරම් හොදට තියනවාද කියලා... මේකේ UNRATED පිටපතටම ඔන්න සබ් එක කරලා අරන් ආවා. කලින් මං මේ චිත්‍ර‍පටිය බාරගන්න හැදුවාත් සබ් එකක් කෙනෙක් එවන්නම් කියලා තිබ්බ නිසා මං පස්සට දැම්මා. නමුත් මේක පලනොවෙන නිසා දර්ශනගෙත් උදව් අරන් මේක අරන් ආවා. මොකද මේකේ ලයින් 2300ක් විතර තිබ්බ නිසා මං තනියම කලා නම් තව ටික දවසක් යන නිසා එකතු වෙලා වැඩේ කලා...

කතාව ගැන කිව්වොත් කතාව මුලින්ම පටන් ගන්නේ මේ කතාවේ ප්‍ර‍ධාන චරිත දෙකම කොලෙජ් යන කාලේ ඉදන්.... Robbie Wierdicht කියන්නේ සැහෙන්න මහත ළමයෙක්. මේ කෙනාව ඒ කොලෙජ් එකේ ළමයි දවසක් හැමෝම ඉස්සරහා ලැජ්ජාවට පත් කරනවා. මේ වෙලාවේ ඔහුට ඇවිල්ලා පොඩි හරි උදව්වක් කරන්නේ කැල්වින්. මේ සිදුවිම වෙලා අවුරුදු 20ක් ගතවෙනවා. කැල්වින් පාඩුවේ රස්සාව කරගෙන ඉද්දි දවසක් බොබ් ස්ටොන් කියලා කෙනෙක් ගෙන් ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් එකක් එනවා. බලද්දි ඔහුතමයි කලින් රොබී වියර්ඩික් කියන්නේ. අවුරුදු 20කට පස්සේ කැල්වින් යනවා රොබීව හමුවෙන්න... නමුත් මේ හමුවිමෙන් පස්සේ කැල්වින්ට මුණ දෙන්න වෙන්නේ කවදාවත් හිතපු නැති කරදර ටිකකට තමයි... ෆිල්ම් එක අරන් බලන්නකෝ කැල්වින්ට මොනාද වෙන්නේ කියලා. එහෙනම් ඉක්මනින්ම හමුවෙමු තවත් හොද ෆිල්ම් එකකින්. 




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම UNRATED BRRIP පිටපත් සදහා ගැලපේ.

සිංහල උපසිරැසි සහ චිත්‍ර‍පටය මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.