Gone (2012) සිංහල උපසිරැසි සමගින්


"ජිල්" කියන්නේ තම දෙමවුපියන්ගේ වියෝවෙන් පසුව තම සහෝදරියත් සමඟ ජිවත් වන තරුණියක්. එක් දිනක් ඇය රාත්‍රී වැඩ මුරය නිමාවී ගෙදර පැමිණෙන විට , ඇගේ සොයුරිය ගෙදර නැති බව ඇයට වැටහෙනවා. ඇයව පැහැරගෙන යාමකට ලක්වී ඇතිබැව් ඇය සිතනවා. ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැති වුනත් ඇය දැඩි සේ විශ්වාස කරනවා, කලින් වතාවේදී ඇයවද පැහැරගෙන ගිය පුද්ගලයාම මේ පැහැරගැනීමත් කරන්න ඇතියි කියලා. මේ සඳහා ඇය පොලිසියේ පිහිට පැතුවත් , තම දෙමවුපිය වියෝවෙන් පසුව ඇතිවුන මානසික ව්‍යාකුල තත්වය මත පොලිසියේ පුද්ගලයින් සිතන්නේ මෙය හුදෙක්ම සාමාන්‍ය සිදුවීමක් සහ ඇගේ සොයුරිය යාළුවන් සමඟ කොහේ හෝ ගිය ඇති බවයි. නමුත් තම හොයුරිය සොයා ගැනීමේ මෙහෙයුම "ජිල්" තනිවම අරඹනවා. 
ඇයට ඇත්තටම මානසික ව්‍යාකුල තත්වයක් තියෙනවද ? ඇයට පිස්සුද ? ඇය තම සොයුරිය සොයා ගනීවිද ? මේ හැම දෙකටම පිළිතුරු චිත්‍රපටය අවසානයේ ඔබට දැකගන්න හැකිවෙයි. මෙයට උපසිරැසි දැමීමට මුලිකම කරුණ වුනේ මෙහි "ජිල්" ගේ චරිතයට පණපොවන Amanda Seyfried කියන්නේ මම කැමතිම රංගන ශිල්පිනියක්. ඔ‍බට මතක ඇති ඇය විසින් රංගනයේ යෙදුන මා විසින් උපසිරැසි සමඟ ලබාදුන් In Time (2011) චිත්‍රපටය තුළදීත් ඇය විසින් ලබාදුන් රංගනය. ඒ වගේම ඉතා දක්ෂ රංගනයක් ඔබට මේ චිත්‍රපටය තුලිනුත් දැක බලා ගන්න පුළුවන් වෙයි. මෙය මුල සිට අග දක්වාම කුතුහලයෙන් යුතුව පවුලේ සැමට නැරබිය හැකි චිත්‍රපටයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

1 comment:

Powered by Blogger.