Knight Rider [1982] සිංහල උපසිරැසි සමඟ


කාලේකට පස්සේ මගේ 50වැනි උපසිරැසි එකත් එක්කම මම ආවේ ඔයාලා කවුරුත් ආසම ආස කරපු රුපවාහිනි කතාමාලාවක් එක්ක.ඒ 1982 වර්ෂයේ ලොව පුරා රුපවාහිනියේ තිරගත වු නයිට් රයිඩර් කතාමාලාවත් එක්ක..පොඩි කාලේ මම හිතන්නේ අපි කාටත් හිනයක් තියෙන්න ඇති මටත් මේ වගේ වාහනයක් තිබුනානම් කියලා.ඇත්තටම අදටත් ලොව පුරා වැඩියෙන්ම දෙනෙක් මෙය එක්වතාවක් හෝ අනිවාර්යෙන් නරඔලා තියනවා.ලංකාවෙත් රුපවාහිනි නාලිකාවල ඒ කාලේ විකාශනය උනත් දැන් නම් මේ කතාව විකාශනය වන්නේ නැහැ.නමුත් මම දන්නවා ඔබ මෙය බලන්න ප්‍රිය කරාවි.මෙහි පලමු කොටස චිත්‍රපටියක් බැලුවා වගේ බලන්න පුලුවන්.විනාඩි 90ක ධාවන කාලයක් සහිතයි.කැමතිනම් පලමු කොටස අරන් බලන්න.මම මේ කතාමාලාවේ සතියකට කොටස් දෙකක් හෝ තුනක් දෙන්න අදහස් කරගෙන ඉන්නවා.ඒ ඔබෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමයි.


මගේ 50වැනි උපසිරැසි එක අද පලකරන දවස වෙන විට මම හරියටම උපසිරැසි දාන්න පටන් අරන් වසර 2කට ආසන්න වෙනවා.මේ ගැන කියලා මම ත්‍රේඩ් එකක් පල කරන්නම්.50වැනි උපසිරැසියට කරන්න හදපු චිත්‍රපටිය මගේ අසනිප තත්වය නිසා කරන්න බැරි උනා.නමුත් මට ඒක කරන්න නොහැකි උනත් එක කොහොම හරි කරලා දුන්න ප්‍රමෝද්ට බොහොම ස්තුතියි.දැන් ටිවි සිරිස් එකේ කතාව ගැන කියන්නම් මම කතාව කියන්න අවශ්‍ය වෙන්නේ නැතිවේවි නමුත් පොඩි විස්තරයක් කියන්නම්.ඇත්තටම මේක බලද්දි කලින් මම බලද්දි හිතාගෙන හිටපු ගොඩක් එවා වෙනස් එවා කියලා දැනගත්තා.කතාව මෙහෙමයි මයිකල් කියන්නේ පොලිස් නිලධාරියෙක්. මොවුන් යම්කිසි හොරජාවාරමක් වැටලිමට යන අවස්ථාවේ මයිකල්ලාගේ පැත්තේ හිටපු කෙනෙක්ම මයිකල්ව පවා දෙනවා.එකට ලැබෙන ප්‍රතිඵලය තමයි මයිකල්ව මරන්න උත්සහා කිරිම.මයිකල්ට වෙඩි තබනවා.ඔහුට වෙඩි වැදිමෙන් පසුව ඔහු මරුනා කියා සිතන ජවාරම්කරුවන් පලායනවා.නමුත් මයිකල් මරණයට පත්වෙන්නේ නැහැ.ඔහුට සිහිය එනවිට ඔහුගේ ලෝකය සම්පුර්ණයෙන් වෙනස් වෙලා.ඔහුට මුහුණට වෙඩි වදින්නේ එක නිසා ප්ලාස්ටික් සැත්කමක් මගින් ඔහුගේ මුණ වෙනස් කරනවා.ඔහුට ඔහුව වත් අදුනගන්න බැරි වෙනවා ඒ නිසා.මේ අතර වෙන අනිත් වැදගත්ම දේ තමයි මයිකල්ගේ වාහනේටද අලුත් පෙනුමක් අලුත් වෙනස් ලැබිම.කතා කරන කාර් එකක්.ඔය ටික අදට ඇති ඉතුරු ටික කතාව බලලාම දැනගන්න.මේ කතාමාලාව හැකි ඉක්මනින්ම මම ඔබ හමුවේ තබන්නම්. අනිවාර්යෙන් සතියට කොටස් දෙකක්.බොහෝ විට අගහරුවාදා හා සෙනසුරාදා මෙහි කොටස් දෙන්න උත්සහා කරන්නම.මේ දිලා තියන ටොරන්ට් එකත් ගුණාත්මක බාවය 100%ක්ම තියනවා.පුලුවන් නම් සම්පුර්ණම ටොරන්ට් එකම අරගෙන තියාගන්න.මම පොරොන්දුවෙනවා මාසයක් එකහාමාරක් ඇතුලත කතාමාලාවම ඔබ අතට පත්කරනවා කියලා.මේකේ පලවෙනි දෙවැනි කොටස් දෙකම තියන නිසා තමයි මේ කොටස 700MB වෙන්නේ අනිත් කොටස් සියල්ලම 300MB පමණයි වෙන්නේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හේෂි පුගේ විසිනි



5 comments:

  1. දෙමලෙන් ඉංගිරසියට ගූගල් ට්‍රාන්ස්ලේට් හරහා උපසිරැසි ටාන්ස්ලේට් කරගත හැකි...ඒ වගේ ඉංගිරිසියෙන් සිංහලට පෙරලන සොෆ්ටයාර් එකක් හදාගත්ත නම් වැඩේ ලේසි වෙයි...ගොඩක් වෙලාවට ඉංගිරිසි සබ්ටයිටල යන්නෙත් නියම ආකාරයේ ඉංගිරිසි වලින් නිසා...අවුලක් වෙන එකක් නැහැ....

    ReplyDelete
  2. http://www.zoom.lk/forums/downloads.php?do=file&id=562 මේ ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. සබ් එක දාගන්න උදවු කරන්න. ප්ලීස්

    ReplyDelete
  3. මේකේ 3 කොටස නෑ නේද?

    ReplyDelete

Powered by Blogger.