9 (2009) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න මගේ තුන්වැනි උපසි‍රැසි නිර්මාණයත් අරන් මං ආවා.. ඔයාලා කවුරුත් කැමතියිනෙ ඇනිමේශන් වලට.. මෙන්න එහෙනම් තවත් ඇනිමේශන් එකක්.. මේක මම බලපු ඇනිමේශන් වලින් ටිකක් වෙනස් එකක්.. ඉතින් ඒ හින්දම මට හිතුනා මේකට උපසි‍රැසි කරන්න ඕන කියලා... ඉතින් මේ චිත්‍රපටිය 2009 අවුරුද්දෙ තිරගතවූ චිත්‍රපටියක්.. IMDb හි 7.0 අගයක් ගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.. ඒ වගේම කියන්න ඕන මේකෙ ප්‍රධාන චරිතය වන නමවැනියට හඩකවන්නෙ අපි කවුරුත් දන්න Lord Of The Rings චිත්‍රපට මාලාවේ ප්‍රෝඩෝගෙ චරිතයට පණපෙවූ Elijah Wood විසින්.. ඉතින් චිත්‍රපටියේ කථාව ගැන කියනවා නම් මනුස්සයන් හා යන්ත්‍ර අතර පවතින යුද්ධයෙන් පසුව මිනිස් ජාතිය මේ ලෝකෙන් සදහටම තුරන් වෙලා යනවා, ඒත් ජීවය ලෝකයේ පවත්වාගෙන යන්නට එක් විද්‍යඥයෙකු විසින් නිර්මාණය කරනවා නම දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, ඔන්න මීට වඩා නම් කියන්නෙ නෑ මම.... ඉතින් මෙයාලට ජීවය රදාපවත්වගන්න පුලුවන් වෙයිද, මොවුන්ට එල්ලවන තර්ජන වලින් බේරෙන්නට හැකිවෙයිද, ඒ හැමදේම ඔයාලම බලන්නකො එහෙනම්.. ඒ වගේම කියන්න ඕන මගේ නිර්මාණ තුනටම ටොරන්ට් ලින්ක් හොයලා ඔයාලා වෙනුවෙන් දැම්මෙ අපේ Hedz සහෝ, ඉතින් ඒකට අපේ ඇඩ්මින් සහෝදරයට ගොඩාක් ස්තූතිවන්ත වෙන ගමන් මම යන්න යනවා.. තවත් නිර්මාණයක් සමගින් ඉක්මනටම හම්බෙමු.. එහෙනම් zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!!!!! මේ සමග අපි දෙනු ලබන 300MB YIFY පිටපත ඉතා හොද මට්ටමක ඇති බව දන්වා සිටිමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA විසිනි

සිංහල උපසිරැසි හා චිත්‍රපටය ලබාගැනිමට මෙතනින් පිවිසෙන්න

No comments

Powered by Blogger.