Looper [2012] සිංහල උපසිරැසි සමගින්


මේ උපසිරසි ගැන්වීම මට සුවිශේෂී උපසිරැසි ගැන්වීමක්. ඒ තමයි මේ මගේ ජයග්‍රාහී 50 වෙනි උපසිරැසි ගැන්වීම. ඒක ගැන ලියපු ත්‍රෙඩ් එකක් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න.

50 වෙනි උපසිරැසිය සඳහා තෝරා ගත්තේ සුපිරි ගනයේ චිත්‍රපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය ගැන කියුවොත් මේ චිත්‍රපටය මේ වසරේ තිරගත වුනු දැවැන්ත නිර්මාණයක්. ඒ නිසාම තමයි ඡන්ද හැට තුන්දාහකට ආසන්න පිරිසකගෙන් 8.0/10 වූ ශේණිගත කිරීමක් IMDb තුලින් ලැබිලා තියෙන්නේ. ඒ නිසාම මෙම චිත්‍රපටය වාර්තාගත අදායමක් උපයන්න සමත් වෙලා තියෙනවා, ඒ වගේම තවමත් මෙම චිත්‍රපටය තිරගත වෙමින් පවතිනවා. හැබැයි කතාව අතින් තරමක සංකීරණ චිත්‍රපටයක් වුනත් ඔබ බටහිර සිනමා රසිකයෙක් නම් අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්. මේ සඳහා සුපිරි නළු නිලි කොටසක් රංගනයෙන් දායක වෙනවා.

ඔබ In Time (2011) සහ Inception (2010) වැනි නිර්මාණ නරඹලා තියෙනවනම් මේ කතාවත් ඒ හා සමාන කාලය හරහා ගමන් කර අනාගතයේ , එනම් 2074 දී සිදුවන සිදුවීම් පෙළක් තමයි මේ සඳහා කතාවට පාදක කරගෙන තියෙන්නේ. කතාව තරමක් සංකීරණ නිසා මම කතාව ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නම්. වත්මන් ලොවේ කාලය හරහා ගමන් කිරීමේ ක්‍රමය සොයාගෙන නැහැ. නමුත් වසර තිහක් පමණ ගතවූ පසුව කාලයය හරහා ගමන් කිරීමේ ක්‍රමයක් මිනිසුන් විසින් සොයා ගන්නවා. නමුත් එය නීති විරෝදී ක්‍රියාවක් වෙනවා. නමුත් එක්තරා අපරාද කල්ලියක් විසින් 2074 දී මේ කාලය හරහා ගමන් කිරීමේ ක්‍රමය සොයා ගෙන ඒ හරහා ඔවුන්ගේ යම් යම් සතුරන් මේ යන්ත්‍රය හරහා අතීතයට එවනු ලබනවා. ඒ වෙනත් දෙයකට නෙමෙයි ඔවුන්ව ඝාතනය කරල දාන්න. ඒ සඳහා විශේෂී මනුස්ස කොටසක් ඔවුන් විසින් අතීත කාලයේ සුදානමින් තියනවා, ඔවුන්ව තමයි looper (ලුපර්ස් ලා ) යනුවෙන් හඳුන්වන්නේ. එක් දිනක් වර්තමානයේ ජිවත් වෙන ලුපර් කෙනෙක් හට ඝාතනය කිරීමට පුත්ගලයෙක්ව වර්තමානයෙන් එවනු ලබනවා. නමුත් යම්කිසි හේතුවක් නිසා මෙම පුද්ගලයාව ඝාතනය කරන්න මේ ලුපර් හැට නොහැකි වෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි තමන්ගේම වර්තමාන පුද්ගලයායි එසේ පැමිණිලා තියෙන්නේ. මේ වර්තමානයෙන් පැමිණි පුද්ගලයාගේ එකම අරමුණ වෙන්නේ තාමගේ බිරිඳ ඝාතනය කරනු ලැබූ "රේන්-කිලර්" නමැති පුත්ගලයාව කුඩා කාලයේම ඝාතනය කරල දාන්න. මෙම "රේන්-කිලර්" කියන පුත්ගලයාට විශේෂී හැකියාවක් තියෙනවා. ඒ මොකද්ද කියලා චිත්‍රපටය නරඹන විට ඔබට තේරෙයි. මම මෙහෙම කතාව කියුවට චිත්‍රපටය නරඹන විට ඔබට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. චිත්‍රපටය නරඹලත් කතාව තේරෙන්නේ නැතිනම් , ආයෙත් මේ ලිපිය කියවන්න. එතකොට තේරුම් ගන්න ලෙහෙසි වෙයි.

එහෙනම් චිත්‍රපටය නරඹලා අදහසකුත් දාගෙනම යන්න. ඔබට ජය ! rokiya@zoom.lk

මෙම ලබා දි ඇති පිටපට HD RIP එකක් වන අතර මෙහි DVD හා BRRIP පිටපත් පැමිණි විගස අප උපසිරැසි යාවත්කාලින කරනු ලැබේ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි


No comments

Powered by Blogger.