Poojai (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න තවත් දමිල චිත්‍රපටියක් අරන් ඔයාල හමුවට ආව. මේකෙ නලුවට නම් ඔයාල අනිවාර්යෙන්ම ආස ඇති. ඒ කවුද කියලා පස්සේ කියන්නම්.ඉතින් ගිය අවුරුද්දේ ආපු සේරම චිත්‍රපටි ටික තාව දීල ඉවර කරන්න බැරි උනානේ. ඒක නිසා මේකත් 2014 වර්ශයේ තිරගත උන චිත්‍රපටියක්. දමිල සිනමාවෙ දැමැන්ත චරිත කිහිපයකින් අලංකාර වෙච්චර මේ චිත්‍රපටිය ඔයාලගෙ හිත් දිනා ගැනීමට සමත් වෙයි කියලා මම හිතනවා. දන්නවනේ මම ටිකක් කාර්ය බහුල වෙලා කියලා ඒ නිසා ටිකක් පරක්කු වෙලා ෆිල්ම් ගේනවට අමනාප වෙන්න එපා. එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමු.

2014 වර්ෂයේ ඔක්තොම්බර් 22 වන දින තිරගත කිරීම ආරම්භ කරන මෙය සඳහා රංගන දායකත්වය ලබාදෙන්නේ දමිල සිනමාවෙ සිපිරි චරිතයක් වන Vishal විසින්. ඒ වගේම නිලියත් අපි හොද හැටි දන්න කියන Shruti Haasan මේ දෙන්නගෙ රංගනයෙන් හැඩ උන චිත්‍රපටි කලිනු අපි දීල තියෙනවා. නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඒවත් මතක් කරන්නම්කෝ. Naan Sigappu Manithan, Pandiya Naadu, Pattathu Yaanai, Avan Ivan, Aagadu, Race Gurram, Yennamo Yedho, 7aum Arivu වේ වගේ තවත් විශාල ප්‍රමාණයක් තියෙනවා. චිත්‍රපටිය විනාඩි 153ක කාලයක් දක්වා දිවයනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂනය Hari විසින් කරන ලද අතර නිෂ්පාදනය සහ නිෂ්පාදනය ආයතන දෙකම විශාල්ගේම වීමත් විශේෂත්වයක්. චිත්‍රපටිය ගැන කිවුවා ඇති නේ. එහෙනම් කතාව ගැනත් ටිකක් කියන්නම්.

කතාව ආරම්බ වෙන්නේ කේරලා වල ඇමති වරයෙක්ම ගාතනය කරමින්. මේක කරන්නේ පොල්ලාච්චි කියන ගමේ ඉන්න ජනතාවට හොරෙන් කුලියට මිනීමරන ව්‍යාපාරයක් කරන් යන අන්නතාන්ඩවම් කියන පුද්ගලයා. එතනින් පස්සේ එක දවසක් කට්ටිටක් චිත්‍රපටියේ නලුවා එහෙමත් නැත්නම් වාසු ජීවිත් වෙන මාර්කට් එකට එයාව හොයන් එනවා. ඒ එන්නේ වාසු පොලියට වෙන මාර්කට් එකක් කෙනෙකුට සල්ල දුන්න හේතුවකටයි. වාසු කියන්නේ එලවලු මාර්කට් එකක ඉන්න. පොඩියට පොලියට සල්ලි දෙන ව්‍යාපාරයක් කරන් යන කෙනෙක්. ඒත් එයා පිටිපසත් සැගඋනු කතාවක් තියෙනවා. ඒකත් මොකක්ද කියලා බලන්නකෝ. ඔහොම ඉන්න අතරේ දිව්‍යා කියලා ගෑනු ලමයෙක් වාසුට සෙට් වෙනවා. දෙන්න ආදරය කරන්න ගන්නවා. දෙන්නගේ ආදරය සාර්ථක වෙන්නේ නම් සෑහෙන ලොකු කට්ටක් කෑවට පස්සේ. කොහොම, කොහොම හරි මේ දේවල් මෙහෙම වෙද්දී දවසක් .පොලිස් කොමසාරිස් කෙනෙක්ව මරන්න අන්නතාන්ඩවන් සූදානම් වෙනවා. ඒ තියටර් එකකදී. එතනට වාසුයි, දිව්‍යායි දෙන්නත් චිත්‍රපටියක් බලන්න ගිහින් ඉන්නේ. මේ ආරවුලට වාසු මැදිහත් වෙලා එතනින් පොලිස් නිළදාරියාව බේර ගන්නවා. එතනින් පස්සේ. වාසුටත් කරදර වැඩි වෙන්න ගන්නවා. හැබැයි පොලිස් නිළදාරියා නම් තමන්ව බේර ගත්ත වාසුට හරිම ආදරෙයි. ඔයා විදිහට කතාව දැනට නවත්වන්නම්. ඉතිරිය ඔයාල අරන් බලන්න මොකද වෙන්නේ කියලා. වාසුට මොන වගේ ප්‍රශ්නද එන්නේ, වාසුගෙ අතීත කතාව මේ දේවල් වලට සම්බන්දද? කියලා බලන්න. එහෙනම් මම අදට සමු ගන්නවා.

මතක ඇතිව අදහසකුත් දාලම යන්න කියලා මතක් කරනවා. හැමෝටම සුබ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.