Transformers Age of Extinction (2014) සිංහල උපසිරැසි සමඟින්




මේ වසරේ සූම් එකත් සමඟ එකතු වෙලා ඔන්න අද තමයි මගේ 50වැනි සිංහල උපසිරැසිය ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණු ගමන්ම උපසිරැසිය අරගෙන ආවා. කොහොම හරි මම කලින් දාපු සබ් එකේ ටයිම් ලයින් ගැළපුනේ නැති එක හදාගන්න උදව් කරේ චම්පික ලක්රුවන් සහෝදරයා. ඉතින් එයා නැත්නම් මේ උපිසිරැසිය දෙන්න තවත් පරක්කු වෙන්න ඉඩතිබුණා. ඒ වගේම සයිට් එකේ වැඩකටයුතු කරගෙන යන HEDZ අයියාවත් මේ වෙලාවේ මතක් කරනවා.

චිත්‍රපටය ගැන නම් ඉතින් වැඩි විස්තරයක් කරන්නේ නෑ. මේකෙ ප්‍රදර්ශනය ආම්භ කළේ මේ වසරේ ජ්‍රනි මාසයේ කියලා තමයි සඳහන් වුණේ. Slow Motion, Special Effects එහෙම සුපිරියටම තියෙනවා. කතාව ගලාන්නේ මෙහෙමයි. ඈත අතීතයේ ඩයිනෝසරයන්ගේ වඳවී යාමේ සිද්ධියෙන් තමයි කතාව ඇරඹෙන්නේ. ඉතින් ඩයිනෝසරයන්ගේ වඳ වී යාම ට්‍රාන්ස්ෆෝමර්ස් ලා ගේ බිහිවීමට සම්බන්ධ බව ඔයාලට වැටහේවි. :-D චිකාගෝ යුද්ධයෙන් පස්සේ මිනිස්සු හිතනවා මේ ට්‍රාන්ස්ෆෝමර්ස් ලා හැම කෙනෙක්ම තමක්ට තර්ජනයක් කියලා. ඉතින් CIA එකෙන් මෙයාලා එකා ගාණේ දඩයම් කරනවා. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමියම් කියලා ලෝහයකින් මිනිසුන් ට්‍රාන්ස්ෆෝමර් ලාව නිපදවනවා. නියමයි නේ. ඉතින් ඔය අතරේ කතාවේ ප්‍රධාන නළුවා කේඩ් යේගර් කැඩිලා බිඳිලා ගියපු පරණ ට්‍රක් එකක් හොයාගන්නවා. ඉතින් ඒක එයා හදලා ගත්තට පස්සේ තමයි දැනගන්නේ ඒ ඉන්නේ ඔප්ටිමස් ප්‍රයිම් කියලා. ඉතින් එයා බොහොම අසාධ්‍ය තත්වයක තමයි ඉන්නේ. ඒ වගේම පිටසක්වළින් ආපු අලුත් ලොක්ඩවුන් කියලා ට්‍රාන්ස්ෆෝමර්ස් කෙනෙක් ඔප්ටිමස් ප්‍රයිම්ව අල්ලන්න එනවා. ඒ වගේම කලින් චිත්‍රපට වල නොහිටපු අලුත් රොබෝ වර්ගයකුත් දැකගන්න පුළුවන් වේවි. හැමදෙනාම දන්නේ ට්‍රාන්ස්ෆෝමස්ලා ට වෙනස් වෙන්න පුළුවන් කාර් බවට විතරයි කියලා. ඉතින් එයින් එහා ගිය අලුත් පිරිසක් මේකෙන් දැකබලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම කලින් මිය ගිය සතුරෙක් නැවත පණ ලබනවා. එහෙනම් චිත්‍රපටය රසවිඳින්න....නැවත හමුවෙමු!!

ප.ලි-
Dark matter-(අඳුරු ද්‍රව්‍ය) සමහර සිද්ධාන්ත වලට අනුව අභව්‍යවකාශයේ තියෙන නමුත් කිසිදු ආලෝකයක් නිපදවන්නේ නැති ද්‍රව්‍ය කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මේක ගැන කිව්වේ වෙන මොකවත් නෙමෙයි. චිත්‍රපටයේ කීප තැනක මේ ගැන සඳහන් වුණා. ඉතින් මේ ගැන නොදන්නා අය දැනගෙන හිටියාම කතාව තේරුම් ගන්න පහුසයි.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 990MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
990MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 990MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.