The Dark Knight Rises [2012] සිංහල උපසිරැසි සමගින්


DC කොමික්ස් සතුව ඇති ප්‍රබලතම චරිතයක් තමයි බැට් මෑන් කියන්නේ. මේ චරිතය අලලා චිත්‍රපටි සහ කාටුන් විශාල ප්‍රමාණයක් අතීතයේ ඉඳලම නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඒ හැම චිත්‍රපටයක්ම වගේ එකහා ජනප්‍රිය වෙලා ඒවාට ඉහලම වටිනා කමින් යුත් සම්මාන පවා ලැබිල තියෙනවා. නමුත් තරමක් දුරට නවීකරණය වුනු සාර්ථක නිර්මාණයක් විදියට බැට් මෑන් චිත්‍රපටයක් පැමිණියේ 1989 වසරේදී ඒ වසරේදී එම චිත්‍රපටයට ඔස්කාර් සම්මාන පවා ලැබී තියෙනවා. ඒ නිර්මාණය සිනමා ත්‍රිත්වයක් වුනා. පසු කාලීනව DC කොමික්ස් ආයතනය 2005 වසරේදී ඔවුන්ගේ නවතම සිනමා නිර්මාණය Christopher Nolan ගේ අධ්‍යක්ෂණය යටතේ එලි දැක්වුවා. එහි සාර්ථකත්වය නිසාම ලොව හොඳම චිත්‍රපටි අතර 104 වැනි තැන ගන්න පුළුවන් වුනා. ඉන් පසුව එහි දෙවෙනි කොටස ලෙස The Dark Knight (2008) එලි දැක්වුණු අතර එයත් ලොව හොඳම චිත්‍රපටි අතර 8 වෙනි ස්ථානය ලබා ගැනීමට හැකි වුනා. එම කතා මාලාවේම තුන් වෙනි සහ අවසාන කොටස ලෙස තමයි මේ අපි ඔබට ගෙන එන කොටස ඔවුන් ප්‍රදර්ශනය කෙරුවේ. 

මේ චිත්‍රපටය ගැන කියනවනම් අපි පෙර නැරඹු නිර්මාණ සියලුම ඒවා අබිබව මේ නිර්මාණය උසස් තැනකට පැමිණිලා තියෙනවා. කතාව නම් මුල සිට අවසානය දක්වා අපිට මොනවා වෙයිද කියල නිගමනය කරන්න බැහැ. ඒ වගේම මෙම චිත්‍රපටය ඔබ නරඹන විට තප්පරයකටවත් ඔබේ ඇස වෙන තැනකට ගන්න එපා. ඒවගේම අපේ උපසිරැසි වල වචනයක් පාසා කියවන්න. එවිට මේ කතාව නියම ආකාරයෙන් නරඹන්න පුලුවන්න. මේ කතාවේ බැට් මෑන් ගේ සතුරා විදියට අරගෙන තියෙන්නේ DC කොමික්ස් ලාගේ බැට් මෑන් ගේ නරකම සතුරා වන "බෙන්" කියන චරිතයයි. ඒ වගේම මේ කොටසට ඔවුන් DC කොමික්ස්ලගේ ජනප්‍රිය චරිත වන Cat women සහ Robin චරිත එකතු කරලා තියෙනවා. කාටුන් එහෙම බලල තියෙනවනම් ඔබ දන්නවා ඇති Robin තමයි බැට් මෑන් ගේ යාළුවා. මම හිතන්නේ ඒ චරිතයටත් මේ චිත්‍රපටයේ අවසානයේ ආරම්භයක් ලබා දෙනවා. 

ඒ වගේම මෙම චිත්‍රපටයේ පිටපත් වල තිබුණු අවුලක් නිසා උපසිරැසි දෙන එක ටිකක් විතර අපි පරක්කු කෙරුවා. ඒ වගේම මේ නවීන්ටත් ස්තුති වෙනවා මේකට ඉක්මනටම උදවු කරලා ඔයාලට දෙන්න ලැබීම ගැන. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර සමඟ නවීන් රන්දික විසිනි



1 comment:

Powered by Blogger.