Wrath of the Titans (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න මගේ 25 වෙනි උපසිරැසිගැන්විම අරගෙන ආවා. මම වඩාත් කැමතිම දෙවියන් ගැන තියෙන ෆිල්ම් බලන්න තමයි. ඉතිං මම කලින් දුන්න immortals ෆිල්ම් එකේ උපසිරැසිය 1500 ට වැඩිය ඩවුන්ලෝඩ් කරලා තියෙනවා, ඒ කියන්නේ මම වගේ අනිත් අයත් දේව කතා බලන්න කැමතියි කියන එකනේ. ඔයාලා මෙහි පලමුවැන්න බලා ඇති. ( clash of the titans, මෙම කතාවෙදි පර්සියස් ක්‍රැකෙන්ව පරාදකරනවා ) දෙවැන්න ෆිල්ම් එක wrath of the titans.මෙය imdb අගය 6.1 ගත්, මෙහි ප්‍රධාන නළුවා අපි කවුරුත් කැමති Sam Worthington ය. එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්,

අතිදුෂ්ට ක්‍රෑකෙන්ව පරාදකර දශකයකට පස්සේ, සියුස් දෙවියන්ගේ පුතා පර්සියස් තීරණයකලා ඔහුගේ පුතත් එක්ක සාමාන්‍ය මාළු අල්ලන්නෙක් ලෙස ජිවත්වෙන්න,ඒ අතරවාරයේදි දෙවියන් සහ ටයිටන්ස්ලා අතරේ ශ්‍රේෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්ණයක් ඇතිවුණා. මිනිසුන් දෙවියන් ඇදහීම අඩුවුපසු, සිරගතකර සිටින ටයිටන්ස්ලව පාලනය කරන්න දෙවියන්ගේ බලය අඩුවුණා. ටයිටන්ස්ලගේ දරුණු නායකයාවුනේ ක්‍රෝනෝස්ය,ඔහු සියුස් ,හේඩීස් සහ පොසයිඩන් යන සහෝදරයින්ගේ පියාය. තුන්දෙනාගේ ආධිපත්‍ය ගොඩක් කලකට ඉහතදි ඔවුන්ගේ පියාව පරාදකලා.ටාර්ටරස්ව අඳුරු ආගාධයක ඔහුව සිරකලා. දෙවියන්ගේ බලය අඩුවු නිසා සියුස් තම පුතා, පර්සියස්ගෙන් උදව් ඉල්ලනවා. ඔහු එය ප්‍රතික්ෂේප කල නිසා සියුස් පාතාලයේ සිටින තම සොහොයුරාගෙන් (හේඩීස්ගෙන්) උදව් ලබාගන්න යනවා. පසුව හේඩීස් සහ සියුස්ගේ දේව පුතා ඒරීස්, සියුස්ව පාතාලේ සිරකර ඔහුගේ බලය ක්‍රෝනෝස්ට ලබාදි ඔහුව නිදහස් කරනවා.ක්‍රෝනෝස් සියුස්ගේ බලයෙන් සියුස්ගෙන් පලිගන්නත්, මනුෂ්‍ය සංහතියම විනාශකරන්නත් පැමිණෙනවා. ක්‍රෝනෝස්ව පරාද කරන්න පුළුවන් කෙනෙකුට පෘථිවියේ ඉන්නේ අර්ධ දෙවි පර්සියස්ය. ඉතිං සියුස්ගේ අර්ධ දෙවි පුතාට, පර්සියස්ට මනුෂ්‍ය සංහතිය සහ තමන්ගේ පියා සියුස්ව, ක්‍රෝනෝස්ගෙන් බේරගන්න පුළුවන් වේවිද? ෆිල්ම් එක ඩවුන්ලෝඩ්කරගෙනම බලන්න. තවත් ලස්සන ෆිල්ම් එකක් සමගින් නැවත හමුවෙමු. ජයවේවා



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි.

4 comments:

  1. Mchan Ubata dewa katha Blanna puluwanta
    me ke parat 1 eke nama kiyawagana baha ne
    Class of the Titans kiyala FILM ekka awe naha
    The CLASH off the TITANS ekai nama

    ReplyDelete
  2. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.

    ReplyDelete

Powered by Blogger.