The Reader (+18) [2008] සිංහල උපසිරැසි සමගින්


යාළුවෝ හැමෝටම ආයුබෝවන් කියලම වැඩේ පටන් ගන්නවා. ඔන්න ඉතිං මම පොරොන්දු වෙච්ච විදිහටම මගේ අළුත්ම උපසිරැසි නිර්මාණය ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ. මේක මගේ 25 වෙනි උපසිරැසි නිර්මාණය. ඒකටත් මම තෝර ගත්තේ විශේෂ චිත්‍රපටයක්. මේක 2008 අවුරුද්දේ නිර්මාණය කරපු ඉතාමත් ලස්සන විශිෂ්ඨ ගනයේ සිනමා නිර්මානයක්. මේ චිත්‍රපටියේ ටයිටැනික් චිත්‍රපටියේ රෝස්ගේ චරිතයට පණ පොවපු කේට් වින්ස්ට්ලේ (හැනා ස්මිත්) ප්‍රධාන චරිතයට පණපොවනවා. මේක ඉතාම සංවේදී ආදර කතාවක් වගේම මිනිස්සුන්ගේ ජීවිත ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ Bernhard Schlink විසින් 1995 දී රචිත The Reader කියන නව කතාවයි. මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි ඉංග්‍රීසි භාෂාවට අමතරව මෙය ජර්මන්, ග්‍රීක, ලතින් යන භාෂා වලිනුත් නිර්මාණය කර තිබීම. ආ තව දෙයක් මේ නව කතාවේ සිංහල පරිවර්තනයකුත් තියෙනවා. ඒකේ නම මතක නෑ.ආ තව දෙයක් මේක IMDb Rating 7.6/10 ලබාගෙන තියෙන ෆිල්ම් එකක්.

දැන් ඉතිං කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මයිකල් කියන්නේ අවුරුදු 16 ක පිරිමි ළමයෙක්. එයා දවසක් පාසල නිමවෙලා ගෙදර එනකොට මගදී අසනීප වෙනවා. එයාට මැදි වයසේ පසුවෙන කාන්තාවක් උදව් කරනවා. ඒ තමයි හැනා. ඉතිං ඊට පස්සේ මෙයා ගෙදර ගියහම හොදටම උණ ගන්නවා. සනීප වෙලා මාස තුනකට පස්සේ මයිකල් එයාට උදව් කරපු කාන්තාවට ස්තූති කරන්න හිතාගෙන මල් කළඹකුත් අරගෙන එයාව හමුවෙන්න යනවා. එතන ඉදන් තමයි.කතාව පටන් ගන්නේ. ඉතින් මේ කතාව ගොඩක් ලස්සන වගේම අනුවේදනීය එකක්. ඒක නිසා මම කතාව ගැන තව කියන්නේ නෑ. හැමෝම චිතුපටය රසවිදින්න කියලා ආරාධනා කරනවා.

මගේ මේ උපසිරැසි නිර්මාණ කාර්යයට බෙහෙවින්ම උපකාර උන අපේ සයිට් එකේ හෙඩ්ස්ව මම දයාබරව මතක් කරනවා. මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය වන Alive චිත්‍රපටිය මම ඔයාලත් එක්ක සූම් වෙබ් අඩවිය හරහා බෙදා ගත්තේ 2011 ඔක්තෝබර් 13 වෙනිදායි. එදා ඉදන් අද වෙනකං චිත්‍රපට 18 ක් සහ රූපවාහිනී කතා මාලා වල කොටස් 07 කුත් අන්තර් ගත වෙනවා. ඒ වගේම මගේ උපසිරැසි නිර්මාණකරනයේදී මාගේ උපසිරැසි වලට දායකත්වය ලබාදීපු හසිතා මහේෂි සොයුරියටත්, ඉසුරු මධුසංග පෙරේරා සොයුරාටත් අල්කට්රාස් කතාමාලාවට පස්නෙි කොටසට සහ හයවෙනි කොටසට උපසිරැසි යොදන්න සහය දීපු සවිඳ බිම්සර සොයුරාටත් මාගේ ස්තූතිය පුද කරනවා. ඔයාලට මම කරලා තියෙන සියළුද උපසිරැසි නිර්මාණ මෙතනින් ලබා ගන්න පුළුවන්. මගේ මේ නිර්මාණය ගොඩක් අය සබ්ටයිට්ල් රික්වෙස්ට් තීරූවෙත් ගොඩක් අය ඉල්ලලා තිබ්බා. ඒ වගේම මේ චිත්‍රපටය මගේ හිතටත් තදින්ම කාවැදුන එකක් නිසා මගේ 25 වෙනි නිර්මාණ කාර්ය විදිහට මේකම තෝර ගත්තා. ඉතින් චිත්‍රපටයේ උපසිරැසිය ගන්න ගමන්ම මොනවා හරි අදහසකුත් කොටාගෙන යන්න කියලා හැමෝටම ආරාධනා කරනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි


2 comments:

  1. ෂික් අපිට ඔහොම චාන්ස් නෑනෙ බං....

    ReplyDelete
  2. සිරාවට බන්

    ReplyDelete

Powered by Blogger.