The Raven (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔබ ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගත්තනම් හෝ ඉගෙන ගන්නවානම් "Edgar Allan Poe" කියන මහා කවියා ගැන නොදන්නවා වෙන්න බෑ. ඔහු 1809 වසරේ උපත ලැබ ඇමරිකානු සාහිත්‍යයේ ආදරය පිළිබඳව කවි වල නවතම පරිච්ජේදයක් ලියපු මහා කළා කරුවෙක්. නමුත් ඔහු අවාසනාවන්තයි. ඒ මන්ද ඔහු කොපමණ ආදර කවි ලියුවත් ඔහුගේ ආදරය බේරාගැනීමට ඔහුට තම ජීවිතය පවා ඇය වෙනුවෙන් කැපකරන්න සිද්ද වුනා. 
ඒ මේ මහා කළා කරුවාගේ මරණය අදටත් රහසක් ලෙසට පැවතීම නිසයි. 1849වසරේ ඔක්තෝම්බර් 3 වෙනිදා ඔහු මරණාසන්නයේ සිටියදී සොගෙන තියෙන්නේ බල්ටිමෝ කියන පාර අසලදියි. ඒ මරණය මේ මහා ආදර නීය කවියා හට ඇතිවුනේ කොහොමද කියල තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ. 

Arthur Conan Doyle විසින්  සිතින් මවාගත් චරිතයක් වන Sherlock Holmes ගේ චරිතයට ඔබ කොතරම් ආදරය කරනවද ? ඔහුගේ චිත්‍රපටි නවකතා, ටෙලි නට්‍ය බැලීමට ඔබ කොතරම් ප්‍රියක් දක්වනවද ? එසේනම් මෙන්න ඒ  සිතින් මවාගත් චරිතයෙන් ඔබ්බට ගිය සැබෑ ලෝකේ ජීවත්වුණු පුද්ගලයෙක්ගේ මරණය වටා පොලිස් පරිෂක වරයෙකු සමග කෙරෙන පරීක්ෂණය. කතාව ගැන හැඳින්වීමක් කරනවානම්, Edgar Allan Poe කියන පුද්ගලයා කොතරම් ප්‍රසිද්ද පුද්ගලයෙක් වුනත් ඔහු මිල මුදල් අතින් ඉතා දුර්වල තැනකයි ස්ථාන ගත වුනේ. නමුත් ඔහුගේ ආදරවන්තිය වුනේ එදා එම ප්‍රදේශයේ සිටි ධන කුවේරයෙකුගේ දියනියක්. පුද්ගලයෙක් විසින් Edgar Allan Poe විසින් රචනා කරන ලද කවි සහ කතා ඇත්ත ජිවිතයේ ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නවා. ඒ ක්‍රියාත්මක කිරීම තුලින් ඔහු වටා සිටින මිනිසුන් විශාල පිරිසක් මිය යනවා. ඒ සමගම මොහුගේ ආදරවන්තියවත් මේ පුද්ගලයා විසින් පැහැරගෙන යනවා. අයව බේරාගැනීමට Allan Poe  හට මේ මිනීමරුවා නොයෙකුත් ආකාරයේ හෝඩුවාවන් ලැබ දෙනවා. නමුත් ඒ හෝඩුවාවන් පිටුපස ගොස් මේ ඇයව බේරාගැනීමට හැකි වෙයිද ? මිනීමරුවා කවුරු වෙයිද ? Edgar Allan Poe හට අවසානයේ කුමක් වෙයිද ? චිත්‍රපටයේ මුල සිටම අග දක්වා ඇසිපිය නොගසා බලන්න හැකි නිර්මාණයක් මේ. ඒ වගේම ඔබ චිත්‍රපටි රසිකයෙක් නම් අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්. 

ඒ වගේම මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත්වුනේ අද(15) උදෑසනයි. ඒ වගේම මම මේ චිත්‍රපටයට තෙබෙන ආසාවටද මන්දා මට දිනක් ගතවන්නටත් පෙට මුළු චිත්‍රපටයේම ලයින් 1200 ක් උපසිරසි ගන්වා නිම කරන්න හැකි වුනා. මෙය මම විසින් ඉක්මනින්ම කරන ලද උපසිරසි ගැන්වීම වනවා ඇති. ඒ වගේම තව දෙයක් කියනවනම් මේ චිත්‍රපටයේ බොහෝ විට අඩංගු වුනේ Shakespeare ගේ ඉංග්‍රීසි වදනුයි. සමහර වදන් සිංහල ශබ්ධකෝෂ තුල පවා සොයාගැනීමට නොහැකි වුනා. නමුත් සාහිත්‍යමය වටිනාකම අඩු නොවන සේ උපසිරසි ගැන්වීම කරනු ලැබුවා. ලිපය සහ උපසිරැසි ගැන්වීම අවසන් කලේ 15/07/2012 රාත්‍රී 9.55 ටයි.

"පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි"

No comments

Powered by Blogger.