Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 6 කොටස



ඔන්න සිම්බෑඩ් කතා මාලාවේ හයවෙනි කොටසත් සිංහල උපසිරැසි සහිතව නොකඩවා අරගෙන ආවා. මේ සතියේ කතාව ගැන කියනවනම් පසුගිය කොටස් වල මන්ත්‍ර කාරියට සිම්බෑඩ් ගේ මතකයන් වලින් දකින්න ලැබුණු කාන්තාව ඇතුලත් කතාව තමයි අද යන්නේ. අද කතාවේදී සිම්බෑඩ් ගේ නවුකාව හට යමක ගැටීම නිසා වතුර කඳුවෙන්න පටන් ගන්නවා. නැවේ පතුල පරික්ෂා කිරීමට සිම්බෑඩ් මුදුහට ගියත් , අමුතු ආකාරයේ සතෙකුගේ පහරකට ලක්වෙනවා. ඔහුව දුපතක තනිව ජිවත්වන සුරූපි කාන්තාවක් විසින් බේරාගන්නවා. ඇය ලස්සනය පෙනුනට ඇගේ ඇතුලාන්තය ටිකක් අද්භුතයි. කතාව එච්චර කියන්න යන්නේ නෑ. දැන් හුඟ දෙනෙක් දන්නවනේ මෙහි කතාව ගලාගෙන යන ආකාරය. එහෙනම් ඉතින් කතාව නරඹලා අදහසකුත් පලකරගෙනම යන්න කියල කියනවා. ලබන සතියේ බදාදටත් නොවැරදීම සිම්බෑඩ් කතා මාලාවේ හත් වෙනි කොටසත් සමඟ හමුවෙමු. rokiya@zoom.lk

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

No comments

Powered by Blogger.