Constantine [2005] සිංහල උපසිරැසි සමගින්


මේක මගේ දෙවැනි උපසිරැසි ගැන්විම දෙවැනි උපසිරැසි ගැන්විම විදියට මම තොරගන්න හිතුවේ 2005 වසරේ තිරගත වු IMDB දර්ශකයේ මනාප 132,296 කින් 6.8 ඉහල අගයක් ලබා ගත් චිත්‍රපටියක්.තවද මේ චිත්‍රපටිය 2005 හා 2006 වසර වලදි සම්මාන 6කට හිමිකම් කියලා තියනවා.ඒ හොදම Box Office වාර්තා තැබු චිත්‍රපටිය ලෙස හා හොදම Horror Thriller ගණයට අයත් චිත්‍රපටිය ලෙසටය.ඉතින් මේ චිත්‍රපටියට ඔබ සැම කැමතිවෙයි කියලා හිතනවා.මේ චිත්‍රපටියේ DVD රිප් එකට හා BRRIP එකට යන දෙවර්ගයටම උපසිරැසි නිකුත් කරලා තියනවා.BRRIP එක Extended Version එකක් එකේ බිහිසුනු දර්ශන කිහිපයක් ඇතුලත් වෙනවා.එවා ඩිවිඩි පිටපතේ නැහැ.දෙකේ වෙලාව වෙනස් එක නිසා ඔයාලා ඔයාලා ගාව තියන කොපි එකේ සබ් ගන්න නැත්නම් හරියට සබ් වෙලාවට යන එකක් නෑ.ඩිවිඩි හෝ බුලුරේ කැමති කෙනෙක් කැමති කොපියක් අරන් බලන්න.චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම්..

ඇන්ජලා හා ඉසබෙල් කියන්නේ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් මේ අයට යක්ෂ ආත්ම ප්‍රේතආත්ම පෙනවා.කවදාවත් මොවුන් මේ ගැන කාටවත් පවසන්නේ නෑ.නමුත් ඉසබෙල් මේහෙම මෙයාට එක් එක් ආත්ම පෙනවා කියලා කිව්ව නිසා ඇයට මිනිස්සු සිතන්න පටන් ගන්නවා ඇය සිහිමද ගතියකින් මෙහෙම පවසනවා කියලා.ඒ නිසා ඇයව පිස්සන්කොටුවට යවනවා.ඇය එහිදි අභිරස් ලෙස මරණයට පත්වෙනවා මේ ගැන ඇන්ජලා දැන ගන්නවා.ඇය විශ්වාස කරනවා මේ ඔවුන් දැකපු යක්ෂ ප්‍රේත ආත්ම වලින් ඇතිවු බලපැමක් නිසා සිදුවුවක් වගේම,ලෝකයටම වෙන්න පුලුවන් ලොකු විනාශයක් අතලග එනවා කියලා.මැයගේ උදව්වට දෙව්ලොව සිට කෙනෙක් එනවා ඔහුගේ නම තමයි කොන්ස්ටටියන් ඇය සහා ඔහු එක්ව මේ නපුරු බලවේග පරාජය කිරිමට වෙහෙස දරනවා..මොවුන් දෙදෙනාට මොනා වෙයිද කියලා දැනගන්න චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.නපුර ජයගිනිද නැත්නම් දෙවියන් ජයගනිද?

තව දෙයක් මේ චිත්‍රපටිය ගැන කියන්න තියනවා මෙහි ඔබ හදුනන හොද නළු නිලියන් කිහිපදෙනෙක්ම රගපානවා Matrix චිත්‍රපටිවලින් ඔබ කවුරුත් දැනගත් Keanu Reeves මෙහි ප්‍රධාන චරිතයට පණපොවන අතර Rachel Weisz Shia LaBeouf Djimon Hounsou නළ නිලියන් රැසක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා.එහෙනම් මගේ තුන්වැනි උපසිරැසි නිර්මාණයෙන් ලගදිම හමුවෙමු.අපගේ මහන්සිය අගය කරනු වස් හා අප දිරිමත් කිරිමටත් පොඩි අදහසක් දක්වලා යන්න කියලා ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා.


මෙම චිත්‍රපටියේ අප විසින් DVD RIP හා BRRIP දෙවර්ගයටම උපසිරැසි ලබා සි ඇති අතර ඹබ ලග ඇති හො ඔබ ලබා ගන්නා කොපියට අදාලා උපසිරැසි පමණක් ලබාගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සඳුන් නදීෂ විසිනි


No comments

Powered by Blogger.