Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 7 කොටස



ඇත්තටම මුලින්ම හැම කෙනෙක්ගේම කමෙන්ට් වලට සහ , PM වලින් අදහස් දැක්වුව අය සහ ඊමේල් වලින් අදහස් දක්වපු හැමකෙනෙක්ටම ස්තුතියි. ඔබලාගේ අදහස් සහ දිරිගැන්වීම මත තමයි කොටස් 7 ක් දක්වා නොකඩවා අපිට මෙම කතා මාලාව සිංහල උපසිරැසි සමඟ ගෙන එන්න පුළුවන් වුනේ. විශේෂයෙන් කියන්න ඕනේ මෙම කතාමාලාවේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ සඳුදා හවසට වගෙයි. එ වගේම හොඳ ඉංග්‍රීසි උපසිරැසි පිටපටක් පිටවෙන්නේ අඟහරුවාදා වගෙයි. ඉතින් දවසක් වගේ ඇතුලත තමයි අපි ඔබට මේ අලුත්ම කොටසට උපසිරැසි ලබාදෙන්නේ. දැන් ඉතින් වැඩි දෙයක් කියන්න ඕනේ නෑනේ මේ කතා මාලාව ගැන. හැබැයි අද කතාව නම් අනිවාර්යෙන් බලන්න. මොකද අද සිම්බෑඩ් ඇතුළු පිරිස බාශ්රා නගරයට පැමිණෙනවා සිම්බෑඩ්ගේ ආච්චිට පිහිට වීමට, එ වගේම අක්බාරි ඇතුළු මායා කාරිය සිම්බෑඩ් පැමිණෙන තුරු මගබලා සිරිනවා ඔහු සහ කණ්ඩායම අල්ලා ගැනීමට. එ වගේම පසුගිය කොටසේ අක්බාරි තම සහෝදරයා මරා දමනවා. එ නිසා ඔහුට රජු වීමට හැකිවෙනවා. එ රජුවිමත් සමඟ බාශ්රා නගරය විනාශ කර දමන තරමට ඔහු වැඩ සිදුකරනවා. අවසානයේ අක්බාරි හට සිම්බෑඩ් ඇතුළු කණ්ඩායම අල්ල ගැනීමට පුළුවන් වෙයිද? සිම්බෑඩ් හට තම ආච්චිව බේරා ගැනීමට හැකි වෙයිද ? එහෙනම් ඔබ මේ කොටස තුලින් රසවින්දනයක් ලැබුවානම් අවංක අදහසක් අකුරු කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා. rokiya@zoom.lk

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

No comments

Powered by Blogger.