The Expendables (2010) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



කොහොමද යාලුවනේ.මාව ඔයාලා දන්නවද දන්නේ නෑ.කමක් නෑ අද ඔන්න සුපිරිම චිත්‍රපටියක් මම උපසිරැසි එක්ක අරන් ආවා.චිත්‍රපටිය මොකක්ද කියලා මේව කොට ඔයාලා දන්නවනේ.මේ මගේ තුන්වැනි උපසිරැසි ගැන්විම.අවසනාවකට වගේ කලින් උපසිරැසි නම් සුම් එකෙන් මට නිකුත් කරන්න බැරි උනා.හරි එවා කමක් නෑ.මෙන්න දැන් කතාව.මේකට ඇත්තටම උපසිරැසි ගන්වන්න හිතුවේ මේකේ දෙවැනි චිත්‍රපටිය ඔන්න හෙට අනිද්දා නිකුත් වෙන්න හදන්නේ.ලංකාවෙත් පෙන්වනවද දන්නේ නෑ.කොහොමත් මාස දෙක තුනකින් ඔයාලට දෙවැනි එකත් බලන්න පුලුවන් වේවි.ඊට කලින් තේරේන සිංහලින් අපි පලවෙනි එක බැලුවොත් හොදයි කියලා හිතුනා.ඒක නිසා ඔන්න මම මේකට උපසිරැසි එකක් හැදුවා. කතාව කියන්නේ මුදල් වලට වැඩ කරන පිරිසක් ඉන්නවා ඔවුන් වටා තමයි ගතාව ගෙවෙන්නේ.චිත්‍රපටය පටන් ගත්ත ගමන්ම එයාලා කට්ටියක් බේරගන්න යන දර්ශනයක් තමයි බලන්න පුලුවන් වෙන්නේ.මෙයාලා ඒ වැඩේ සාර්ථකව නිම කරලා ඉන්න කොට තවත් වැඩක් ලැබෙනවා.ඒ එක්තරා ගමක පාලකයෙක් එම ගමේ මිනිසුන්ව යොදාගෙන මත්ද්‍රවය වැනි නිශ්පාදන කරන නිසා ඔහුව මරා දාන්න.මොවුන් මෙම වැඩේ බාරගෙන ඒ ගමට මුලින්ම යනවා ඔත්තුබලන්න.එතකොට එයාලට තේරේනවා වැඩේ බරපතල කම.මේක එසේ මෙසේ වැඩක් නෙමෙයි කියලා.ඉතින් එයාලා වැඩේ අතහරින්න හදනවා.නමුත් එක ඔවුන්ට කරන්න වෙන්නේ නෑ ඒ මොකද කියලා ඔයාලා කතාව බැලුවම තේරෙයි.මේක ක්‍රියාදාම කතාවක් නිසා වැඩිය කතාව කියන්න ගියොත් රසය නැති වෙනවා.එහෙනම් බලලා අදහසක් දිලා යන්න අමතක කරන්න එපා යාළුවනේ.එහෙනම් තවත් සුපිරි චිත්‍රපටියක් සමගින් අප මුණගැසෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රසාංග පෙරේරා විසිනි

No comments

Powered by Blogger.