Superman Returns [2006] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



Superman කියන චරිතය ලොවට දායාද කලේ DC කොමික්ස් කියන ලොව සුපතල කොමික්ස් ආයතනයයි. මේ චරිතය මුල් වරට හඳුන්වා දුන්නේ 1932 දී Jerry Siegel සහ Joe Shuster කියන නිර්මාණ ශිල්පින් දෙදෙනා විසිනුයි. ඒ එකල Detective Comics, Inc ලෙස හැඳින්වූ සහ අද DC කොමික්ස් කියන ආයතනයේ කොමික්ස් පොතකටයි. සුපර් මෑන් කියන්නේ පෘතුවියේ මනුෂයෙක් නෙමෙයි. කොමික් පොත් වල සඳහන් වන අයුරින් ඔහු පැවතෙන්නේ Krypton කියන ග්‍රහ ලෝකයෙන්. ඔහුගේ පියා විද්‍යාඥයෙක්. නමුත් ඔවුන්ගේ ග්‍රහ ලොවේ සිදුවෙන විනාශ වීමක් නිසා ඔහුව ඔහුගේ පියා කුඩා කාලයේදීම රොකට්ටුවකින් පෘතුවියට එවනු ලබනවා. පසුව පෘතුවියේ Smallville කියන කුඩා ගමේ ගොවිපල යුවලක් විසින් මේ ළමයට Clark Kent කියා නම තබා ඔහුව හදා වඩා ගන්නවා. නමුත් ටික කාලයක් යන විට ඔහුගේ විශේෂී හැකියාවන් පෙන්නුම් කරන්න පටන් ගන්නවා. පසුව ඔහු Daily Planet නම් වූ පුවත්පත් ආයතනයේ වැඩ කරනවා. 

මුල් වරට සුපර් මෑන් චරිතය මෝෂන් චිත්‍රපටියක් ලෙස නිකුත්වෙලා තියෙන්නේ. වර්ෂ 1978 දීයි. එතැන් පටන් Superman I, II, III, IV ලෙස කොටස් හතරක් 1987 වර්ෂය දක්වා තිරගත කරලා තියෙනවා. එහිදී ක්ලාර්ක් කෙන්ට් ගේ චරිතයට පණ දුන්නේ සුප්‍රසිද්ද නළු Christopher Reeve විසිනුයි. ඒ වගේම ක්ලාර්ක් කෙන්ට් ගේ Krypton කියන ග්‍රහ ලෝකයෙ පියා ලෙස රංගනය යෙදුනේ ලොව මහ සිනමා නළු Marlon Brando විසිනුයි. පසු කාලීනව ක්ලාර්ක් කෙන්ට් ගේ තරුණ අවදිය අලලා රුපවාහිනී කතා මාලවකුත් නිපන්දවනු ලැබුවා Smallville නමින්. කෙසේ නමුත් මේ චිත්‍රපටි මාලාවෙන් කලකට පස්සේ තමයි Superman Returns නම් වූ චිත්‍රපටය DC කොමික්ස් ආයතනය Warner Bros. Pictures සමඟ එකතු වී 2006 දී එලි දක්වන්නේ. මෙම චිත්‍රපටය නරඹනවානම් ඔබ අඩුම තරමින් Smallville කතා මාලාව වත් නරඹා නැතිනම්, මම කලින් කර තිබෙන විග්‍රහය ඔබට හුඟක්ම වැදගත් වෙනවා. මොකද මෙහිදී ක්ලාර්ක් කෙන්ට් සුපර් මෑන් වෙන්නේ කොහොමද කියල පෙන්වන්නේ නැහැ. චිත්‍රපටය පටන් ගන්නේ සුපර් මෑන් අවුරුදු පහක අතුරුදහන් වීමක් සමගින්. ඒ කාලය තුල අර මම කලින් සඳහන් කල Krypton ග්‍රහලොව ගැන විද්‍යාඥයන් සොයා ගන්නවා. පෘතුවිය තුළදීත් සුපර් මෑන් තමාගේ පියා සහ කතා බැහැ සහ තමාට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට භාවිතා කරන්නේ ක්‍රිස්ටල් (පළිඟු) සහිත භූමියක්. මෙම චිත්‍රපටයේ තවත් විශේෂී දෙයක් තියෙනවා, ඒ තමයි සිනමාවේ මහා සිනමා නළු වන 2004 වසරේදී මියගිය Marlon Brando ගේ රුපරමුවක් සහ ඔහුගේ දෙබසක් චිත්‍රපටයේ ආරම්භයේදී පෙන්වනු ලබනවා. එයත් හොඳින් බලන්න.

ලිපිය නිර්මාණය කිරීමට සහය දුන් Udara |රොකියා ට ස්තූතිවන්ත වෙන ගමන් උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.තවත් චිත්‍රපටයක් සමග ලගදීම හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි

No comments

Powered by Blogger.