The Illusionist [2006] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න මම මගේ තුන්වෙනි උපසිරසියත් ඔයාලත් එක්ක බෙදා ගන්නයි හදන්නේ .සූම් එකට එක දිගට උපසිරසි දෙන්න ආස උනත් අධ්‍යාපනික වැඩ කටයුතු නිසා මේවට වෙලාවක් වෙන්කරගන්න බොහොම අමාරුයි.කොහොමහරි ඔන්න මේකටනම් තිතටම සබ් දැම්මා.මේක ටිකක් පරණ වුනාට ගොඩක් දෙනෙක් බලල නැති නිර්මාණයක් කියල හිතුනු හින්දත් , හෙඩ්ස් අයියගේ යෝජනාවකටත් අනුවයි මේකට සබ් දාන්න තෝරාගත්තේ. ඉතින් මේ වගේ හැංගුණු නිර්මාණ ඔබට ලබා දෙන්නේ සූම් එකෙන් විතරයි කියන එකත් කියන එකත් කියන්න ඕනේ.මේ චිත්‍රපටය තිරගතවුනේ සිනමාවේ ස්වර්ණමය වසරක් වන 2006 වසරේදීයි.එම වසරේ ඔස්කාර් සම්මානයට නිර්දේශ වී ඇති මෙය තවත් සම්මාන 6 ක් ලබාගෙන තිබෙනවා.මෙය නිර්මාණය වන්නේ පසුගිය වසරේ ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත් වූ limitless හා තවත් නිර්මාණ ගනනාවක්ම බිහිකල Neil Burger විසිනුයි.තවද ලක්ෂ 2කට ආසන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරින් imdb ශ්‍රේනිගතකිරීම්ව 7.6 ක් ලබා ගැනීමට මෙය සමත්ව තිබෙනවා.

වේදිකාවක් උඩ මිනිහෙක් ඉන්නවා. ප්‍රේක්ෂකයන්ගේ ඇස් යොමුව ඇත්තේ ඔහු දෙසයි.එක් ක්ෂණයකින් මොවුන්ව ඔහුට ගොනාට ඇන්ඳීමට හැකිවුනොත් ඔවුන් විස්මයට පත්වී කෑ ගසාවි. ඒ තමා සාමාන්‍ය මැජික් එකක් කරන විදිහ. හැබැයි ඔහුට අසාමාන්‍ය මැජික් එකක් කරන්න පුලුවන් වුනොත් මිනිස්සු ඔහුට පිස්සු වැටේවි.ඔබ ඉදිරියේ කුඩා ඇටයකින් පැලයක් හටගෙන එයින්ගෙඩිත් හට ගත්තොත් ඔබ ඔබේ ඇස් විස්වාස කරනවද? අන්න ඒ විදිහේ මැජික් කාරයෙක් ගැන තම මේ කියන්න හදන්නේ. මිනිස්සු ඔහුට කියන්නේ ඉන්ද්‍රජාලික අයිස්න්හයිම් කියලා.ඇත්තටම කිව්වොත් මැජික් එකකින් තමන්ගේ ඉරණම වෙනස් කරගත්ත පුද්ගලයෙක්. මොහු කුඩාකාලයේ වංශාධිපති පවුලක ගෑනු ළමයෙක් එක්ක සම්බන්දකමක් ඇතිකරගන්නවා.මොහු කුඩා කාලයේදීම මොහුගේ මේ පෙම්වතිය තමාගෙන් දුරස් වෙනවා. ඉතින් එතනින් තමා ඔහුගේ ඉරණම වෙනස් වෙන්නේ. අවුරුදු ගානකට පස්සේ ඔහුට ඇයව නැවත මුණ ගැහෙද්දි ඇය බේරෙන්න බැරි තරම් ලොකු කරදර ගණනාවක පැටලිලා ඉන්නේ. ඉතින් මොහුට අයව කරදර වලින් ගලවාගන්න පුලුවන් වෙයිද?ඒ කොහොමද?මැජික් එකකින්ද ? ඇත්තටම මැජික් එකකින් එවැනි දෙයක් කළහැකිද?ඒක දැනගන්න නම් මේක බලන්නම වෙනවා. මම කලින් ඉහත සදහන් කරපු ආකාරයට ඔබව විස්මයට පත්කරවන සිද්දීන් ගනනාවක් මේ චිත්‍රපටයේ ඇතුලත් වෙනවා. සමහරවිට ඔබට මේකේ අතර මැදදී හිතේවි මෙය මෙසේ සිදුවිය යුතු නැහැ, මෙසේ අවසන් වියයුතු නැහැ කියල.අවසාන තප්පරය දක්වා බලන්න. ඔබත් රැවටුනාද කියල.ඔබ the prestige(2006) චිත්‍රපටයේ රසිකයෙක්න්ම් ඔබ මෙයත් නරඹනවා නො අනුමානයි.වර්තමානය වානිජකරණයට ලක්වුණු සිනමා ශ්‍රේෂ්ත්‍රයේ නමටත් , ප්‍රසිද්දියටත්ගැපෙන හරවත් සිනමා නිර්මාණ එලියට එන්නේ බොහොම අඩුවෙන් .ඔබත් නව නිර්මාණ නරබනවා නම් සමහර චිත්‍රපට වල නමේ,ප්‍රසිද්දියේ තියන තරම් වටිනාකමක් චිත්‍රපටයේ නැතිබව ඔබට තේරෙනවා ඇති.ඉතින් මේක ටිකක් පරණ වුනත් වටින් නිර්මාණයක්. ඒ වගේම ඔබ නැරබිය යුතුම ගනයේ චිත්‍රපටයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවින්ද්‍ර තෙන්නකෝන් විසිනි

No comments

Powered by Blogger.