U-571 [2000] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඉතින් , මතකනේ මගේ මුල්ම සබ් තුන මේ දෙන්නේ හතර වෙනි එක. මේක ඒලියන් ෆිල්ම් එකක් නම් නෙමෙයි. මේක මගේ හිත තදින් ඇඳ බැඳ ගත්තු ෆිල්ම් එකක්. කුතුහලය පිරුණු ෆිල්ම් එකක්. ෆිල්ම් එක U 571 මේක තිරගත වුනේ 2000 අවුරුද්දේ, දෙවැනි ලෝක යුධ සමයේ ජර්මනිය සතු ප්‍රබල අවියක් උනේ යූ බෝට්ටුව. මෙමගින් මිත්‍ර පාර්ශික නාවික හමුදාවන්ට ලොකු තර්ජනයක් එල්ල වුනා. එයට තවත් හේතුවක් උනේ යූ බෝට්ටු වල භාවිතාකළ සන්නිවේදන ක්‍රමය. එය කේතගත සන්නිවේදන ක්‍රමයක් උනා. එය විකේතනය කර ගන්නට මිත්‍ර පාර්ශික නාවික හමුදාවන්ට නොහැකි වුනු නිසා ඔවුන්ට‍ බොහෝ වන්දි ගෙවන්න සිද්දවුනා. එයට විරුද්දව කරන සටන් අඳුරේ අතපත ගෑමක් උනා. ඒකට තිබෙන එකම විසඳුම එම පණිවිඩ හුවමාරු යන්ත්‍රය සහ කේතන ලියකියවිලි අත්පත් කරගැනීම බව මිත්‍ර පාර්ශික නාවික හමුදාවන් අවබෝධ කරගත්තා. ඔවුන් උත්සාහ කළා එවැනි මෙහෙයුම් කරන්න. අන්න ඒ මෙහෙයුමක් තමයි මේ ෆිල්ම් එකට මූල බීජය වෙන්නේ. ෆිල්ම් එක බලලා කියන්න මම මේ ෆිල්ම් එකට සිංහල සබ් වලින් සාධාරණයක් ඉෂ්ට කරලා තියද කියලා. මොකද අපිට සාමාන්‍ය සමාජයේදී අහන්න නොලැබෙන, නාවික කටයුතු වලදී භාවිතා කරන වචන ගණනාවක් තිබුනා. ඒවා පරිවර්තනය බොහෝ අසීරු උනා. ඒ විතරක් නෙමෙයි මේකේ සමහර සබ් මම නිර්මාණය කළා. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි


No comments

Powered by Blogger.