Due Date [2010] සිංහල උපසිරැසි සමගින්


කාලෙකින් චිත්‍රපටියක් දුන්නෙ නැති හින්දා ඔන්න කොමඩියක් කට්ටියට දෙන්න හිතුනා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ ටොඩ් පිලිප්ස් විසින්. 2010 නොවැම්බර් පස් වෙනිදා නිකුත් වුන මේ චිතුපටිය මේ වන විට IMDBහි අගයන් වලින් 6.6 අරගෙන තියනවා. ඉතින් මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේIron Man චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපාන Robert Downey Jr. සහ කලින් දුන්න The Hangoverචිත්‍රපට වල හිටපු සුපිරිම කොමඩි චරිතයක් වන Zach Galifiankis තමයි. මෙම චිත්‍රපටය ඩොලර් 12,216,515ක මුදලක් චිත්‍රපටය නිකුත් කරපු දවසෙම උපයාගෙන තියෙනවා. ඒ වගේම මුල් සතිය තුල ඩොලර් 43,478,266ක් උපයාගෙන තියෙනවා. හරි එහෙනම් කතාව ටිකක් කියන්නම්.

පීටර් හයිග්මන් කියන කෙනාට දවස් පහක් ඇතුලත ලොස් ඇන්ජලීස් වලට යන්න උවමනා වෙනවා එයාගේ පළමු දරු උපත් වෙනුවෙන්. ඉතින් ඔහු අත්ලන්ටා වල ඉදලා පියාසර කරන්න හදද්දී එයාගේ ගමන් බෑගුයි, පසුම්බියයි එයා නැතිව ලොස් ඇන්ජලීස් වලට යවනවා. ඒ වගේම ගුවන් යානය ඇතුලත සිඳුවන සිද්ධියකින් එයාව පියාසර නොකරන මඟීන්ගේ ගොඩට බලධාරින් විසින් දානවා. ඉතින් ගුවන් යානයේදී හම්බවෙන යාළුවෙක් වෙනව කිව්වට යාලුවෙක් නෙමෙයි හතුරෙක් වගේ ඊතන් එක්ක මෙයාට සිද්ධ වෙනවා කාර් එකක නැඟලා එයාලගේ ගමන යන්න. ඒ අතර තුර සිද්ධ ඊතන්ට නින්ද යනවා. කොහොම හරි කාර් එක ලොකු පාලමකින් බිමට ඇඳ වැටෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්ණ රාෂියකට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඒ දෙන්නා අතර ඊතන්ගේ සුරතලා වන සනීද ඉන්නවා. ඊතන් කියන්නේ ගොඩක්ම මත්කුඩු වලට හුරුවෙලා ඉන්න වේදිකා රංගන ශිල්පියෙක්. ඉතින් මොවුන් මැක්සිකෝ ප්‍රාන්තය පහුකරගෙන යන්න හදද්දී සිදුවන සිඳුවීම් අනුව ඊතන් හොරෙන් පලා ගිහින් අන්තිමේඳී ඇවිත් පීටර්ව බේරගන්න විදිහ එහෙමනං මාරයි. කියන්න වචන නෑ...මම කියන්නේ අනිවාරයෙන්ම බලන්න ඕනි චිත්‍රපටයික් මේකනං. මොකද තමන්ගේ මුල් දරු උපත වෙනුවෙන් මේ මිනිහා ඒ කියන්නේ පීටර් මැරි මැරී ජීවත් වෙනවා. ඒ ඊතන්ගේ වැඩ හින්දා. මොකද ඊතන් තනිකරම පිස්සු කෙලින නිසා.  ඉතින් අන්තිමට ඊතන් අතින් පීටර්ට වෙඩි වඳිනවා. මේ ප්‍රශ්ණය කොහොමද මේ දෙන්නා නිරාකරණය කරගන්නේ කියලා බලන්න. හිනාවෙලා මැරෙන්න පුලුවන් තවත් චිත්‍රපටියක්.

සමහරක් වචනනම් ඉතින් ඒ ආකාරයෙන්ම සිංහලයට පරිවර්තනය කරන්න බැරිඋනා. මොකද එහෙම කරොත් එහෙම චිත්‍රපටිය වැඩිහිටියන්ට පමණක් නොවුනට සබ් එක වැඩිහිටියන්ට පමණක් වෙන හින්දා 

එහෙනම් ඉතින් හැමෝටම චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඔන්න මේක මගේ හත්වෙනි උපසිරැසි ගැන්වුම. මේ ආපු කාලය තුල වැරදි අඩුපාඩු තියෙන්න ඇති. උපදෙස් දීල, සුභ පතලා දිරිමත් කරපු හැමෝටමත්, උපසිරැසි බාගත්තු හැමෝටමත් ගොඩක් ස්තූතියි! කට්ටියටම එහෙනම් ජයම වේවා!!!


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි


No comments

Powered by Blogger.