Orange [2010] සිංහල උපසිරැසි සමග


එක දිගටම හින්දි ‍ෆිල්ම් අරගෙන ආපු හින්දා වෙනසකටත් එක්ක ඔන්න මම තෙලිඟු ‍ෆිල්ම් එකක් අරන් ආවා... තිබුන වැඩත් එක්ක මේක කරන්න ටික කාලයක් ගියා.. කොහොම උනත් අද තමයි වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න හම්බුනේ... ඒ වගේම මේක කරන්න තමයි මම සෑහෙන්න කට්ටක් කාපු ‍ෆිල්ම් එක... සමහර තැන්වලදි මට අලුතෙන්ම සබ් ලයින් ටිකකුත් හදන්න උනා... මම වැඩිපුර තෙලිඟු ‍ෆිල්ම් බලන්නෙ නැතිඋනත් මේක බලපු ගමන්ම මට හිතුනා මේකට සබ් කරන්නම ඕන කියලා... සාම්ප්‍රදායික තෙලිඟු සිනමාවෙන් බැහැරවෙලා ආදරය ගැන වෙනස්ම තේමාවකින් කථා කරන ‍ෆිල්ම් එකක් මේක... හරි ‍ෆිල්ම් එක ගැන කියනවා නම් මං ඒක මේ විදිහට කියන්නම්...

"මගේ නම රාම්... මම කවමදාකවත් බොරු කියන්නෙ නෑ... හැමවෙලේම ඇත්තයි මම කථා කරන්නෙ.. මම ගෑණු ළමයින් නම දෙනෙකුට ආදරේ කරා.. ඒ හැම ආදරයකින්ම මම තේරුම් ගත්තෙ එක දෙයයි... ඒක තමයි ජීවිත කාලෙ පුරාවටම ‍රැඳි ආදරයක් එහෙමත් නැත්නම් සදාකාලික ආදරයක් කියලා දෙයක් මේ ලෝකෙ නෑ... කවුරුහරි කියනවා නම් එයා ඔයාට ජීවිත කාලෙ පුරාවටම ආදරේ කරනවා කියලා ඒක පට්ටපල් බොරුවක්... මොකද මේ ලෝකෙ කාටවත් ජීවිත කාලෙ පුරාම ආදරේ කරන්න බෑ, කාටවත්ම බෑ... ආදරේ ජීවිත කාලෙටම නෙමෙයි පොඩි කාලෙකට විතරයි හොද... මට මෙහෙම කියන්න හේතු තියෙනවා... මොකද මම තමයි ලෝකෙ ශ්‍රේෂ්ඨතම ආදරවන්තයා..."

මේ කිව්වා ඇති නේද.. ඔයාලට මොකද හිතෙන්නෙ.. ආදරේ ඇත්තටම ටික කාලෙකට විතරද හොද.. කාටවත්ම ජීවිත කාලෙ පුරාම ආදරේ කරන්න බැරිද... එහෙනම් ඇයි ඒ... එතකොට කවුද මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආදරවන්තයා... ඔහු කියන දේ ඇත්තද... ඔයාලට ඒ ප්‍රශ්න හැම එකකටම උත්තර හොයාගන්න පුලුවන් මේ ‍ෆිල්ම් එක බලලම... ආදරේ ගැන මෙහෙම කථා කරාට මේකෙ වෙනස්ම විදිහේ ලස්සන ආදර කථාවක්.... එහෙනම් ආදරේ කරන, ආදරේ ලබන, ආදරේ විඳින හැමෝටම මේ ‍ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන් ඔන්න මම ගියා එහෙනම්... තවත් උපසි‍රැසි නිර්මාණයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු... ඔයාලා හැමදෙනාටම සුභ දවසක්!!



No comments

Powered by Blogger.