Raaz 2 The Mystery Continues සිංහල උපසිරැසි සමගින්


පහුගිය දවස් වල කට්ටියත් එක්ක එකතු වෙලා ලිබර්ටි එකේ මේ දවස්වල පෙන්වන Raaz 3 චිත්‍රපටිය බලන්න ගියා.ඔනන් ඕන බලලා ඉවර වෙද්දි අපිත් එක්ක ගිය කෙනෙක් කිව්වා ''මේක රාස් 2 එක තරම් ගතියක් නෑ නේද කියලා'' මට එතකොට තමයි මතක් උනේ එක මම ගොඩක් කාලේකට කලින් දෙන්න හිටියත් උපසිරැසි දෙන්න බැරි උනා කියලා.ඇත්තටම අලුතින් ආව Raaz 3 එකට වඩා 10ගුණයකින් Raaz 2 චිත්‍රපටියට නම් මම කැමැතියි.ඔබ Raaz 2 චිත්‍රපටිය තවමත් නැරඹුවේ නැත්ද එහෙනම් මෙන්න අද එක ඔබට නරඹන්න අවස්ථාව උදා වෙනවා.මම Raaz 3 එක බලන්න එපා කියන්නේ නෑ එකත් අනිවාර්යෙන්ම ඔබට ලගදිම බලන්න පුලුවන් වේවි හොද කොපියක් ආවම.නැත්නම් තවමත් සිනමා ශාලාවල තිරගත වෙනවා කැමති නම් ගිහින් බලන්නත් පුලුවන්.

Raaz කියන්නේ හොල්මන් චිත්‍රපටියක් බව අපි කවුරුත් දන්නවා.ඇත්තටම මට මේක බැලුවම හිත දේවල් ටිකක් කියන්න කැමති තමන් මොකක් හරි නරක වැඩක් වංචා සහගත වැඩක් කරනවා නම් අනිවාර්යෙන් කල් ගිහින් හරි එකට දඩුවම් ලැබෙනවා.හරියට මම දාපු සමහර ත්‍රෙඩ් පෙන්නලා මෙන්න අපිට බැනලා ඔකේ ඉන්නේ නපුරෝ වංචාකාරයෝ කියලා අනිත් අයගේ ඔලු වලට බොරු අතුලත් කරලා ඒ අයව තියාගන්න හදන අය තව ඉරිසියා කාරයෝ හොද මුණ පෙන්නලා අනිත් අතන් පිහියෙන් අනින මිනිස්සු ඕන තරමක් ඉන්නවනේ.බොරු කරන්න කරන්න වංචා කරන්න කරන්න අනිත් අයට බොරු කියන්න කියන්න වාසි වෙනවා හැබැයි එවා තාවකාලිකයි.අර කතාවක් තියනවා නේ කකුළුවා වතුර නටනකම් ඌ හොදට ඉන්නවා කියලා.ඒ වගේ තමයිටික කාලයක් ඔය විදියට ඉදියි එත් කරපු නරක දේවල් වලට කේලම් වලට පව් පල දෙන්න ගත්තම තමන්ට කවදාවත් බේරිලා ඉන්න නම් බැරිවෙනවා. අනිවාර්යෙන් කවදා හරි එක වෙනවා.මේ කතන්දරේ කිව්වේ මේ වගේ කතාවක් තමයි චිත්‍රපටිය පුරාවට ගෙතෙන්නේ.

චිත්‍රපටියේ කතාව කෙටියෙන් කියන්නම් නන්දිතා කියන්නේ නිරුපණ ශිල්පිනියක් නන්දිතාගේ පෙම්වතා තමයි යෂ් කියන්නේ ඔහු නිවේදයකයෙක් වැඩසටහන් නිශ්පාදන වරයෙක්.මේ කතාවේ තවත් චරිතයක් ඉන්නවා ඔහු ප්‍රතෘවි.එයා කලාකාරයෙක්.ඔහු හිටි හැටියේ මනසට චිත්‍රවගයක් මැවෙන්න ගන්නවා ඒ චිත්‍ර වල අදින රැපය වගේම කෙනෙක් තමයි නන්දිතා ගේ පෙනුමත්.දවසක් ප්‍රතෘවිට නන්දිතාව මුණ ගැහෙනවා.ඔහු ඇත්තටම මවිත වෙනවා තමන්ගේ හිතට එන චිත්‍රවල රුපේ තියන ඇත්තම කෙනෙක් ඉන්නවා දැක්කම.ප්‍රතෘවි ට හිතෙන හැමදේම එයා චිත්‍රයට නගනවා ඒ නගන හැම චිත්‍රයක්ම සැබැවට පත්වෙනවා.මේ අතර නන්දිතාට විකාර දේවල් පෙන්න ගන්නවා හොල්මන් වගේ දෙවල් නන්දිතා එයාගේ පෙම්වතා යශ් ට මේ ගැන කිව්වත් ඔහු තැකිමක් කරන්නේ නෑ. ඔහු හිතන්නේ හොල්මන් කියලා දෙයක් නැහැ කියලා.නමුත් ප්‍රතෘවි මේ දෙවල් සිද්දවෙන්නේ යම් කිසි හේතුවක් නිසා බව සොයාගන්නවා.ඇත්තටම එහෙම වෙන්නේ ඇයි ප්‍රතෘවිගේ හිතේ ඇදෙන රුප සියල්ලම හැබැ වෙන්නේ ඇයි? නන්දිතා හා මේ අභිරහස අතර ඇති සම්බන්ධය කුමක්ද? සියල්ල හෙලි කරගන්න මේ චිත්‍රපටිය නරඔන්න.

ඔබ නොදන්න කරුණු කිහිපයක් තව සටහන් කරන්නම්.මේ චිත්‍රපටිය ඉන්දියාවේ තහනමට ලක්කලා.ඒ නිරුවත් දර්ශනයක් චිත්‍රපටියට ඇතුලත් විම හේතුවෙන්.ඒ දර්ශනයේ වෙන්නේ ගැණු කෙනෙක් බාත්ටබ් එකක නානා ඉන්න කොට හොල්මන් අත්දෙකක් ඇවිත් ඇයව බාත්ටබ් එකේ වතුරේ ගිල්වලා මරන්න හදන කොට ඇය එයින් මිදිලා දුවන දර්ශනයක්.මේ දර්ශනය චිත්‍රපටියට ඇතුලත් විම නිසා මහත්ආන්දෝලනාත්ම තත්වයක් ඇති උනා.
පසුව මේ රාස් චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරපු අධ්‍යක්ෂක වරයා එම දර්ශනය චිත්‍රපටියෙක් ඉවත් කරන්න කටයුතු කලා වගේම ඒ දර්ශන වෙනත් අයුරින් චිත්‍රපටයට ඇතුලත් කලා.අන්න ඒ විදියට දාපු එකනම් මේ චිත්‍රපටියේ තියනවා.බයවෙන්න දෙයක් නෑ පවුලේ හැමෝම එකතු වෙලා මේක නරඹන්න පුලුවන්.ඒ වගේම මේ චිත්‍රපටියේ තිබුන ගිත සියල්ල අතිශයින් ජනප්‍රිය උනා.ඇතැම් විට ඔබ මෙහි ගිත අහලත් ඇති.චිත්‍රපටිය බලද්දි ඔබට මතක් වේවි.
එවා හිතට දැනෙන අයුරින් සියල්ලම මම උපසිරැසි ගන්වලා තියෙන්නේ.මේ ගිත කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් මේ චිත්‍රපටියේ අයම විසින් මේ ගිත නැවත නිර්මාණය කරලා වෙනම රුපරචනාද ඒ වෙනුවෙන් අලුතින් කරලා තියනවා.විස්තර ගොඩක් කිව්වා නේද.එහෙමනම් ඔබත් මේ චිත්‍රපටිය රසවිදින ගමන් කැමතිනම් අදහසක් දක්වන්න.කිසිම බල කිරිමක් නැහැ.කමෙන්ට් නැත්නම් චිත්‍රපටි උපසිරැසි ගන්වන එක නවත්වන්නේ වත් ඔබ අදහසක් දක්වන්නේ නැතුව චිත්‍රපටිය ඩවුන්ලොඩ් කරගෙන ගියා කියලා ඔබ කුහකයි කියන්නෙවත් නෑ.ඔබට චිත්‍රපටිය රසවිදලා අවසානයේ ඔබගේ මුවගේ හිනාවක් නැගෙනවා නම් හරි ඔබට සතුටක් දැනුනා නම් හරි ඒ මට හොදටම ප්‍රමාණවත්.ගිහින් එන්නම් සුභ දවසක්.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි




No comments

Powered by Blogger.