Alcatraz [2012] Season 1 Episode 6 සිංහල උපසිරැසි සමඟ



ආයුබෝවන් යාළුවනේ ඔන්න මම පොරොන්දු වෙච්ච විදිහටම අල්කට්රාස් වට හයවෙනි කොටසේ සිංහල උපසිරැසියත් ඔයාලත් එක්ක බෙදා ගන්නයි හදන්නේ. මේ කොටසටත් අපේ සවිඳ මල්ලිගේ සහයෝගයත් ලැබුනා. එයත් මේකේ ලයින් 345 කට විතර උපසිරැසි යෙදුවා. ආ තව දෙයක් මේක මගේ 24 වෙනි නිර්මාන කාර්යය. ඉතිං මගේ උපසිරැසි නිර්මාන 24 ඇතුලේ චිත්‍රපට 17 ක් සහ අල්කට්රාස් රූපවාහිනී කතා මාලාවේ කොටස් 06 කුත් (අද දෙන මේ කොටසත් ඇතුළුව) රෙවලූෂන් රූපවාහිනී කතා මාලාවේ 01 වෙනි කොටසත් අන්තර්ගත වෙනවා.

ඉතිං මේ වගේ උපසිරැසි නිර්මාණ කරගෙන යන්න මාව දිරිමත් කරපු රසික ඔබසැමට මාගේ හර්දයාංගම ස්තූතිය පුද කරනවා. ඒ වගේම මගේ මේ උපසිරැසි නිර්මාණ ඔයාලත් එක්ක බෙදාගන්න ඉඩ ප්‍රස්ථාව ලබාදීපු අපේ සූම් වෙබ් අඩවියේ හෙඩ්ස්ව මේ වෙලාවේ මම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ උපසිරැසි නිර්මාණකරනයේදී මාගේ උපසිරැසි වලට දායකත්වය ලබාදීපු හසිතා මහේෂි සොයුරියටත්, 
ඉසුරු මධුසංග පෙරේරා සොයුරාටත් අල්කට්රාස් කතාමාලාවට මේ දක්වා සහය දීපු සවිඳ බිම්සර සොයුරාටත් මාගේ ස්තූතිය පුද කරනවා.ඒ වගේම මට මේ දේ කරගෙන යන්න නිරතුරුවම දිරිමත් කල අපේ උපසිරැසි කන්ඩායමේ සියළුම සාමාජික, සාමාජිකාවන්ටත් මාගේ ස්තූතිය පුද කරනවා. එහෙනම් වෙනදා වගේම මෙදාපාර කොටස ගැනත් මම වැඩි යමක් කියන්න යන්නේ නෑ. කොහොම උනත් මෙදාපාර කොටසෙන් වර්තමානයට එන්නේ 1960 ගනන් වල විශාල වශයෙන් බිම් බෝම්බ අටවන්නෙක් ලෙස අපරාධ ගනනාවක්ම කරපු පැක්සන් පෙටී කියන අපරාධ කාරයයි. රෙබෙකා මැඩ්සන් ඇතුළු කණ්ඩායමට මොහුව කොටුකර ගන්න මොනවගේ උත්සහයක් දරන්න වෙනවද කියලා මේ කොටස බාගත කරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා. ආ තව දෙයක් මෙම කතා මාලාවේ ඉදිරි කොටස් ටික අපේ තවත් සුපිරි වීරයෙක් වනක තාරක විසින් ලබාදෙන්න පොරොන්දු වෙලා ඉන්නවා. මගේ රාජකාරී බහුලත්වය නිසා ටික දිනකට මෙම කතා මාලාවට උපසිරැසි ගන්වන්න නොලැබෙන එක ගැන මම කනගාටු වෙනවා. ඉදිරියේදී ලෝකය පුරා ජනප්‍රිය වෙච්ච ලස්සන චිත්‍රපටයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා.හැමෝටම ජය සහ සතුට.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චිසමඟ සවිඳ බිම්සර විසිනි

No comments

Powered by Blogger.