BILLA [2007] සිංහල උපසිරැසි සමගින්


මම ඉංග්‍රීසි චිත්‍රපටිමනේ දුන්නේ. ඒක නිසා වෙනසකටත් එක්ක වගේම අද දවසටත් ගැලපෙන්න දමිළ චිත්‍රපටයක් දෙන්න හිතුනා. චිත්‍රපටිය Billa(බිල්ලා). මේකෙ දෙවෙනි කොටසත් ඇවිල්ලයි තියෙන්නේ. ඉතිං මේ චිත්‍රපටිය තිරගත උනේ 2007ඳී. IDMB එකේ රේටින්ග්ස් 7.2ක් අරගෙන තියෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ විශ්ණුවර්ධන්. ප්‍රධාන පෙලේ නළු නිලියන් වන අජිත් කුමාර්, නමිතා, ප්‍රභූ කියන අයත් මේකට සහභාගි වෙනවා. අජිත් කුමාර් තමයි බිල්ලාගේ චරිතයට පණ පොවන්නේ.

කතාව ටිකක් කියන්නමකො එහෙනම්. බිල්ලා කියන්නේ ලෝකයේම ඉතා දරුණු ගනයේ අපරාධකාරයෙක්. ලෝකය වටේම මෙයාගෙ සේවකයන් එහෙමත් නැත්නම් සම්භන්ධතා තියෙනවා. ඉතිං කොහොම හරි පොලිසියේ උපනිළධාරී ජේ ප්‍රකාශ් කියන පොලිස් නිළධාරියා මේ බිල්ලාව අත්තඩංගුවට ගන්න සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. නමුත් හැම වතාවකදී වගේම මේ වතාවෙත් බිල්ලා පැනල යනවා. ඒත් හිතන්නෙ නැති විදිහට බිල්ලා බේරිල පැනල යන වාහනේ පාලමක හැප්පිලා මේ බිල්ලාව පහළට වැටෙනවා. කොච්චර පොලිසියෙන් ඇවිත් හෙව්වත් බිල්ලාව හම්බවෙන්නෙ නෑ. ඒත් බිල්ලා ජේ ප්‍රකාෂ් නිළධාරියාගේ වාහනේට ඒ වෙද්දී හොරෙන් ඇතුල් වෙලයි හිටියේ. කොහොම හරි ඉතිං කාර් එකට බිල්ලා නගිද්දී වෙඩි වැදිලා, තුවාල වෙලා තමයි ඉන්නේ. බිල්ලයි, නිළධාරියයි කාර් එකේදී සිඳුවන උණුසුම් කතාව අතරතුර එක පාරටම පොලිස් නිළධාරියා කාර් එකේ තිරිංග තද කරනවා. බිල්ලා ඉස්සරහ වීදුරුව කඩාගෙන වාහනෙන් එලියට වැටෙනවා. මේ සිද්ධිය හේතුවෙන් බිල්ලා මරණයට පත්වෙනවා. පොලිස් නිළධාරියා බලාපොරොත්තු වුනේ බිල්ලාව අල්ලගෙන එයාගෙ කණ්ඩායම ගැන තොරතුරු ලබා ගන්නයි. බිල්ලා මැරුණ නිසා කාටවත්ම කියන්නෙ නැතිව බිල්ලාව වලදාලා බිල්ලා වගේම රූපයක් තියෙන වේලු කියන කෙනාව බිල්ලා විදිහට පුරුදු පුහුණු කරවනවා. ඒ කොටසටනම් මාත් හෙණටම ආසයි. කොහොම හරි ඉතිං බිල්ලා වගේ ඊට පස්සේ මේ වේලු වැඩ කරන්න ගන්නවා. ඒ අතර පොලසියෙත් බිල්ලාගේ කන්ඩායාමට තොරතුරු සපයන ජඩේෂ් කියන කෛනක් ඉන්නවා. මොහුව අල්ලගන්න තමයි බිල්ලාට පස්සේ කට්ටියම සැලසුම් කරේ. බිල්ලාගේ කණ්ඩායමේ සියළුම තොරතුරු පොලිසියට ඒ කියන්නේ ප්‍රකාශ් නිළධාරියාට කියන්න ගන්නවා. ඒත් එක මෙහෙයුමකින් මේ ජේ ප්‍රකාශ් කියන පොලිස් නිළධාරියාට වෙඩි වැදුනෙවා. මේ හේතුව නිසා අහිංසක වේලුට තමුන් වේලු කියල ඔප්පු කරන්න විදිහක් නැතිවෙනවා. මොකද ප්‍රකාශ් විතරයි එයා බිල්ලා නෙමෙයි වේලු කියල දැනගෙන හිටියේ... මෙතන ඉදන් වේලු තමන් බිල්ලා නෙමෙයි කියන දේ ඔප්පු කරන්න දරන වෑයම දැනගන්නනම් ඔයා චිත්‍රපටිය බලන්න. 

චිත්‍රපටියේ ගොඩක් සටන් ජවනිකා ඇතුලත් වෙලා තියෙනවා. ඒ වගේම බිල්ලා කියන පුද්ගලයාගේ බුද්ධිමත්කමයි දක්ෂකමයි මනාව ඉස්මතු කරන්න මේ චිත්‍රපටියෙන් හැකියාව ලැබිල තියෙනවා. ඒ වගේම මේක මගේ දහහවෙනි උපසිරැසි ගැන්වුම. තාම ඉතිං හැදීගෙන එන පොඩි එකෙක් වගේනෙ. අඩුපාඩු, වැරදි තියෙනවනම් සමාව ටිකක් භාජනය කරන්න කියලත් ආයාචනා කරනවා. කලින් උපසිරැසි වලට අදහස් දක්වමු, නොදක්වපු හැමෝටමත්, බාගත්තු හැමෝටමත් ගොඩක් ස්තූතියි. එහෙනම් අලුත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔයාල හැමෝටම ජයවේවා!! 


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි


No comments

Powered by Blogger.