Raaz 3 [2012] සිංහල උපසිරැසි සමගින්


රාස් චිත්‍රපට මාලාවේ 3වැනි චිත්‍රපටිය තමයි අද අරගෙන ආවේ.මුලින්ම මතක් කරන්න දෙයක් තියනවා මේ නිකුත් වෙලා තියන කොපි සියල්ල VCD කොපි.මේවාගේ ගුණාත්මක භාවය 5/10 ක් වගේ දෙන්න පුලුවන්.නිකම් බොරුවට ඔයාලට මේ කොපිය හොදයි කියලා දෙන්න උවමනා නෑ.මේක දෙන්න හිතුවේ බලන්න උවමනාම කට්ටියට දෙන්න.මේ කොපි සියල්ල නිකුත් වෙලා දැන් සතියක කාලයක් විතරත් වෙනවා.අද ඊයේ ආව කොපි නෙමෙයි.ඒක නිසායි ලැබුන ඉල්ලිම් නිසායි මේ කොපි එක බලන්නම ඕන අයට උපසිරැසි දෙන්න හිතුවා.හැබැයි මම යොජනා කරනවා DVD RIP එනකම් කැමතිනම් රැදි සිටින්න කියලා.


මම ගොඩක්ම ආස කරන නළුවෙක් තමයි ඉම්රාන් හෂ්මි කියන්නේ.ඔහුගේ චිත්‍රපටි වල මොනා උනත් හිතට වදින කතාවක් තියනවා.ඒ නිසාමයි වෙන්න ඇති සුම් එකෙත් ඔහුගේ චිත්‍රපටි ගොඩක් තියෙන්නේ.ඒ අතරට මම උපසිරැසි ගන්වපු Jannat 2 RAAZ 2 [2009]වගේම මහේෂි උපසිරැසි ගන්වපු Murder Shanghai [2012] වගේම ලගදි අපේ චමිර උපසිරැසි දුන්න Awaarapan [2007] චිත්‍රපටිය.මම කලිනුත් කිව්වා වගේ මම මේකේ දෙවැනි චිත්‍රපටිය වන 
චිත්‍රපටිය RAAZ 2 [2009] සිංහල උපසිරැසි එක්ක ඔබට සමිප කලා මතක ඇති.කතා දෙකේ සම්බන්ධයක් නැති උනත් ඔබ ඒ කතාවත් නැරඹලා නැත්නම් අරන් බලන්න.
රාස් 3 චිත්‍රපටියේ කතාව මේකයි ශෙනායා යනු අහංකාර නිළියක් ඇයට හොදම නිළිය සම්මානය මගහැරි යනවා සංජනා නම් නිළියක් නිසා මැය ඒකට පලිගන්න
හදන්නේ හොද විදියකට නම් නෙමෙයි.ඇය සංජනාගෙන් පලිගන්න නපුරු බලවේග වලින් උදව් ගන්නවා.සංජනාට මේ නිසා විශලා කරදර වලට මුණ දෙන්න වෙනවා.
කතාවේ ඉතුරු ටික ඔබ අරන් බලන්න.මේ චිත්‍රපටියේ අවසාන ටිකේ උපසිරැසි තිබුනේ නෑ.මම පුලුවන් විදියට හින්දි වචන අහලා ඒ ටික උපසිරැසි ගැන්විම් කලා.
හොද විදියට චිත්‍රපටිය බලන්න කැමැති අය DVD RIP එනකම් ඉන්න.මොකද ඩිවිඩි රිප් පැමිණි විගස ඔබට මම ඒක සමිප කරන්න පොරොන්දු වෙනවා.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත සමඟ හසිතා මහේෂි විසිනි


1 comment:

  1. ඉම්රාන් හෂ්මි ඉන්න ට්‍රේන් කියන හින්දි මූවි එකත් මරු.මේකත් බාගෙන බලන්න ඕනේ.ස්තූතියි

    ReplyDelete

Powered by Blogger.