Rush [2012] සිංහල උපසිරැසි සමගින්


මේ මාසයේ මගේ 11වැනි උපසිරැසි ගැන්විම හා මගේ 48වැනි උපසිරැසි එක අරගෙන තමයි ආවේ.එකත් මම කැමතිම නළුවෙක්ගේ චිත්‍රපටියක් එක්ක.මම හින්දි උපසිරැසි ගන්වන්න පටන්ගත්තෙම Murder 2 චිත්‍රපටියෙන්. එකෙත් රගපැවේ ඉම්රාන් හෂ්මි.මගේ ගැන ගොඩක් අය දැනගත්තෙත් ඒ චිත්‍රපටියත් එක්ක කියලා මට දැනගන්න ලැබුනා.මේ චිත්‍රපටිය අපේ දර්ශන බාරගත්ත එකක්.එත් මේ දවස්වල එයා කාර්යබහුල නිසා මට අද උදේ අහලා එවලා තිබ්බා මේකට සබ් එක කරන්න කියලා.ඒ නිසා කරලා දුන්නා.ඉක්මනට දුන්නා කියලා මම මේකේ සිංදු මගහැරියේ නැහැ.එහෙම නම් අද දවල්ම මට දෙන්න තිබ්බා.ඔයාලා දන්නවනේ සබ් එකේ ගිත උපසිරැසි තිබ්බත් නැතත් අනිවාර්යෙන් හදලා දෙන්න අපි උත්සහා කරනවා කියලා.මතක ඇතිනේ ගිත උපසිරැසි නැතුව ආව Ekk Deewana Tha [2012] චිත්‍රපටිය අපි දුන්නා.මෙකෙත් ලස්සන සිංදු කිහිපයක්ම තියනවා.ඊම්රාන් හෂ්මි ඉන්න ගොඩක් ෆිල්ම් වල සිංදු ලස්සනයි.ඒ වගේම චිත්‍රපටියේ අවසානයේ ලස්සන සිංදුවක් තියනවා.ඒ සිංදුවටත් මම උපසිරැසි කරලා ඇති.මම කැමැති ඔයාලා මුළු ෆිල්ම් එකම රසවිදිනවා බලන්නයි.

චිත්‍රපටියේ කතාව වෙන්නේ සමිර් (ඉම්රාන් හෂ්මි) පුවත් වාර්තාකරුවෙක්. මොහු දවස් වැඩ සටහනක් කරනවා. මතකද අපෙත් ඉස්ස වැඩසටහනක් විකාශනය උනා තිත්ත ඇත්ත කියලා. අපරාධකාරයෙක් ගෙනල්ලා මුණ වහලා කතා කරන්නේ.අන්න ඒ වගේ වැඩසටහනක් කරනවා.හැබැයි මේ වැඩසටහනේ සිදුවෙන සිදුවිමක් නිසා සමිර්ට තමන්ගේ රස්සාවත් නැතිවෙනවා.මොහුට ඊට පස්සේ ඉන්දියාවේ අපරාධ ගැන වාර්තා කරන ක්‍රයිම් 24 කියලා චැනල් එකකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ආරාධනාවක් ලැබෙනවා.සමිර් එක බාරගන්නවා.නමුත් ඔහු මේ ගත්ත තිරණය ජිවිතේ ලොකු පෙරලියක් ඇති කරන්න පටන්ගන්නවා.ඒ හොද පැත්තක් නෙමෙයි නරක දෙයක් වෙනුවෙන්..මේ මොකක්ද කියලා ඔයාලා අරගෙනම බලන්න.මේක ලංකාවේ ලිබර්ටි සිනමාහලේ පවා අතිසාර්ථක ලෙස තිරගත උනා.එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම මගේ 50වැනි උපසිරැසියත් මේ සතියේ ඇතුළත ඔයාලට දෙන්න පොරොන්දු වෙනවා.වෙනසක් කරන්න හිතනවා බලමු ඒ වෙනස කරන්න පුලුවන් වෙයිද කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මහේෂි කපුගමගේ විසිනි



No comments

Powered by Blogger.