Anaconda 3: Offspring [2008] සිංහල උපසිරැසි සමගින්



ඔන්න මම කිව්වා වගේ Special Collection එකේ අංක 6 හැටියට Anaconda තුන්වන චිත්‍රපටිය අරගෙන ආවා. මේ චිත්‍රපටියේ තියෙන්නේ වෙනස්ම කතාවක්. ඒ වෙනස හින්දද මන්දා මේ චිත්‍රපටිය කලින් චිත්‍රපටි තරම් ප්‍රතිචාර දිනාගත්තේ නෑ, අපි දන්නා දක්ෂ නළුවෙක් වන, Knight Rider කතාමාලාවේ ප්‍රධාන නළුවා වන David Hasselhoff තමයි මේ චිත්‍රපටයේත් ප්‍රධාන නළුවා වෙන්නේ. මේ චිත්‍රපටිය එහි නිර්මාණකරුවන් හිතපු තරම් ජනප්‍රිය නොවුනේ කතාවේ ඇති අතාත්වික ගතිය නිසාද කියලා මට හිතෙනවා. ඒත් මීට කලින් චිත්‍රපටි දෙකම හොඳ ප්‍රතිචාර දිනාගෙන, ඇනකොන්ඩා කියන නම ලෝ සුපතල කළ නිසා මේ චිත්‍රපටියත් යම් පමණකට ජනප්‍රිය භාවයක් ලැබුවා. 

කතාව මෙහෙමයි, එක් ඇමරිකානු පර්යේෂක සමාගමක් විසින් ඇනකොන්ඩා දෙවන චිත්‍රපටියේදී සොයාගත් ඕකිඩ් මල් විශේෂය සොයාගෙන එයින් අත්හදාබැලීම් සිදුකරනවා. ඒ අත්හදාබැලීම්වලට අනුව ඔවුන් කෘතීම ඇනකොන්ඩා සර්පයෙක් නිපදවනවා. ඒත් හදිසි අනතුරකින් ඒ සර්පයා පර්යේෂණාගාරයේ සියලු දෙනාවත් මරා එයින් එළියට පැමිණෙනවා. ඉන්පසු ඌ සොයාගෙන රහසේ කණ්ඩායමක් පිටත් වෙනවා. මේ කණ්ඩායමත් අවසානයේ මේ සර්පයාට ගොදුරු වෙනවා. එක් සර්පයෙක් නම් මොනවා හරි කරන්න බැරියැ... පස්සේ මේ මහ සර්පයා ප්‍රසූතියකින් පැටවු බිහිකරනවා. අන්තිමට මේ මහා ව්‍යසනයෙන් ගැලවී සර්පයින් මරාදැමීමට එක් අයෙක් සමත් වෙනවා. ඒත් ඒ හැම සර්පයෙක්ම මිය යන්නේ නැතිබව අවසානයේ තහවුරු වෙනවා. ඒ සර්පයින්ගේ ඊලඟ ව්‍යසනය මොකක්ද කියලා ඇනකොන්ඩා සිව්වන චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්. ඒකත් ඉක්මනට අරන් එනකම් මේ චිත්‍රපටිය බලන්නකෝ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි



No comments

Powered by Blogger.