Anacondas 4-Trail of Blood [2009] සිංහල උපසිරැසි සමගින්


මෙන්න මගේ Special Collection එකේ අංක 7 අරගෙන ආවා. මතකනේ මම කිව්වා ඇනකොන්ඩා තුන්වැනි එකෙන් කතාව ඉවර වෙන්නේ නෑ කියලා... මේක තමයි අවසාන ඇනකොන්ඩා චිත්‍රපටිය. තුන්වැනි චිත්‍රපටිය අවසන් වෙන තැනින් තමයි මේක පටන්ගන්නේ. ඒ කියන්නේ චිත්‍රපටි දෙකම යන්නේ එකම කතාවේ කොටස් දෙකක් හැටියට. 

මතක ඇති ඇනකොන්ඩා 3 එකේදි සර්පයාට සම්බන්ධ හැම දෙයක්ම විනාශ වෙන්නේ නෑ. එක් විද්‍යාඥයෙක් අර ඕකිඩ් මල්වලින් විශේෂ රසායනික ද්‍රව්‍යයක් හදනවා. ඒකෙන් මිනිසුන්ට අමරණීයත්වය ලැබෙන බව ඔවුන් විශ්වාස කරනවා. ඒක ගන්න බලාගෙන ඉන්න ධනවත් ව්‍යාපාරිකයෙක් මිනිසුන් ගණ්ඩායමක් යවනවා ඒ රසායනිකය හොයාගෙන එන්න. ඒ අතරතුරදී කැලෑවේ කැණීම් කටයුතුවලට යන තවත් පිරිසක් ඉන්නවා. මොවුන් හැමෝම අන්තිමට ඇනකොන්ඩා සර්පයාට අහුවෙනවා. මේ හැම දෙයක්ම අවසන් වෙන හැටි මේ කතාව තුලින් ඔයාලට බලාගන්න පුළුවන්. 

කලින් චිත්‍රපටිවලටත් ප්‍රතිචාර දැක්වූ හැමෝටම ගොඩක් ස්තුතියි. මම උත්සාහා කළේ දැනට ටොරන්ට් ෆයිල් හොයාගන්න අමාරු වගේම සමහර විට ඔයාලා මේ චිත්‍රපටි තියනවා කියලා නොදන්නවා වෙන්නත් පුලුවන් ඒ වගේ ඔයාලා බැලිය යුතුයි කියලා හිතෙන චිත්‍රපටිවල හොඳ ටොරන්ට් ෆයිල් හොයාදීලා ඒවා රසවිඳින්න ඉඩදෙන එකයි. එක් එක් අය කැමති චිත්‍රපටි වෙනස්නේ... ඉතින් ඒ වගේ වෙනසක් කරන්නත් එක්ක තමයි මගේ Special Collection එක අරගෙන ආවේ. මේ චිත්‍රපටි 3 හා 4 වල රේටින් මදිවෙලා තියෙන්නේ එක ඇමරිකාවේ රුපවාහිනි නාලිකාවල විකාශනය කරගන්න ගත්ත චිත්‍රපටියක් නිසා ගොඩක් අය චිත්‍රපටිය ගැන නොදන්න නිසා.ඔයාලා 3වැනි එක බැලුවා නම් දකින්න ඇති එකේ කතා රසය හා ගලායාමේ නම් වරදක් නොමැති බව.එහෙනම් තවත් හොඳ චිත්‍රපටි එකතුවකින් හමුවෙමු...

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි



No comments

Powered by Blogger.